ඉරානය ඇමෙරිකානු හමුදාවලට ප්‍රහාර එල්ල කරනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ අද (5) ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව ඉරානයේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියකු වන ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය කිරීමත් සමඟ මෙම උග්‍ර අර්බුදය නිර්මාණය වී තිබේ.
ඇමෙරිකාවෙන් පළිගන්නා බවට ඉරානය ප්‍රතිඥා දී තිබෙන අතර ඇමෙරිකානු පුරවැසියන්ට හෝ දේපළවලට හෝ හානි සිදුවුවහොත් ඉරානයේ ස්ථාන 52කට පහර දෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.
“ඉරාකයේ සහ සිරියාවේ සිටින අපේ හමුදාවලට ඉරානය පහර දෙන්න පුළුවන්. එය ඉරානය කරන අත්වැරැද්දක්” යැයි හෙතෙම ෆොක්ස් පුවත් සේවයට පැවැසීය.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනා සාමයට කැමති නැද්ද?