IMG-LOGO

2023 සැප්තැම්බර් මස 26 වන අඟහරුවාදා


ඉම්රාන් ඛාන්ගෙන් තදබල අනතුරු ඇඟවීමක්

කාශ්මීරය සම්බන්ධයෙන් තම රට හා ඉන්දියාව අතර පවතින මත ගැටුම, හැම අතින්ම න්‍යෂ්ඨික යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි සිකුරාදා එක්සත් ජාතීන් හට අනතුරු හැඟවමින් කී පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් එහි ප්‍රතිඵල මුළු ලෝකයටම අත්විඳින්නට සිදු වෙතැයි ද ප්‍රකාශ කළේය. විනාඩි 50 ක් පුරා ආවේගයෙන් කතා කළ ඉම්රාන් ඛාන්, ඉන්දියාව, මුස්ලිම් බහුතරයක් ඇති දේශයේ මහා ලේ වැගිරීමක් මුදා හරින්නට ඉඩ ඇතැයි කීවේ න්‍යෂ්ඨික අවිධාරී තම විරුද්ධවාදීන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම මධ්‍යයේ සිටියදීමය.

ව්‍යක්ත කථිකත්වයෙන් පිරි ඔහුගේ උණුසුම් කතාවට පැයකට කලින් සභාව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කතාවට අතිශයින් වෙනස් එකක් වූයේය.

හින්දු ජාතික නායකයා තම රටේ සාර්ථකත්වය ගැන සෘජුව කතා කළද ත්‍රස්තවාදය පිළිබඳව වක්‍රව කතා කළේ පකිස්ථානය ඉලක්ක කර ගනිමිනි.

මෙම කතා පැවැත්වූයේ එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ලට පිටතින් එක් රැස්වූ දහස් ගණනක් ජනයා, මෝදිට පක්ෂව හා කාශ්මීරය යටත් කර ගැනීමට උත්සහ දැරීමට එරෙහිව ඔහුට විරෝධය පාමින් යන දෙආකාරයෙන්ම උද්ඝෝෂණයේ නිරත වෙද්දීය. මෙම උද්ඝෝෂණ අගෝස්තු මස මුලදී නවදිල්ලිය ඉතා අසීරුවෙන් කාශ්මීරයට අර්ධ ස්වයං පාලන තත්ත්වය පිරිනැමුනදා පටන් යටපත්ව තිබුණේය.

මර්ධනයට ප්‍රතිචාර ලෙස එරටේ බිහිවුණු හමුදා කණ්ඩායම් ප්‍රහාර එල්ල කරනා විට ඉන්දියා තමන්ගේ රටට ඒ ගැන දොස් කියන්නේ නම් පෙබරවාරියේදී දක්නට තිබූ ප්‍රාදේශීය විරුද්ධවාදීන් අතර සටන් නැවත ඇතිවිය හැකි බවටද ඉම්රාන් ඛාන් අනතුරු හැඟවූයේය.

“රටවල් දෙකක් අතර සාම්ප්‍රදායික යුද්ධයක් හට ගත්විට ඕනෑම දෙයක් සිදුවීමේ හැකියාව තිබෙනවා. එහෙත් තම අසල්වැසියාට වඩා හත් ගුණයක් කුඩා රටක් සටනට පොළඹවා ගත් විට ඔවුන් එක්කෝ යටත් විය යුතුය. නැතිනම් මියෙන තෙක් නිදහස වෙනුවෙන් සටන් කළ යුතුයි.” ඉම්රාන් ඛාන් පැවසීය.

“අපි කුමක් කරමුද? මා මෙම ප්‍රශ්නය මගෙන්ම අසා ගන්නවා.”

“අපි සටන් කරමු.... න්‍යෂ්ඨික අවි වලින් සන්නද්ධ රටක් අවසානය දක්වා සටන් වදින විට ඒ නිසා ඇතිවන ප්‍රතිඵල සීමාව ඉක්මවා යනවා” යයි ඉම්රාන් ඛාන් අනතුරු හඟවද්දී ඒ හැම වාරයකම අත්පොළසන් හඬ පැතුරුණේය. ප්‍රධාන වශයෙන් පාකිස්ථානු රාජ්‍ය නියෝජිතයන් අත්පොළසන් නැගූ අතර අනෙක් අය වරින් වර එසේ කළහ.

 


ලේ වැගිරීම

වරක් ඇඳිරි නීතිය පවා ඉවත් කළ විටකදී මිනිස් සංහාරයකට අර ඇඳීම පිළිබඳව 66 හැවිරිදි පකිස්ථානු නායකයා ඉන්දියානු හමුදාවලට චෝදනා කළේය.

“900,000ක හමුදාවක් ඇවිත් සිටිනවා. ඔවුන් ඇවිත් ඉන්නේ නරෙන්ද්‍ර මෝදි කියන ආකාරයෙන් කාෂ්මීරයේ සමෘද්ධිය උදා කරන්නට නොවෙයි.” ඉම්රාන් ඛාන් කීවේය.

“මේ නව ලක්ෂයක හමුදාව මොනවා කරන්නටද සැරසෙන්නේ ඔවුන් එළියට ආවිට? එවිට සිදු වන්නේ මහා ලේ වැගිරීමක්.”..... යයි ඉම්රාන් ඛාන් කීවේය.

කාෂ්මීරයේ ඉන්න හමුදාව කීදෙනකුගෙන් සමන්විත දැයි ඉන්දියාව පවසා නැත. එහෙත් ඉම්රාන් ඛාන් පවසන 900,000ක හමුදාව ඉන්දියානු හමුදාවෙන් තුනෙන් එකකට (1/3) සමානය.

කාෂ්මීරයේ සිටින හමුදා කණ්ඩායම්වලට ආයුධ හා මුදල් දෙමින් ඔවුන් පුහුණු කරන බවට පාකිස්ථානයට චෝදනා කරන ඉන්දියාව තවත් කරන්නේ සන්සුන් බව පවත්වා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම බව කියයි.

පකිස්ථානයට පක්ෂ උද්ඝෝෂකයින් “කාශ්මීරය නිදහස් කරව් ! ”.....  “ප්‍රහාර නවතව් !! ” යනුවෙන් සඳහන් බැනර ප්‍රදර්ශනය කරමින් ඉන්නා අතර මෝදි හිතවාදී උද්ඝෝෂකයෝ ඉන්දියානු නායකයාට ජය පතමින් ඔහු දැක්මක් ඇති දූර්දර්ශී නායකයකු බව පැවසෙන බැනර ප්‍රදර්ශනය කරති. ඒ අතරම පාකිස්ථානය ඔබේ සුළු ජාතිකයින්ට සළකන්නේ මෙසේද? යනුවෙන් සඳහන් පුවරුද වේ.

ඉන්දියානු කාශ්මීරයේ උපත ලැබූ ගුරුවරියක වූ රොසීනා ඛාන් කියා සිටියේ ඇගේ 86 හැවිරිදි පියා සමග කතා කරන්නට හෝ ඔහුගේ දුක සැප සොයා බැලීමට තමාට අවසර නැති බවයි.

“කාෂ්මීරය සිර ගෙයක්, මේ වනවිට ලෝයේ ලොකුම සිපිරිගෙය කාෂ්මීරයයි” ඇය කීවාය.

“මගේ මොලය, මගේ හදවත, එහි ඉන්නා මගේ පවුලේ උදවිය සමග තිබෙන බවයි මට දැනෙන්නේ. මම මගේ රැකියාවට අවධානය දැක්විය යුතුයි. එහෙත් මා අවංකව ඔබට කියා සිටින්නේ සමහර විට මට ඒ ගැන හිතුනාම රැකියාවේ යෙදෙන අතර මම අඬා වැටෙනවා, මම වැළපෙනවා” කියාය.

ඉන්දියාවේ මින් පෙර ජම්මු හා කාෂ්මීර ජනපදයේ ග්‍රීෂ්ම අග නගරය වූ ශ්‍රී නගර් හි ඉන්දියානු හමුදා ආරක්‍ෂාව තරකර තිබිණ. නිව්යෝර්ක් නුවර සිටින නායකයන් දෙදෙනා වට කරගෙන ඉන්න උද්ඝෝෂකයන්ට බියෙන් සිකුරාදා දින අළුතෙන් තහංචි හා සීමා පනවනු ලැබිණ.  

මෙම හමුදා, මහජන රැස්වීම් නවතනු සඳහා තමන්ට ලැබුණු නියෝග අනුව යමින් ජන ශූන්‍ය වීථිවල කොන්ක්‍රීට් බාධක හා කටු කම්බි බාධකද ඉදිකොට වෙඩි නොවදින ආරක්ෂක උපකරණද යොදමින් මුර කරනු ලැබුවේය.


“මම වුනත් තුවක්කුව අතට ගන්නවා.”

කාෂ්මීරයේ නව පරපුර අති ධාවනකාරී බවට හැරෙමින් ඉන්නා තත්ත්වයක් ඇතැයි පැවැසූ ඉම්රාන් ඛාන් එම තත්ත්වය අනුව තමාටද ආයුධ සියතට ගන්නට සිතෙතැයි කීවේය.

“මම දවස් 55 ක් හිරවෙලා හිටියා. මට කාන්තාවන් දූෂණය කරන බව කණ වැකුණා. ඉන්දියානු හමුදා නිවෙස්වලට වැදෙනවා.” තමා කාශ්මීර වැසියකු වේ නම් සිතෙන දේ ඔහු එසේ කීවේය.

“මේ වද හිංසා මැද මා ජීවත්විය යුතුද? එසේ මා ජීවත් විය යුතුද? මට හිතෙන්නේ තුවක්කුව අතට ගන්නටයි. ඔබ ජනතාවට බල කරනවා. ඔබ අති ධාවනකාරීව හැසිරෙන්නට ජනතාවට බලකරනවා.”

ඇන්ටෝනියෝ ගුටෙරෙස් කාශ්මීරය ගැන තම කනස්සල්ල පුද්ගලිකවත්, ප්‍රසිද්ධියේත් පළකොට සාකච්ඡා ඇරඹිය යුතු බව කීවේයැයි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පසුව පැවසීය.

කාශ්මීර් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටුම් දුරදිග යාමට ඇති හැකියාව පිළිබඳව ඇත්තෙන්ම ඔහු දැඩි සැලකිල්ලෙන් පසුවෙනවා යයිද ඩුජාරික් කීවේය.

දකුණු ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඇලිස් වෙල්ස් බ්‍රහස්පතින්දා කියා සිටියේ කාශ්මීරයට පනවා ඇති තහංචි කඩිනමින් ලිහිල් කරන ලෙස වොෂින්ටනය නවදිල්ලියට බල කරන බවයි. ඒ සමගම ඉම්රාන් ඛාන් හට තම වාචාලකම් අඩු කර ගන්නා ලෙස පවසන බවද ඇලිස් වෙල්ස් කීවේය.

ඉන්දියාව බොහෝ කලක පටන් කාෂ්මීර ප්‍රශ්නය අන්තර්ජාතික කතිකාවලින් වළකාලන්නට උත්සාහ ගත් අතර මෝදිගේ කතාවේද ඒ ගැන කිසිවක් කීවේ නැත.

ඒ වෙනුවට ඉන්දියානු නායකයා කියන්නට තෝරා ගත්තේ වැසිකිළි පහසුකම් වර්ධනය, මිලියන ගණනක් ජනයාට බැංකු ගිණුම් ආරම්භ කරන්නට උපකාරී කිරීම වැනි එරටේ දේශීය ප්‍රතිපත්ති අරමුණු කරගත් කරුණුය. කෙසේ වුවද පාකිස්ථානය ගැන සඳහන් කිරීමෙන් වැළකී ඉන්නට උත්සාහ කළ ඔහු අනෙකුත් නායකයින්ට පැවසුවේ අප අයත් වන්නේ ලෝකයට යුද්ධය නොව බුදුරජාණන් වහන්සේගේ සාමයේ පණිවිඩය ලොවට දුන් රටකටයි යනුවෙනි.

“අප ත්‍රස්තවාදයට එරෙහිව හඬ නගන්නේ ඒ නිසයි. මේ දුෂ්ඨ වූත් කුරිරු වූත් වටපිටාව ගැන ලෝකය අවදියෙන් තබන්නයි” යයිද මෝදි කීවේය.


ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි
පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ.

 



අදහස් (8)

ඉම්රාන් ඛාන්ගෙන් තදබල අනතුරු ඇඟවීමක්

JAYATH Monday, 30 September 2019 04:15 AM

එයාගේ වේග පන්දුවක් වගේම සැර වෙලා.....

:       0       35

Amara Monday, 30 September 2019 05:11 AM

මේ දෙගොල්ලන්ගේම කෑදරකම... කාශ්මීරය වෙනම රටක් කරපල්ලකෝ..!!!

:       2       33

Ruhunu Monday, 30 September 2019 07:18 AM

අපේ ජනපතිතුමාත් මේ වගේ වුණා නම් කොහොමද?

:       14       47

anura Tuesday, 01 October 2019 09:02 AM

එහෙම කෙනෙක් ඉන්නවද? එයාගේ ගෙල එයා විසින්ම සිඳ ගෙන නේද 19 නිදිවරාගෙන සම්මත කෙරෙව්වේ.

:       0       4

Mangala Monday, 30 September 2019 11:09 AM

පාකිස්ථානය කියන්නේ ත්‍රස්තවාදයේ උපත... ඒ ගැන දන්නෝ දනිති. කාශ්මීරය ඔවුන්ට ගැනීමට කාලයක සිට ප්ලෑන්කර තාම බැරි වුණා. මෝඩි එක්ක කොහොමටත් බැහැ. දැන් තිබුණු අන්තිම අවස්ථාවත් නැති වුණු නිසා කේන්තියි. එක්යි ඔය, මෝඩි කාශ්මීරය දියුණු කරාවි. සසඳලා බලන කොට ඉන්දියානුවන් පාකිස්තානුවන්ට වඩා සාමකාමියි. ජය වේවා මෝඩි...

:       22       5

arman Tuesday, 01 October 2019 09:01 AM

අපිට ශ්‍රී ලංකාවේද පාකිස්ථානයේ මෙන් නිදහස අවශ්‍ය වෙනවා. වෙනම ජිවන රටාවක් ඇති අපිට ආගම තුළ ඇති නීති ක්‍රියාත්මක කිරීමට අයිතියක් ඇති බව පිළිගත යුතුය. ආගම අදහන්නේ නැති අය ගැන අපිට විවාදයක් නැහැ. ඔවුන් අන් අය විවේචනය කරමින් දුසිරිතෙන් ජීවත් වෙනවා. අපිට එහෙම බැහැ. දෙවියන් පිළිබඳ විශ්වාසයක් තිබෙනවා. එතෙර ගියත් අපි ආගමික භක්තියෙන් ජීවත් වෙනවා. දෙවියන් නොමැතිව ජීවිතයක් අපට නැහැ. ඔබට බුදු සරණයි! අල්ලා දෙවියන්ගේ පිහිටයි!

:       16       2

Nana Tuesday, 01 October 2019 06:10 PM

ඉම්රාන් තම වැසියන්ට වඩා කාශ්මීර් ජනතාව ගැන දුක්වෙන පාටක් පෙනේ. මම හිතුවේ ඔහු නවීන නායකයෙක් බව. එත් ????

:       0       0

Bamunuarachchi Wednesday, 02 October 2019 02:32 AM

න්‍යෂ්ඨික යුද්ධයක් පටන් ගන්නවා නම් එය තමිල් නාඩුවෙන් පටන් ගන්න එතකොට අපේ උතුරේ ප්‍රශ්නත් ඉවර වේවි...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ප්‍රසන්නගේ පැරඩයිස් ලොව වටේම යයි
2023 සැප්තැම්බර් මස 25 499 0

ජාතන්තර සම්මාන දිනූ ශ්‍රී ලාංකේය සිනමාවේ දී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන ‘‘පැරඩයිස්’’, ඉන්දීය සුප්‍රකට සිනමාවේ දී මනිරතන්මගේ මැ


පොලිස් කොස්තාපල් අනුන්ගේ කසිප්පු කුලියට ඇදලා
2023 සැප්තැම්බර් මස 25 322 1

කසිප්පු බෝතල් විසි එකක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඔහුගේ රාජකාරි පිස්තෝලය සහ ජීව උණ්ඩ දහයක් අඩංගු මැංග


සංචාරකයන් රවටා පොකැට්ටුවට විදලා
2023 සැප්තැම්බර් මස 25 23 0

බෙන්තොට ප්‍රධාන පෙළේ තරු පන්තියේ සංචාරක හෝටලයක විවේකය ගත කිරීමට පැමිණ සිටි ජර්මන් ජාතික සංචාරකයන් දෙදෙනකු බෙන්තොට ගඟ හරහා පැරණි විහාරස්ථානයක් පෙන්ව


ඉසුරු සොයා ගිය කතට කොන්ක්‍රිට් ඇණ ගිල්ලවලා
2023 සැප්තැම්බර් මස 25 713 0

සෞදි අරාබියේ ගෘහ සේවයේ සිටීයදී ආහාර වෙනුවට කොන්ක්‍රීට් ඇණ පහක් සහ රෙදි වියළීමට උපයෝගී කර ගන්නා යකඩ ස්ප්‍රින් කැබැල්ලක් ගිල්ලූ බව මාතලේ ඇල්කඩුවේ කාන්


සරත් වීරසේකරට ඇමෙරිකා විසා ප්‍රශ්නයක්
2023 සැප්තැම්බර් මස 25 1149 2

තමන්ට ලබන මස අග භාගයේදී පැවැත්වෙන ඇමෙරිකානු අධ්‍යන චාරිකාවට සහභාගී වීම සඳහා වීසා ලබා දීමට අවශ්‍ය ආරක්ෂක නිශ්කාශන වාර්තා ලබා ගැනීමට බොහෝ කලක් ගතවන බවත


ජනාධිපතිගේ ඇමෙරිකා ගමනින් ජනතාවට දැනෙන ප්‍රතිලාභ
2023 සැප්තැම්බර් මස 25 525 1

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමරිකා ගමන නිසා දෙරට දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම අනෙකුත් ලෝක බලවතුන් සමඟ පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැ


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1638 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 708 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site