(සුජිත් හේවාජුලිගේ)
ඉන්දියාවේ මේදිනවල වේගයෙන් පැතිර යන බී.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් පස් දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව කොරෝනා නව වයිරස ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
මීට අමතරව බ්‍රිතාන්‍යයේ පැතිර ඇති බී117 ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනයවූ ආසාදිතයන් පිරිසක් තවත් ප්‍රදේශ පහකින් සොයාගත් බවද ඔහු සඳහන් කරයි.
සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සඳහන් කරන අන්දමට ඉන්දියාවේ මේදිනවල සීග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදය මෙරට සමාජයෙන් හමුවූ පළමු අවස්ථාව මෙය වෙයි.
ඩෙල්ටා ඉන්දීය කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනකු මෙයට පෙර මෙරටින් හමුවූවත් ඔවුන් දෙදෙනාම සොයාගෙන තිබුණේ මෙරට නිරෝධායන මධ්‍යස්ථාන දෙකකිනි.
මෙම ඉන්දීය වයිරස ප්‍රභේදය මෙරට මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන බී117 ඇල්ෆා බ්‍රිතාන්‍ය වයිරස ප්‍රභේදයට සාපේක්ෂව පැතිරීමේ සීඝ්‍රතාව සියයට 50කින් පමණ ඉහළ අගයක් ගන්නා බවත් ඉන් දරුණු රෝග ඇතිවීමේ හැකියාවද වැඩි බවත් චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.
එසේම එක් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවකින් මෙම ඉන්දීය ප්‍රභේදය පාලනය කළ නොහැකි බවත් ඔහු පැවසුවේය.
බ්‍රිතාන්‍ය ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් හමු වී ඇත්තේ කොළඹ 6, කොළඹ8 ,කොළඹ 10 ,මඩකලපුව සහ ගාල්ල කරාපිටිය ප්‍රදේශවලිනි .
මේ සැර කොරෝනා වයිරස ප්‍රභේද ආසාදනය වූ පුද්ගලයන් හමු වීමෙන් පසුව ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් වෙන්කර නිරෝධායනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.
මෙම සැර කොරෝනා වයිරස ආසාදනවූ පුද්ගලයන් පිළිබඳ ජාන විශ්ලේෂණ වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාට අද (17) පෙරවරුවේ බාරදෙනු ලැබීය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නගර 100 සංවර්ධනය කරනන තියන මුදල් වලින් එන්නත් ගේන්න බැරිද
ශ්‍රී ලංකා මහත්තයා, දාමුකෝ අදහසක්... මේ ගැන විශේෂඥ වෛද්‍යතුමාටත් වඩා ඔබ දන්න දේ රටට කියන්න බලන්න...!!!
එච්චරයි අඩුවක් තිබුනේ. මේ විදිහට සංචරණ සීමා තිබුනොත් අප්‍රිකානු එකත් එනවා හරියැ.... ගුවන්තොටුපොළත් ඔය විදිහටම ඇරලා තියමු. සංචාරකයිනුත් ආපුදෙන්...!!!
හිටපු හිටන් ෙහාඳයි වගේ... දැන්ද මේ ආණ්ඩුවට ඉන්දියන් ප්‍රභේදය හමුවෙලා තියෙන්නේ..? අයියෝ නන්දසේන...!!!
තව අප්‍රිකානු ප්‍රභේදය විතරයි අඩු... මේ යන විදිහට එ්කත් එයි...