IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉන්ධන මිල ඉහළ යද්දී විදුලි ඇමැතිට විදුලිසැර වදී

අජන්ත කුමාර අගලකඩ
 
ඉන්ධන මිල සුත්‍රය හමුවේ ඉන්ධන මිල ගණන් දිගින් දිගටම ඉහළ යන බැවින්, විදුලි ඒකකයක නිෂ්පාදන වියදම සමනය කර ගැනීම සඳහා සහනයක් සලසන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අද (16) පැවති කැබිනට් රැස්වීමේ දී ඉල්ලීමක් කර ඇත.


ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කර ඇත.


විදුලිබල මණ්ඩලයේ විදුලි නිෂ්පදන වියදමින් සියයට 60 ක් පමණ ඉන්ධන සඳහා වැයවන බවත් එය දරාගත නොහැකි බවත්, ඇමැතිවරයා සිය කැබිනට් පත්‍රිකාවෙන් පෙන්වා දී ඇත.


ඉන්ධන සඳහා මිල සුත්‍රයක් ක්‍රියාත්මක වුවද, විදුලිබල මණ්ඩලයට එවැනි මිල සුත්‍රයක් හඳුන්වාදිය නොහැකි බව පෙන්වා දී ඇති ඇමැති සියඹලාපිටිය මහතා  කෙසේ වුවද මණ්ඩලය විදුලිය නිෂ්පාදනය සඳහා දරණ අධික වියදම සමනය කර ගැනීමට සහනයක් අවශ්‍ය බව පවසා ඇත.


මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යංශය සහ ඛනිජතෙල් සංවර්ධන අමාත්‍යංශය යන අමාත්‍යංශවල නිලධාරින්ගෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරිමට කැබිනට් මණ්ඩලය  තීරණය කර ඇත. 



අදහස් (4)

ඉන්ධන මිල ඉහළ යද්දී විදුලි ඇමැතිට විදුලිසැර වදී

OMG Tuesday, 16 October 2018 02:03 PM

ඇමැතිට එහෙම නම් අපිට මොනවද? ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ නෙමේ "ගහෙන් වැටුන මිනිහට ගොන්නු ඇන්නා වගේ". හැම පැත්තෙන්ම වදිනවනේ...

:       0       0

hasantha Tuesday, 16 October 2018 03:48 PM

මේක රටේ තවත් මාෆියා ව්‍යපාරයක්. වහින කාලෙට ජලාශ වල වතුර වැඩිය එකතු කරගන්න උනන්දුවක් නෑ එතකොට පව්ද්ගලික බලාගාර වලින් මිලට ගන්න වෙන ප්‍රමාණය අඩුවෙන නිසා. ඒ එක්කම කොමිස් අඩු වෙනවා. මන් දන්න කෝටිපති ව්‍යාපාරිකයෙක්ට කුඩා කුඩා බලාගාර ගොඩක් තියෙනවා. රජයට විදුලිය විකුණලා තමයි වැඩිපුරම සල්ලි හොයන්නේ.

:       0       0

KANDEPOLA Wednesday, 17 October 2018 02:55 AM

විදුලි බිලටත් සුත්‍රයක් දාලා මාසෙන් මාසේ බිල වැඩි කලානම් හරිනේ. අපේ මිනිස්සුන්ට එහෙම කරලත් මදි.

:       0       0

jayasekara Wednesday, 17 October 2018 03:54 AM

සූත්‍රයක් එන ලකුණු .....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site