‘ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගමන් මඟ’ ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද (26) ආරම්භ විය.
කොළඹ 07, ආර්.ජී. සේනානායක මාවතේ පිහිටි ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී මෙම ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වේ.
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කර වසර 70ක් සැපිරීම නිමිත්තෙන් සැමරුම් මාලාවක් සංවිධානය කර තිබෙන අතර එහි සමාරම්භක උත්සවය මෙම ඡායාරූප ප්‍රදර්ශනයෙන් ආරම්භ විය.
ඉන්දීය ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාව සකස් කිරීමේ ක්‍රියාවලිය, නිදහස් ඉන්දියාවේ ප්‍රථම අධිකරණ අමාත්‍ය සහ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධානතම නිර්මාතෘවරයා ලෙස සැලකෙන ආචාර්ය බී.ආර්. අම්බෙඞ්කාර් සහ පළමු ව්‍යවස්ථාදායක සභා රැස්වීම ආදී දුර්ලභ ඡායාරූප රැසක් මෙම ප්‍රදර්ශනයට එක් කර තිබේ.
නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ්, ජාත්‍යන්තර අධ්‍යයන සඳහා බණ්ඩාරනායක මධ්‍යස්ථානයේ ගුරුවරුන් සහ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් ද සමාරම්භක අවස්ථාවට එක්වූහ.
තෙදිනක් මුළුල්ලේ මහජනතාවට විවෘතව පැවැති මෙම ඡායාරූප ප්‍රදර්ශනය අනිද්දායින් (28) අවසන් වේ.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ තියෙන්නේ ඉතින් ව්‍යාප්ත වාදයනේ, එයාලාගේ මොන ආණ්ඩුව ආවත් එකම ප්‍රතිපත්තිය.
මොන ආණ්ඩුව ආවත් රට ට අහිතකර විදියට ප්‍රතිපත්ති වෙනස් නොකරන නිසා තමයි ඉන්දියාව අද ඇමරිකාවත් එක්ක වුනත් හැප්පෙන්න පුළුවන් තරමට ඉස්සරහට ඇවිත් තියෙන්නේ... අපේ දියවන්නාවේ ඉන්න අයටත් මේක ගිහිල්ලා අධ්‍යයනය කරන්න අනිවාර්ය කරනවා නම් හොදයි...