
(රේඛා තරංගනී ෆොන්සේකා)
ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් හෙට (9) කොළඹ වරායට ළඟා වන බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරි ප්‍රධාන ඉංජිනේරු යාන්ත්‍රික කීර්ති හේවාවිතාරණ මහතා පැවසීය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ මැදිරි 160 න් දුම්රිය මැදිරි 10 ක් මෙසේ ගෙන එන බවත් මෙම එක මැදිරියක් සඳහා වැය වන මුදල මිලියන 80 ක් බවත් හේවාවිතාරණ මහතා කීය.
මෙම මැදිරි මීට පෙර මෙරටට ගෙන්වන ලද (M11) දුම්රිය එන්ජින් සඳහා සැකසු මැදිරි බවත් ගෙන්වනු ලබන එම මැදිරි පහත රට ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ ධාවනය කිරීමට නියමිතය.
මෙරටට ගෙන්වීමට නියමිත දුම්රිය මැදිරි 160 යටතේ තිරිංග මැදිරි 17 ක්, භාණ්ඩ ප්‍රවාහන තිරිංග මැදිරි 8 ක් තුන්වෙනි පන්තියේ මැදිරි 41 ක්, දෙවන පන්තියේ මැදිරි 42 ක්, වායු සමනය කළ මැදිරි 35ක්, අවන්හල් වර්ගයේ මැදිරි 13ක් ගෙන්වීමට නියමිත බවත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය මැදිරියක්වත් ලංකාවේ තවම හදාගන්න බැරිද?
චීන දුම්රිය එන්ජින් ධාවනය කිරීමට ප්‍රතික්ෂේප කරපු දුම්රිය රියදුරන්, ඉන්දියානු පෙට්ටි ඇදගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ මොන විදියේ එන්ජින් වලින්ද.?
පෙනෙන විදිහට මෙම තත්වයේ මැදිරි පහසුකම් ලංකාවේ නිෂ්පාදනය කළ හැක. යකඩ පෑස්සුම් කර තහඩු යොදා සෑදිය හැක.