IMG-LOGO

ඉන්ධන මිල යළි වැඩි වෙයිද?

ඉන්ධන මිල සහ විදුලි මිල වැඩි කිරීම සලකා බලන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව, ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.

මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ඉල්ලීම කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මාර්තු 3 වැනිදා රැස් වූ අතර එහි තීන්දු තීරණ සහ වත්මන් ආර්ථික අභියෝග ජයගැනීම සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.

වත්මන් ආර්ථික අර්බුදවලින් ගොඩ ඒම ට ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය වීම සඳහා ආණ්ඩුව ඒකාබද්ධ ක්‍රියාමාර්ග කඩිනමින් කළ යුතු බවත් ඒ අනුව රජයේ ආර්ථික හා මූල්‍ය උපදේශක ලෙස පහත කරුණු සලකා බලන්නැයි මහ බැංකුව ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.

මේ අනුව අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන සීමා කිරීම, ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරීම, විදෙස් ප්‍රේෂණ සහ ආයෝජන තවදුරටත් දිරිගැන්වීම, පුනර්ජනනීය බලශක්තිය කරා කඩිනමින් යොමු වීම, බලශක්ති සංරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීම, තිරසර පදනමක් මත සුදුසු බදු වැඩි කිරීම සහ රජයේ ආදායම් ඉහළ නැංවීම, කඩිනමින් විදේශ මූල්‍ය සහාය සහ ණය නොවන විදේශ විනිමය ලබාගැනීම, උපායමාර්ගික නොවන සහ ඌන උපයෝගී වත්මක් කඩිනමින් අලෙවි කිරීම සහ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ප්‍රාග්ධන ව්‍යාපෘති කල් දැමීම එම ප්‍රධාන යෝජනා අතර වෙයි. 

(055)



අදහස් (2)

ඉන්ධන මිල යළි වැඩි වෙයිද?

චන්දන Friday, 04 March 2022 02:21 PM

අලුත් ඇමතිවරයාට වැඩ පටන් ගන්න පුළුවන‍්...

:       0       6

Bamunuarachchi Saturday, 05 March 2022 08:32 AM

කබ්රාල් කියනවා වගේ අඩුගානේ පිරිවැයටවත් මිල කරන්න. කාර් තිබෙන මිනිස්සුන්ට අඩු ගාණට ඉන්ධන දෙන්න කරත්තවල යන මිනිහා බදු ගෙවන්න වුවමනා නැත. ඉන්ධනවලට රජය සහනාධාර දෙන්නේ ඇයි? මොන රටේද එහෙම කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 32 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site