IMG-LOGO

ඉන්ධන පෝලීමේ කුපිත වු පිරිස් කලුතර-බණ්ඩාරගම මාර්ගය වහයි

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දින පහක් මුළුල්ලේ ඩීසල් බලාපොරොත්තුවෙන් ගෝනදූව ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට රැදී සිටින රියදුරන් මීට සුළු මොහොතකට පෙර, ගෝනදූව ඉන්ධන පිරවුම් හල ඉදිරිපිටින් බැරල් සහ කෑන් දමා කළුතර බණ්ඩාරගම මාර්ගය  මුළුමනින්ම වසා දැමීමට කටයුතු කළේය.

මොරොන්තුඩුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ස්ථානයට පැමිණ මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන්  රියදුරන් සමග සාකච්ඡා කළ නමුත් මාර්ගය විවෘත කිරීමට රියදුරන් එකඟ නොවීය .

මේ හේතුවෙන් ගෝනදූව දෙස සිට  කළුතර දෙසට සහ බණ්ඩාරගම දෙසට දිගු වාහන පෝලිමක් දැකගත හැකිය.

(ඡායාරූප: සුමිත් පොතුපිටිය)



අදහස් (8)

ඉන්ධන පෝලීමේ කුපිත වු පිරිස් කලුතර-බණ්ඩාරගම මාර්ගය වහයි

kamal Saturday, 05 March 2022 05:19 PM

ඡන්දෙ දුන්නා නම් දැන් විඳවපන් බළලෝ කිව්වලු...

:       46       90

abSaturday, 05 March 2022 06:55 PM

දුකින් මිදීමට නම් දුක දැනිය යුතුම වේ... දුක දැනෙන විට යථාර්තය අවබෝධ වනු ඇත. වෙනස සොයාගත හැකිවන්නේ එවිටයි...

:       0       66

චිරන්ත Saturday, 05 March 2022 05:27 PM

පොලිසියේ මහත්වරුනි, මිනිස්සු මෙහෙම කරන්නේ ජීවත්වෙන්න ඉතින් ආණ්ඩුව එයට ප්‍රතිකර්ම යොදන්නේ නැත්නම් මිනිසුන්ට ගහලා බැනලා වැඩ කිරීමෙන් ප්‍රශ්නය තවත් දුරයනවා. ඒ නිසා මේ ප්‍රශ්නය දේශපාලන අධිකාරියට පෙන්වාදීලා විසඳුමක් සොයන්න අතීතයේ ඉහළම නිලධාරින් කළේ එහෙමයි. පොලිස්පතිතුමෝ, ඇමැතිවරයා හරහා අගමැති, ජනාධිපති දැනුවත් කර ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන්න..

:       30       56

සලීම් Saturday, 05 March 2022 06:15 PM

කොහෙද මේ රටේ අගමැති, ජනාධිපතිලා ඉන්නවද කියලා අපි නම් දන්නේ නැහැ... අනේද රටට ගිය කලක්?...

:       26       70

සෙනවා Saturday, 05 March 2022 06:42 PM

මිරිහාන පාර වහන්න ජනතාවට හයිහත්තියක් නැහැ...

:       43       58

Soma dubayi Sunday, 06 March 2022 11:00 AM

ගහලා පන්නන්න ඕනෑ. ජනාධිපතිතුමාට වැඩ කරන්න දෙන්නේ නැහැ...

:       36       3

fairoos Sunday, 06 March 2022 12:51 PM

අනේ මේ රටට කරපු විනාශයක්... හෙන 7 ම වදිනවා.

:       21       20

Rohana Sunday, 06 March 2022 02:38 PM

ආණ්ඩුව අසමත්... ඉක්මණින්ම ඉල්ලා අස්වී මැතිවරණයක් පවත්වා රට කළහැකි අයෙකුට රට බාරදීමට අවස්ථාව පැමිණ ඇත....

:       19       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1791 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site