(අජන්ත කුමාර අගලකඩ)
ඉස්ලාම් අධ්‍යාපනය නියාමනය සඳහා කොමිසමක් පත්කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට ඉදිරිපත් කරන ලද කැබිනට් සන්දේශයකට ඊයේ(07) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.
එම නියාමන කොමිසම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත විය යුතු බවටද යෝජනා කර ඇත.
සතියේ අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති අතර, එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
මෙවර කැබිනට් රැස්වීමට ඇමැතිවරුන්ගේ සහභාගීත්වයේ අඩුවක් පැවති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියහම මහා ජාතිය මුස්ලිම්ද ?, මහා ජාතියේ ප්‍රශ්න විසදන්නේ නැතිව මේ අය නටන නාඩගම මොකක්ද තවත් අවුරුදු 5ක් රට කන්න එපා එක ජාතික අපරාදයක්,
ඕකට කියන්නේ අරාබිකරණය කියලා, මොනවා කිව්වත් අපේ අය 225ම අරාබියට බයයි... එ්කද ඇත්ත? බලන්නකෝ, සෞදියට ඇවිත් ජාතිවාදය කියන්නේ මොකක්ද කියලා..? මතකද අපේ තුංගසිරිට කසපාර දුන්නා සෞදියේදී බුදු පහන තියපු නිසා. එ්ක ජාතිවාදය නෙමේද? මගේ මතේ නම් ලෝකෙටම තර්ජනයක් වුණු මුස්ලිම් පල්ලි තහනම් කළ යුතුයි. ඒ ඉඩම් රජයට පවරාගත යුතුයි.