(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත්කර සිටින ජනප‍්‍රිය ගායක හා සංගීත අධ්‍යක්‍ෂ ඉරාජ් වීරරත්න මහතා එම තනතුරට හිමි මාසික දීමනාව හා තමන්ට වාහන පහසුකම් අනවශ්‍ය බව ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.
එම තනතුරට අදාළ සියළුම කටයුතු තම පුද්ගලික වියදමින් සිදුකිරීමට බලාපොරොත්තුවන බවද ඔහු එම ලිපියේ සදහන් කර ඇතැයි වාර්තා වේ.
තමන් මෙම තනතුර බාරගන්නා බවත් රජයෙන් ලැබෙන දීමනා නොමැතිව තමන්ට ජීවත්විය හැකි බවත් පවසමින් ඉරාජ් වීරරත්න මහතා පෙරේදා වීඩියෝ පටයක්ද අන්තර්ජාලයට මුදාහැර තිබිණ.
අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකුට එම රැස්වීමකට සහභාගිවීම වෙනුවෙන් රුපියල් විසිපන්දහසක මාසික දීමනාවක් හා රැස්වීමට සහභාගි වීමට පමණක් වාහහන පහසුකම් ලබාදෙනු ලැබේ.
රාජ්‍ය ආයතන සදහා ප‍්‍රධානීන් තෝරාගැනීම සදහා පත්කළ සය පුද්ගල විද්වත් කමිටුව විසින් කරන ලද නිර්දේශය අනුව ජනාධිපති ලේකම්වරයාගේ දැනුම්දීම මත සංචාරක සංවර්ධන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසින් ඉකුත් (14) වැනිදා මෙම පත්කිරීම කරනු ලැබීය.
හිපොප් ගායකයකු ලෙස ප‍්‍රසිද්ද ඉරාජ් වීරරත්න මහතාගේ ඇතැම් ගීත සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජයේ දැඩි කතාබහක් ද ඇති විය.
COMMENTS
ගායකයෙක් විතරක් නොවේ, ඉරාජ් හොඳ ලෝකයේ පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙක්. ඔන්න දැන් ඉරාජ්ට මඩගහපු ජවිපෙ ඇත්තොත් පුලුවන් නම් තමන්ගේ වැටුප් දීමනා ප්‍රතික්ෂේප කරමු බලන්න. හැබැයි දැන් වගේ වැටුප පක්ෂයේ අරමුදලට දුන්නා කියලා අනිත් පැත්තෙන් පක්ෂයෙන් වැටුපක් ගන්න වැඩ වගේ නැතුව අවංකව කරමු.
ඊට අමතරව බෝල් පොයින්ට් පෑනෙන් පමණක් අත්සන් කරන බවත් ගෙදරින් ගේන බත් එක පමණක් කන බවත් කිව්වොත් ජනාධිපති කෙනෙක් වගේ රටට පෙනේවි.
මෙයා හිතන්නේ කැබිනෙට් ඇමතියෙක් කියලා? පම්පෝරි කියව කියවා කාලය කා දමන කෙනෙක්...
සංචාරක ක්ෂේත්‍රය නංවන්න ඉරාජ් වගේ නිර්මාණශීලි, යමක් මාර්කට් කිරීමට දක්ෂ අයෙක් හොඳටම ගැලපෙනවා. අපේ රටේ තියන විශාල ප්‍රශ්නයක් තමයි කොච්චර ඓතිහාසික නටබුන්, පරිසරයේ ලස්සන තැන් තිබුණත් ඒවා නිසිපරිදි දියුණු කරලා, නඩත්තු කරලා, මාර්කට් නොකිරීම. එහෙම කළා නම් හොඳ අාදායමක් උපයන්න පුළුවන්.. සංචාරකයින්ට නිසි පහසුකම්, හොඳ සේවයක් දෙන ගමන්ම. ඉරාජ්ගෙන් ගත හැකි දේ ගැනීම ඉතාම හොඳයි.
ඔව් ඉතින් තාත්තා දෙයිනේ. අපරාදෙ මේ සින්දු ලියන අයට රජයේ උසස් අධ්‍යක්ෂක පදවි... අනේ මන්දා...
ඉරාජ් අයියේ.... ඔහොම යං. OL වත් නැති අය පාලකයන් කරන්න හදන අය තමයි මේ වගේ අය හෙව්වේ...
ඔබගේ ආකල්පය අගය කරනවා. එත් මේ දීමනාව නොගත්ත කියලා ඒ මුදලට වෙන දේ මොකක්ද කියල තමයි අපිට තියෙන ප්‍රහේලිකාව
ගොඩක් කට්ටිය ඉරාජ් මෙම තනතුරට පත්කිරීම ගැන ගොඩක් විවේචනය කරනවා. හැබැයි ඉරාජ් කියන්නේ උගත් උපාධිදාරියෙක්. එනිසා අපි ඉරාජ්ට ටික කාලයක් දීලා බලමු වැඩ කරන්නේ කොහොමද කියලා. මොකද 8 පාස් වත් නැති සමහර කට්ටිය පාර්ලිමේන්තු ගිහින් ඇමතිවරු වෙලා රට කන විදිය අපිට පේනවනේ.
ඒවා මොකටද කොටි ගණන් ගහන්න පුළුවන් ඇති හොදටම
අපරාදේ තව කෙනෙකුට දෙන්න තිබුන රැකියාව.
මේ වගේ කුණුගොඩවල් එක්ක නම් මේ ආණ්ඩුවටත් ලොකු ගමනක් නෑ. දැනටමත් විහිලු සපයන එක පටන් අරන්. ජනාධිපතිතුමා අලුත් දෙයක් කරන්න හදනවා. මහින්ද ඒක කනවා.
සංගීතයත් විකෘති කරලා දැන් මේ තනතුරක් දීලා මොන විනාශයක් කරයිද දන්නේ නැහැ.
කොච්චර කාලෙකටද කියලා බලමුකෝ අපි?
සංචාරක ක්ෂේත්‍රය පිලිබඳ දැනුම? අනික බලයට එන්න හදනකොට කිවා නේද ක්ෂේත්‍රය පිලිබඳ දැනුම ඇති අයට පමණයි අධ්‍යක්ෂක පදවි ලැබෙන්නේ කියලා?
මෙයාව පත් කරන්න සය පුද්ගල විද්වත් කමිටුවට බොහොම කරදර වෙන්න ඇති.
මේ තනතුර ලැබුනට පස්සේ වත් ශීලචාර ලෙස ප්‍රසිද්ධියේ අදහස් ඉදිරිපත් කිරීමට සහ අන්‍යයන් විවේචනය කිරීමට ඉගෙන ගත්තොත් හොඳයි.
ඔහුගේ උගත්කම ගත්තොත් ගිණුම්කරණය.
මම නම් ජනාධිපතිතුමාගෙන් මෙවගේ වැඩ බලාපොරොත්තු උනේ නැහැ. කවුද දන්නේ නැහැ විද්වත් කමිටුව.
පුදුම දැනඋගත්කමක්, හැදියාවක් ඇත්තක්නේ ඉතින් .. අපි වගේ නෙමෙයි බොහොම ලෝක ප්‍රසිද්ධ අසහාය පුද්ගලයෙක්...
ජනපතිතුමා කිරි කලයට ගොම ටිකක් නෙමේ ගොඩක් දමා ගත්ත මේ වැඩෙන්. බස් වල සුභාවිත ගී දමලා වැඩක් නැහැ මේ වගේ සංස්කෘතිය වනසන ඒවා ජනගත කරන හාල් පාරුවන්ට ජාතික වැදගත්කමකින් යුතු තනතුරු වලට "කඩේ ගිය පළියටම " දැමීමෙන්...............
ඔහුගේ හැකියාවන් යමක් ඇතොත් එය රට වෙනුවෙන් ඉටු කරන්න ඔහුට සහාය දෙන්න. ඔහුව නිකරුනේ විනිශ්චයට භාජනය කරන්න එපා. විද්වත් මණ්ඩලය ඔහුව මේ තනතුරට තොරගත්තානම් මදක් ඉවසා බලන්න ඔහු රට වෙනුවෙන් සේවයක් කරනවාද කියා. මා ඔහුගේ ෆෑන් කෙනෙක් නොවේ. ඔහුගේ එකදු ගීතයෙකුටවත් සවන් දුන් කෙනෙක්ද නොවේ.
මොහු අවම මට්ටමේ සදාචාරයක්වත් නොමැතිව බොහොම පහත් විදියට පහුගිය ජනාධිපතිවරණ සමයේ අනිත් පක්ෂවලට මඩ ගැහුවා. ඒකට ලැබිච්ච ප්‍රතිඋපකාරය තමයි ඔය. නැතුව ඔය තනතුරට ඔයිට වඩා සුදුසු අය ඕනෑතරම් හොයා ගන්න පුලුවන්.