
( රංජිත් රාජපක්ෂ)
තිස්සමහරාමයේ සිට මස්කෙලිය ප්‍රදේශයේ සංචාරයක් සදහා පැමිණි තරුණයන් පිරිසක් තම වාහනයට ඩිසල් ඉල්ලා හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක කලමණාකරු සහ සේවකයින් සමග අද නොසන්සුන්කාරි ලෙස හැසිරිණ.
දින තුනක සංචාරයක් සදහා පැමිණ ඇති එම තරුණයන් පිරිස ඊයේ (27) මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටඅද (28) දින හැටන් හරහා මස්කෙලියට යාමට හැටන් නගරයට පැමිණි අවස්තාවේ ඔහුන් පැමිණි වාහනයට ඉන්ධන අවසන් විම නිසා හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ගෙන් ඉන්ධන ඉල්ලීමෙන් පසු මෙම නොසන්සුන්තාව ඇතිව තිබේ.
ඉන්ධන නොමැති බව ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පැවසීම නිසා එම අවස්තාවේ සංචාරයක් සදහා පැමිණි තරුණයන් සහ ඉන්ධන පිරවුම්හලේ සේවකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවීමෙන් එය පාලනය කිරිමට හැටන් පොලිසියේ නිලධාරින්ට මැදිහත් විමට සිදු විය.
හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ගේ මැදිහත්විමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ හිමියෙකුගෙන් ඔහු සන්තකයේ තිබු ඩිසල් ලිටර් 20 ක් මුදලට එම තරුණයන්ට ලබා දිමට කටයුතු කිරිමත් සමග එම තරුණයන් එම ස්ථානයෙන් පිටව ගියහ.



2025 නොවැම්බර් මස 17
86
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
925
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2543
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉන්ධන ඉල්ලා පිරිසක් නොසන්සුන් වෙයි