ඔගස්ටින් ප්‍රනාන්දු
කොරෝනා වයිරසය නිසා ආසාදිත තත්ත්වය මත ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර සිටි තවත් රෝගින් සිව් දෙනෙකු සිය නිවාරණ කටයුතු අවසන් කිරිමෙන් අද ( 10) දහවල් පසු සිය නිවෙස් බලා පිටත් කර හැරිය බව එම රෝහලේ ප්‍රධානි වෛද්‍ය දිමුත් පොන්වීර මහතා සදහන් කරයි.
මෙම සිව්දෙනා කොළඹ බණ්ඩාරනායක පුර හා ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර බණ්ඩාරනායකපුර පදිංචි ඉන් එක් අයෙකු අද ( 10 ) පෙරවරු නිවෙස කරා ගිය අතර සෙසු ජාඇල පදිංචි තිදෙනා සවස්වරුවේ යවන බවත් ඒ මහතා කිය.
පසුගිය සිකුරාදා (8දා) රෝගින් පසු දෙනෙකු සුවය ලබා සුවය ලබා නිවෙස් කරා ගිය බවත් මේ වන විට තවත් රෝගින් අට දෙනෙකු නිවාරණ කටයුතු වලට එක් කර ඇති බවත් කියයි.
නිවාස වෙත ගිය අාසාදිතයන් සිය නිවෙස් වල රැදි සිටිමින් ස්වයං නිරෝධානයකට යොමු කරවන බවත් කියයි.
COMMENTS
සමහර දේවල් වෙන විදිය හරිම පුදුම සහගතයි... ජේ.ආර්. උන්නැහේ මේ ඉරණවිල VOA එකට ඉඩම් දෙන්න හදන වෙලාවේ රටපුරා ලොකු විරෝධයක් ගියා. දැනට ගී නොගයන ඒ කාලේ පොදු ජනයාගේ පැත්තේ හිටිය ගායිකාවක් මේකට ලස්සන ගීතයකුත් කිව්වා... නමුත් ඉතින් ජේ.ආර් ඒ තරමට ගණන් ගන්න කෙනෙක් නොවන හින්දා එ්ක පටන් ගත්තා.. ඊට පස්සේ කාලයක් පාලුවට ගිහින් තිබුණා. එතැන දැන් මිනිස්සුන්ට ජීවිතය දෙන තැනක් පුදුමයි..