(රංජන් කස්තුරි)
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මේ දිනවල ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිරයාමේ අවදානමක් හට ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිරයාම පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි ඇමැති රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.
මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කළේ සතියක පමණ කාලයක සිට ඉන්ෆ්ලුවන්සා උණ රෝගීන්ගේ සුළු වැඩීවීමක් පවතින බවය.
එම රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද වෛද්‍ය විජේසූරිය මහතා කීය.
මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය රංග චන්දසේන මහතා සඳහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එවැනි රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවයක් නොමැති බවය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිරයාමේ අවදානමක්