





(කේ. බුද්ධික කුමාරසිරි)
හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ දරු දැරියන්ගේ නිර්මාණ සහ නව නිපැයුම් ඇතුළත් ‘ඉම්පල්ස් 2019’ තාක්ෂණික ප‍්‍රදර්ශනය නවෝත්පාදක කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයේ අද (13) ආරම්භ කෙරිණි.
විද්‍යාලයීය ආදි ශිෂ්‍යයකු වන අමාත්‍යවරයා එම ප‍්‍රදර්ශනය විවෘත කළේය. අමාත්‍යවරයා පාසල් සිසු සිසුවියන්ගේ නිර්මාණ නරඹා ඔවුන්ගේ නව නිපැයුම් සම්බන්ධයෙන් ප්‍රසාදය දැක්වූයේය.
‘ඉම්පල්ස් 2019’ ප‍්‍රදර්ශනය ජනවාරි 13 වන දින සිට 17 දක්වා හංවැල්ල විද්‍යාලයීය භූමියේදී පැවැත්වේ.
COMMENTS
මධ්‍ය මහා විද්‍යාල ළමයි කොහේද දැන්?
මේ ගමන රථය පෙරලුන අවස්ථාවක ගමන්කරන අය වාහනයට යටවෙන්නේ නැති වුනත් පිටතට විසිවෙන්න පුළුවනි. එය වලකන්න ආරක්ෂක පටි අවශ්‍යමයි.