ලොව විශාලතම මැතිවරණය ලෙස සැලෙකන ඉන්දීය මහ මැතිවරණය අද (11) ආරම්භ විය. ලෝක ජනගහනයෙන් අටෙන් එකක්, ආසන්න වශයෙන් මිලියන 900ක් ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙන ඉන්දියාවේ මහ මැතිවරණය සති හයක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත අතර අද (11) ආරම්භ වූ මැතිවරණයේ ඡන්ද විමසීම් අවසන් වනුයේ මැයි මස (19) වැනිදා ය. ඉන්දියාව යනු ලොව දෙවැනි විශාලතම ජනගහනය හිමි රට ද වේ.
ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන ලක්ෂ 10 කදී ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
මෙවර මහ මැතිවරණයට නව ඡන්ද දායකයන් ලක්ෂ 410ක් ලියාපදිංචි වී සිටිති. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින පිරිසෙන් හරි අඩක් කාන්තාවෝය. ඡන්ද දායකයන් 39,000ක් සංක්‍රාන්ති සම්භාවීය පුද්ගලයන්ය.
2010 වසරේ සිට විදෙස් ගත ඉන්දීය ජාතිකයන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමට ඉන්දීය මැතිවරණ කොමිසම අවස්ථාව සලසා දී තිබේ.
දේශපාලන පක්ෂ 2,300ක් ඉන්දීය මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වී ඇති නමුත් ජාතික මට්ටමේ ප්‍රධාන පක්ෂ ලෙස හඳුනාගෙන ඇත්තේ පක්ෂ හතක් පමණි. පක්ෂ 59ක් ප්‍රාන්ත මට්ටමෙන් ඉදිරිපත් ව සිටී.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
COMMENTS
හුණ්ඩුවක් වගේ තියෙන අපේ රටේ මැතිවරණ පවත්වල පපුවෙ අමාරුව හදාගත්ත මැකොලත් හිටියේ? අම්මප , ඉන්දියාව වගේ රටක මහා මැතිවරණයක් පැවැත්වීම පුදුමෙනුත් පුදුමයක්.
අගමැති මෝඩිට අවාසිදායක තත්වයක් තමා තියෙනවා කියන්නේ. එත් කොංග්‍රසයටත් තනියම දිනන්න අමාරුලු. මෝඩි ආපහු දිනුවත් කලින් තරම් බලයක් ලැබෙන්නේ නැහැ. කොහොමත් ඉන්දියාවේ ශක්තිමත් ආණ්ඩුවක් හැදුනොත් කලාපයේ අනිත් රටවල් වලට ඇගිලි ගහනවා වැඩියි.
තව දින 4 කින් අප්‍රේල් 17 වෙනිදා ලෝකයේ 4 වන තැනට වැඩිම ජනගහනය ඉන්න දුපත් 17.500 කට වැඩි ගණනකින් සෑදුන රටක් වන ඉන්දුනීසියාවේ එකම දවසෙ ජනාධිපති. පාර්ලිමේන්තු. පලාත් සභා. ප්‍රාදේශීය සභා. නගර සභා. යන සේරටම ඡන්දය පවත් වනවා. අපේ එක දුපතේ කෝටි 20 ජනතාවගේ ඡන්දෙ තියාගන්න බැරුව අවුරුදු ගානක් මැකෝ සහ පවතින රජය බයිලා කියනවා රට වැසියාට. බැරි නම් පුළුවන් එකෙක් ඉන්දියාවෙන් හරි ඉන්දුනීසියාවෙන් හරි ආනයනය කරලා ඡන්දෙ තිබ්බනම් ප්‍රශ්න ගොඩක් විසදෙයි