(අජන්ත කුමාර අගලකඩ)
විදේශ රැකියා සදහා පිටත්ව යාම ගතවූ කාලය තුළ ලක්ෂ දෙකකින් පමණ අඩුවී ඇතැයි ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
සාමාන්‍යයෙන් වාර්ෂිකව දෙලක්ෂ තිස්දහසක් පමණ විදේශ රැකියා සඳහා පිටත්ව යන නමුත් එයමේ වන විට 30,000 පමණ දක්වා අඩු වි ඇතැයි සඳහන් කළේය
මේ හේතුවෙන් විදේශ ආදායම් ලැබීම් විශාල වශයෙන් අඩුවී ඇති බව ද ඔහු කීවේය.
විදේශ රැකියාවලට ගොස් සිටින අයගේ සේවය වසරකින් පමණ දීර්ඝ කිරීම සහ කොරෝනා වසංගතය හේතුවෙන් විදේශ රැකියා අවස්ථා අහිමි වීම ඇතුළු හේතු රැසක් ඊට බලපා ඇතැයි කී රාජපක්ෂ මහතා එයආර්ථිකයට දැඩි ලෙස බලපා ඇතැයි ද සඳහන් කළේය .
එසේ වුවද අපනයන ආදායමෙි වැඩි වීමක් සිදුව තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
රට ඉන්න මිනිස්සු ගෙන්න ගන්න බැහැ කියපු ආණ්ඩුව දැන් ලැජ්ජා නැතුව අාදායම් අඩු වුණාලු. හරියට කොරෝනා පාලනය කළා නම් අදටත් රැකියාවලට මිනිස්සුන්ට යන්න තිබ්බා...
ඒ අහිසංකයො ගේන සල්ලිවලින් ඔහේලා සැප කාර් ගන්නවා .අර ඩිලාන් කියල දියවන්නාවෙ නරියෙක් ඉන්නෙ. ඒකා මේ අහිසංකයො රට විරුවො කියලා හොදට ඇන්දුවා, උලා කෑවා ,සැප ගත්තා ,මේ අහිංසකයන්ට කරපු වැඩක් නැහැ .උගත් කම අඩු උනත් අද හිරේ ඉන්න රංජා නම් මේ කෙල්ලොන්ගෙ ප්‍රශ්නවලදි එයාට පුලුවන් විදියට උදව් කලා.
අපේ සර් ලංකාවේ ආර්ථිකය දියුණු කරපු නිසා තමයි ලංකාවේ අය මැද පෙරදිග දැන් යන්නේ නැත්තේ .ජයවේවා !
රට යනවා අඩුයි කියන්න නම් මතක් වෙනවා.. රටට විදේශ විනිමය ගෙනත් දෙන අහිංසක අපිට කිසිම සහනයක් දෙන එක රජයකටවත් මතක් වෙලා නෑ මෙච්චර කාලෙකට...