(අංජුල මහික වීරරත්න)
ඉදිරියේදී මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් ඉල්ලා අස් වීමට නොසිතන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් අද (09) ඉල්ලීමක් කර තිබේ.
පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර හමුවකදී මෙම ඉල්ලීම කර ඇත.
මැතිවරණ නොපවත්වන්නේනම් තමන් ඉල්ලා අස් වන බව මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සේවය ඉදිරි මැතිවරණ සඳහා අත්‍යවශ්‍යය යැයි ද ඒ නිසා ඉල්ලා අස්වීමට සුදානම් නොවන්නැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. ඉදිරි මැතිවරණ සඳහා සුදානම් වන්නැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
COMMENTS
සූත්තර පුංචා යනු රට ඇම්ඩන්ය..// තුවාලයෙන් වුවත් වාසිය ගන්නේය..// රට ගැන පුංචාට නම් වැඩක් නැතේ..// අශුචි ගොඩ හැර කැමැත්ත නැත හොඳට..//
මැකෝ අයියා මක්කෙට ආවද ඇම්ඩන් ලඟට..// මුණගැසුමත් ඇම්ඩන් ගන්නේ එය වාසියට..// තක්කඩි හැත්ත ගැන දැනුමත් නැහැ ඔබට..// එබැවින් තනතුර හැරදමා යාමත් හොඳනේද ..//
රවීන්ද්‍ර, මෝඩයෙක් වගේ හැමදේටම කියවන්න එපා. මහින්ද දේශප්‍රිය මහතා කියන්නේ කවුද, එයා මොනවද කරන්නේ රටේ ඡන්ද අයිතිය රැකගන්න කියලා එයා දන්නවා.
ආරංචි පැතිරෙන ආකාරයටනම් ඉල්ලා අස්නොවී එයාගේ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට කිසිම හැකියාවක් නැහැ. මැතිවරණ දෙපාර්තමේන්තුවේ කිසිවෙකුට ඡන්දය දීම හැර දේශපාලනයේ යෙදීම තහනම්වේ කොමිසමේ අයටත් එසේමය..
කෙසේ හෝ වේවා දැන් රට තියෙන්නේ ගොඩ ගන්න බැරි ගැඹුරු අගාදයක කියල ඕනෑම මෝඩයකුට තේරෙනවා... ජනතාව බුද්දීමත්ව කටයුතු කර ලග එන ඡන්දයට රටට වැඩ දායක සුදුසු අය පමණක් තොර පත් කර ගත කර ගැනීම කල යුතුයි.
පසුගිය ජනාධිපතිවරණයේදී මැකෝ විශ්‍රාම යන්න පිඹුරුපත් සකස් කළා. ඒ මහින්ද මහතා දිනයි කියලා. නමුත් වර්ථමාන ජනාධිපතිවරයා දිණනවාත් සමග මේ මහතා සද්දයක් නැතිව මෙන්න වැඩ. රටටම විහිළු කර කර කාටදෝ කඩේ යනවගක් තමා දැනෙන්නේ. දැන් ඉතින් විහිළු කළා ඇති. රැකියාවේ වගකීම් දන්න හොඳ කශේරුකාවක් තියෙන කෙනෙකුට දීලා ගෙදර යන්න මහත්තයෝ