ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර දින 11 ක් තිස්සේ පැවැති ගැටුම් අවසන් විය. ඒ, දෙපාර්ශ්වයම සටන් විරාමයකයට කැමැත්ත පළ කළ බැවිනි.
සටන් විරාමයකට දෙපාර්ශ්වය කැමැති කරගෙන ඇත්තේ ඊජිප්තුව මැදහත්කරුවකු ලෙස කටයුතු කිරීමෙන් යැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
ඊජිප්තු නියෝජිතයන්, පලස්තීනයේ හමාස් නියෝජිතයන් සහ ඊශ්‍රායල රජයේත් හමුදාවේත් නිලධාරීන් හමුවීමෙන් පසු සටන් විරාමයට කැමැත්ත හිමිවුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
දින 11 ක් තිස්සේ පැවැති ගැටුම්වලින් පලස්තීනුවන් 233 දෙනෙකු මියගිය බවත් ඔවුන්ගෙන් 65 දෙනකු කුඩා දරුවන් බවත් පැවැසෙයි.
ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ජෙරුසලමේදීය (අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊස්‍රායලයට අමෙරිකාව උදව්කරනවා.. මැදපෙරදිග බලය රැකගන්න. පලස්තීනය තේරුමක් නැති යුද්ධයකට පැටලිලා ජීවිත දේපල රැසක් විනාශ කරගත්තා.