ඉන්දියාව සහ පාකිස්තානය අතර අද අලුයම ආරම්භ වූ එදිරිවාදිකම් වලින් පසුව දෙරට අතර සාකච්ඡා ආරම්භ විය යුතු යයි පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා කියයි.
දෙරට අතර යුදමය එදිරිවාදිකම් ආරම්භ වූයේ දශක ගණනාවකට පසුවය.
1971 න් මෙපිට දෙරටම යුද ක්‍රියාමාර්ගයකට නොගියහ. එහෙත් දෙදිනකට පෙර ජම්මු කාශ්මීර් කලාපයේදී ජයිස් ඊ-මොහොමඩ් කණ්ඩායමේ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ඉන්දීය සොල්දාදුවන් 40 දෙනකුට දිවි අහිමි වීමෙන් පසුව ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තානයේ ත්‍රස්තවාදී කඳවුරු වලට බෝම්බ හෙළීය.
පසුව පාකිස්තානයට ඊට ප්‍රතිප්‍රහාර දීම හේතුවෙන් ඉන්දීය සහ පාකිස්තානු ගුවන් හමුදා අතර සටන් ඇවිළිණ.
‘‘අපේ ක්‍රියාමාර්ගයෙන් කියන්නට ඕනෑ කළේ ඔබලාට අපේ රටට එන්න පුළුවන් නම් අපටත් ඔබලාගේ පෙදෙසට එන්න පුළුවන් කියලයි....මේ ක්‍රියාමාර්ගයේදී ඔවුන්ගේ මිග් යානා දෙකක් වෙඩි තබා බිම දැම්මා. ඒත් මෙතැන් සිට අපි අපගේ ඔළුව පාවිච්චි කරලා බුද්ධිමත්ව කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වන්නේ‘‘ යයි ඉම්රාන් ඛාන් සිය ප්‍රකාශය පටිගත කිරීමෙන් පසුව රූපවාහිනීයෙන් විකාශය කළේය.
‘‘මම ඉන්දියාවෙන් ඉල්ලන්නේ මෙච්චරයි....
ඔබලාගේ තියෙන ආයුධත්, අපට තියෙන ආයුධත් එක්ක, අපි දෙගොල්ලන්ටම වැරදි තීරණයක් ගන්න පුළුවන්. ඒත් මේක ඇවිළිලා ගියොත්, ඒක එතැනින් එහාට මටවත් මෝදිටවත් පාලනය කරන්න පුළුවන් එකක් නෙමේ‘‘
ඉන්දියාව මෙන්ම පාකිස්ථානයද න්‍යෂ්ටික අවි ඇති බල සම්පන්න යුද හමුදා සහිත රටවල් දෙකකි.
‘‘ඒ නිසා සාකච්ඡා සඳහා එන්න කියා මා ඔබට ආරාධනා කරනවා. අවබෝධයෙන් ක්‍රියා කිරීම වඩාත් හොඳයි කියා මා හිතනවා“ යයි ද පාකිස්තානු අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
පාකිස්තානයේ විශාලතම ත්‍රස්තවාදී කඳවුරක් වන බලාකොට් වෙත ඉන්දීය ගුවන් හමුදා විසින් පහර දෙනු ලැබීමෙන් පසුව පාකිස්තානු ගුවන් හමුදාවද ප්‍රතිප්‍රහාර දුන්නේය.
පාකිස්තානයේ එෆ්-16 ගුවන් යානයක් ඉන්දීය ගුවන් හමුදාව විසින් බිම දමන ලද අතර ඉන්දියාවටද මිග් යානාවක් අහිමි විය. එහිදී ඉන්දීය මිග් යානා දෙකක් බිම වැටුණු අතර ඉන්දීය ගුවන් නියමුවකු පාකිස්තානයේ අත්අඩංගුවට පත්වූ බව කියැවේ.
පාකිස්තානු ප්‍රති ප්‍රහාර ක්‍රියාත්මක වූයේ “නියම වෙලාව ආවම නියම තැන අපි තෝරගන්නම්“ යයි ඉස්ලාමාබාදයෙන් කළ අනතුරු ඇඟවීමකින් පැය කිහිපයකින් පසුවය. පාකිස්තානු යුද හමුදාවේ ප්‍රකාශක මේජර් ජනරාල් අසිෆ් ගෆූර් මහතා “අපි නුඹලාව මවිතයට පත්කරනවා....ඒ මවිතයට සූදානමින් ඉන්න“ යයි පැවසීය.
විදුලිබල පද්ධතියේ සියයට 80 ක පමණ සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.
පෙබරවාරි මාසයේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ දක්වා ලැබී නොමැති බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
බෝග නිෂ්පාදනයේ දී ඇතිවන වල් අලි හානි අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මහවැලි ඊ කලාපයේ හෙට්ටිපොළ විල්ගමුව කොට්ඨාශ වල කුරුඳු වගාව ප්‍රචලිත කිරීමට
රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර විදුලි උප පොලේ ට්‍රාන්ස්පෝමරයක වඳුරෙක් ගැටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ව
’’ඇල්ල ඔඩ්සි (නානුඔය) නමින් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර නව දුම්රි ගමන්වාරයක් හෙට (10) දින සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඉම්රාන් ඛාන් සාකච්ඡාවට අත දිගුකරයි
Bamunuarachchi Wednesday, 27 February 2019 02:04 PM
ඒකනේ මම වෙන තැනක ලීවේ "සාමය අවශ්‍යනම් යුද්දෙට සැරසෙන්න කියා".
smn Wednesday, 27 February 2019 02:29 PM
දැන් පවතින තත්වයේ හැටියට මෝදි ඉල්ලංකන බවයි අපිට කියන්නට තියෙන්නේ... ඒ නිසා සාකච්ඡා කරලා ගොඩින් බේරගන්නවා නම් තමයි මෝදිට හොඳ...
chandima Wednesday, 27 February 2019 04:09 PM
එක්කෙනෙකුටවත් පක්ෂ වෙලා බැහැ. දෙගොල්ලොම අපිට ඉහඳ මැස්සෝ වගේ තමයි. අඟේ ඉඳන් කනකනවා. කෙළගෙන දෙගොල්ලොම ටිකක් සල්ලන් වෙනවා නම්?
Mahee Wednesday, 27 February 2019 04:58 PM
පසුබිම් හේතුව කුමක් වුනත් ඉම්රාන් ඛාන් කියා ඇති වචන ටික වැදගත්. රටක යහපත වෙනුවෙන් තමන්ගේ අහංකාරකම් කැප කරන්න නායකයන් හිතට ගන්නවා නම් යුද්ධ අවශ්‍ය නැහැ.
saman Wednesday, 27 February 2019 05:25 PM
ඔන්න ඇස්පනාපිටම පෙනෙනවා නේද කරන්න ඕන දේ.
අජිත් Thursday, 28 February 2019 12:58 AM
මේක මෙතනිම්ම නතර වෙන එක හොඳ දෙයක් .නැත් නම් අපිටත් ලොකු බලපෑමක් වෙනවා .
sarath Thursday, 28 February 2019 01:19 AM
වැඩේ පටන් ගත්තේ ඉන්දියාවෙන් නොවී නේ.පාකිස්තානේ පැත්තේ ඉන්න ත්‍රස්තවාදීන් ඉන්දීය හමුදා බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බයක් එල්ල කරලනේ .ඉතින් ඉම්රාන් ට ඕනෙම නම් එයාගේ පැත්තේ ඉන්න ත්‍රස්තවාදී ටික නැති කරන්න පුළුවන්නේ. ඉන්දියාව ලංකාවේ මුහුදු සීමාව උල්ලංගනය කරලා බේරුනාට පකිස්තානෙත් එක්ක බැහැ වගේ .
anura polishpathi Thursday, 28 February 2019 03:18 AM
ඔන්න ඔ්කයි තත්වේ 1971 නම් මේ රටවල් දෙකටම කතා කරන්න සිර්මාවෝ බණ්ඩාරනායක නම් නයිකාවක ලංකාවේ හිටිය
LOKKAYA Thursday, 28 February 2019 04:49 AM
උබල කෙලගන්නකොට පරිස්සමින් අපේ පැත්තට එහෙම අරව මේවා වට්ටන්නේ නැතුව.
d.upul Thursday, 28 February 2019 05:03 AM
සිංහයොත් තණකොළ කනවලු.
saman Thursday, 28 February 2019 07:08 AM
ඉම්රාන් බොහොම පරිනත නායකයෙක් වගේ හිතෙන්නේ . වයස ගියත් මෝදි හරි මෝඩ වගේ
Nuwan Thursday, 28 February 2019 09:27 AM
ලෝකෙට ඉස්ලාම් ත්‍රස්තවාදය නිපදවන එක රටක් තමා පාකිස්ථානය.