(යොහාන් භාසුර)

රටතුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට තිබූ අවධානම ඊයේ පස්වරුවේ පහව ගිය බවත් ඉදිරි දින 14 කට පමණ ප්‍රමාණවත් ඉන්ධන තොගයක් ගොඩබෑමට නියමිත බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (13) පස්වරුවේ පැවසීය.

වරායට පැමිණ තිබූ ඉන්ධන නැව් තුනක් සඳහා ණයවර ලිපි විවෘත කරගැනීමට නොහැකිව දින කීපයක් තිබීමෙන් මෙම මස තුළ ඉන්ධන හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති වී තිබූ බව කී අමාත්‍යවරයා අද පස්වරුවේ ඒ සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට හැකිවීමෙන් එම අවධානය පහව ගිය බව ද සඳහන් කළේය.

එම එක නෞකාවක පෙට්‍රල් මෙටි්‍රක්ටොන්  37000 ක් සහ ඩීසල් නෞකා දෙකේ ඩීසල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ඇති බවත් ඒ අනුව පෙට්‍රල් දින 12 කට සහ ඩීසල් දින 14 කට ප්‍රමාණවත් බවත් අමත්‍ය ගම්මන්පිල මහතා කීය.