ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව අනුකම්පා විරහිත සටනක් ගෙන යන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් අද (8) ප්‍රකාශ කළේය.
ප්‍රංශ පොලිස් නිලධාරියකු කළ පිහි ප්‍රහාරයකින් මරුමුවට පත්වූ පොලිස් නිලධාරීන් සිවුදෙනාට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ජනාධිපති මැක්රෝන් ඒ බව කීවේය
ප්‍රංශ පොලිසියේ බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක විශේෂඥයකු වූ මයිකල් හාර්පන් කළ එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් සහ පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට පත්වූහ. විනාඩි 30කට ආසන්න කාලයක් මුළුල්ලේ පැවැති එම ගැටුම අවසන් වූයේ තවත් පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමකින් මයිකල් හාර්පන් ජීවිතක්ෂයට පත්වීමත් සමඟය. පොලිසිය තුළම සිදු වූ මෙම සිදුවීමෙන් මුළු ප්‍රංශයම කම්පාවටත් ත්‍රාසයටත් පත්විය.
හාර්පන් අන්තවාදයට නැඹුරු වී සිටි බව පසුව කරන ලද විමර්ශනවලදී සොයාගැනුණි. කෙසේ නමුත් හාර්පන් අන්තාවදයට නැඹුරු වීම කිසිවකුගේ අවධානයට ලක් නොවීම මේ වනවිට විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.
“අපි ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරනවා. ඊට කිසිදු අනුකම්පාවක් නැහැ” යැයි අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා පැවැසීය.
“හාර්පන් 2003 ඉඳන් පොලිසියට සේවය කළා කියලා හිතන්න අමාරුයි. එය පිළිගන්න බැරි දෙයක්. ත්‍රස්තවාදීන් සහ අපරාධකරුවන් අල්ලන්න සේවය කරපු තැන ඉඳලම මෙහෙම දෙයක් කරපු එක කොහෙත්ම පිළිගන්න බැහැ” යැයි ද ප්‍රංශ ජනාධිපතිවරයා කීවේය.
පසුගිය බ්‍රහස්පතින්දා සිදු වූ මෙම සිදුවීමත් සමඟ 2015 වසරේ සිට ඉස්ලාමීය අන්තවාදීන් හෝ ඔවුන් සම්බන්ධ වූ ප්‍රහාරවලින් මියගිය ප්‍රංශ ජාතිකයන්ගේ සංඛ්‍යාව 255ක් දක්වා ඉහළ ගියේය.
ප්‍රහාරය සම්බන්ධයෙන් ඉස්ලාමීය අන්තවාදීන්ට සහ ත්‍රස්තවාදීන්ට චෝදනා කළ ප්‍රංශ ජනාධිපතිවරයා අන්තවාදය ප්‍රංශයෙන් තුරන් කරන බව ද අවධාරණය කර කීය. එමෙන්ම ප්‍රංශය තුළ විමසිලිමත් සමාජයක් ගොඩනගන බව හෙතෙම කීවේය.
ප්‍රහාරය එල්ල කිරීමට පෙර හාර්පන් දැඩි මතධාරී සලාෆිවරුන් සමඟ සබඳතා පවත්වා ඇතැයි ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
ඒ.එෆ්.පී
055
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මාදුරුඔය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව සටනක් ගෙනයනවා‘‘
Prabha Tuesday, 08 October 2019 07:46 PM
ත්‍රස්තවාදයට රැකවරණය දෙන සියලුම රටවල් මේකෙන් පාඩමක් ඉගෙන ගත්තොත් හොඳයි.
josephWednesday, 09 October 2019 10:45 AM
සිංහල ත්‍රස්තවාදීන් දෙමළ මිනිස්සුන්ට කරා වගේ වැඩක්නේ මේක..
nelumWednesday, 09 October 2019 10:52 AM
ලංකාව සහ ඇමරිකාව වගේ..
akdiekd Wednesday, 09 October 2019 01:46 AM
කොටුව පොලිසියේ අපරාධ - පාලන ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම්...????
ranjith Wednesday, 09 October 2019 03:05 AM
අපේ රටේ නායකයෝනම් මෙහෙම කියන්නේ නැහැ
Cisco Wednesday, 09 October 2019 03:07 AM
ඔන්න එකට අපි.
Ruby Wednesday, 09 October 2019 03:40 AM
අපි කරානම් මානව හිමිකම් කඩ කලා කියලා සම්බාදක දමාවි.
jayath Wednesday, 09 October 2019 03:59 AM
මේක මුළු ලෝකෙටම තර්ජනයක් මෙහෙත් හාර්ෆන් ල හිටිය, ඉන්නවා පහුගිය දොහේදී දැක්ක නෙව. මේක මේ ජනපතිවරණය මේ රටේ සාමය අගයන මොනම ජාතියක හරි අන්තවාදය, ජාතිවාදය මේ රටින් අතුගාන්න පුළුවන් කව්රුහරි තෝරාගන්න එකක් කරගන්න එක මේ රටේ ජනතාවටම බාරයි
AmalWednesday, 09 October 2019 12:37 PM
සහතික ඇත්ත..., අපේ බහුතරයක් දෙනා දැන් ජනපතිවරණයට ඉල්ලන එකෙක්වත් එපා කියකියා උඩ බලන් ඉන්නවා. ඔහොම හිටියට සාන්තුවරයෙක්, දියසෙන් පහළවෙන්නේ නැහැ. මේ දවස් 40දී, කරුණාකරලා හිතට එකඟව ඉන්න නරක උන්ගෙන් රටට, ජාතියට ටිකක් හරි ආදරය තියන කෙනෙක් බලල ඡන්දෙ දෙන්න. නැත්නම් 2030 වෙනකොට අන්තවාදීන් යටතේ ජීවත්වෙන්න... දැන්මම එම ආගමික පොත කියවලා කටපාඩම් කරගන්න. සේරම කාන්තාවන්ට ලෝගු අඳින්න පුරුදු වෙන්න කියන්න.
නොකවුට් Wednesday, 09 October 2019 04:20 AM
අපේ රටේ නායකයන්ටත් මේවා හොඳ පාඩම්
palitha Wednesday, 09 October 2019 07:33 AM
මෙන්න නියම ජනාධිපති වරු. කිව්වොත් එකයි, කෙරුවොත් එකයි. එකෙක් මීක් නෑ, එකට ලංකාවේ කිව්වොත් කරන්නෙම එකේ අනිත් පැත්ත.
janis Wednesday, 09 October 2019 12:01 PM
මෙන්න නියම නායකයෝ , මේවා වත් බලලා අපේ නායකයෝ හැදෙනවානම් .