ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු
ඉල්ලා අස්කරගත් පරිපූරක ඇස්තමේන්තුව යළි ඉදිරිපත් කරන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහි සඳහන්ව තිබුණේ තමාගේ නිල නිවසේ අලුත්වැඩියාවක් ගැන යැයි සිතා තමාට නිල නිවසක් නැති බැවින් ඉවත් කරගත්තද එය තම අමාත්‍යධූරය ඊට පෙර දැරූ කබීර් හෂීම් මහතාගේ නිල නිවස ගැන බව පසුව දැනගත්තේ යැයි සභානායකවරයා සදහන් කළේය.
කෙසේ වෙතත් මේ අයුරින් පරිපූරක ඇස්තමේන්තුව යළි ඉදිරිපත් කිරීම වැරදි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසු අතර මුලසුනෙහි සිටි බිමල් රත්නායක මහතා පැවසුවේ මෙය කතානායකවරයාට ඉදිරිපත් කර තීරණයක් ගත යුතු බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.