IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය ධීවර යාත්‍රා 202 ක් නාවික හමුදා බාරයේ

(ඉන්දිකා රාමනායක)

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කර ධීවර කටයුතු වල නිරත වෙමින් තිබියදී  අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් සතු යාත්‍රා 202 ක්  නාවික හමුදාව බාරයේ  තිබෙන බව නාවික හමුදාව පවසයි.

ධීවර යාත්‍රා 140 ක්  නීතිමය කටයුතු  නිමාකර අධිකරණයෙන් නිදහස් කර  ඉන්දියාට රැගෙන යාමට නියමිත ඒවා බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර්  ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.‍

තවත්  ධීවර  යාත්‍රා 51 සම්බන්ධයෙන් අධිකරණ කටයුතු  නිමා කර ඇති බවත් තවත් යාත්‍රා 11 ක් සම්බන්ධයෙන් අධිකරණය කටයුතු සිදුකරමින් පවතින බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරතවීම හේතුවෙන් මෙරට ධීවරයින් නොයෙක්  ගැටළු වලට මුහුණ දෙන බවත්  ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට  ඔවුන් ප්‍රදේශීය  ධීවර කාර්යාලයට හා නාවික හමුදාව වෙත සංදේශ බාර දී තිබූ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය  කරමින්  සිටින ධීවරයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නාවික හමුදාව වෙත මාධ්‍ය මගින් චෝදනා එල්ල කළ ද  නාවික හමුදාව එම කටයුතු  සිදුකරන්නේ  ධීවර පනතේ  ප්‍රතිපාදන අනුව බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා  සඳහන් කළේය.

නාවික හමුදාවට මේ සම්බන්ධයෙන් වැඩි වශයෙන් චෝදනා එල්ල කරන්නේ ඉන්දීය මාධ්‍ය මගින් බවද  හෙතෙම කියා සිටියේය.

මේ සම්න්ධයෙන්  ඉදිරියේ දී නාවික හමුදාව අවශ්‍ය කටයුතු සිදුකරන බවත් එය නාවික හමුදාවේ වගකීමක් බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

 

 

 

 



අදහස් (0)

ඉන්දීය ධීවර යාත්‍රා 202 ක් නාවික හමුදා බාරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site