(යොහාන් භාසුර)

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන යුෂවේන්ද්‍ර චාහල් සහ ක්‍රිෂ්නප්පා ගෞතම් යන ක්‍රීඩකයන් ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසීය.

ඉන්දීය පිලේ සෙසු ක්‍රීඩකයන් නැවත ඉන්දියාව බලා පිටත්ව ගිය ද මෙම ක්‍රීඩකයන් දෙදෙනා තව දුරටත් ශ්‍රී ලංකාවේ රැදී සිටිති.

ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (29) පැවැති අවසන් විස්සයි20 තරගයට පෙර ඉන්දීය ක්‍රීඩකයන්ගෙන් ලබාගත් පී.සී.ආර්. සාම්පල පරීක්‍ෂණවල ප්‍රතිඵල අනුව එම ක්‍රීඩකයන් දෙදෙනා ආසාදිත වී ඇති බවත් ඉන්දීය පිල ඉන්දියාව බලා පිටත්ව යෑමට මේ වන විට කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටින බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.