
(*** බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවේ සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘‘හරක් කටා’’ නමැත්තාගේ සමීපතම ගෝලයකු මාතර උසාවිය පාරේ දී පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘‘ලසා’’ නමැති පාතාල සාමාජිකයෙකි. ‘‘හරක් කටා’’ නමැත්තා මහා පරිමාණයෙන් සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම හා ගිනි අවි ජාවාරමට මෙම සැකකරු සම්බන්ධ වී ඇති බවට ලද තොරතුරු අනුව මාතර බලා ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
තිස්තුන් හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් නිලධාරියා පැවසීය. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් නන්දන, සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා, පොලිස් පරීක්ෂක නිශාන්ත යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.
2025 දෙසැම්බර් මස 18
426
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවේ සැඟවී ඉන්න ‘හරක් කටාගේ’ ගෝලයකු මාතරදී අල්ලයි
ranja Wednesday, 16 September 2020 07:20 AM
හරක් කටා ඉන්දියාවේ හැංගිලා නෙවෙයි ඉන්නේ. එයා ඉන්දියාවේ ඉඳන් තමයි ලංකාවේ තමන්ගේ ගෝලයන් ක්‍රියාකරවන්නේ.