IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ඉන්දියාවේ රාජ්‍ය බැංකු වල බිලියන 958 ක මූල්‍ය වංචාවක්

ඉකුත් අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයේදී ඉන්දීය රාජ්‍ය බැංකුවල ඉන්දීය රුපියල් බිලියන 958ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 13.3ක) වංචාවක් සිදුව ඇතැයි එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.  

ඉන්දීය ආණ්ඩුව රාජ්‍ය බැංකුවල පාඩුව පියවා ගැනීමට උපකාරී කරමින් සිටියදී මෙම මූල්‍ය වංචා සිදුව තිබේ.

මේ වසරේ අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයේදී සිදුවීම් 5,743ක් සම්බන්ධයෙන් වාර්තා වී ඇතිබවත් එහෙත් පසුගිය වසරවලදී වංචා රැසක් සිදුව ඇති බවත් ඉන්දීය මුදල් අමාත්‍යවරිය කීවාය. එමෙන්ම තවත් වංචා සිදුවීම් 1,000ක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවත් ඒවායේ වටිනාකම ඉන්දීය රුපියල් බිලියන 25කට අධික බවත් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පැවැසුවාය.

“ආණ්ඩුව බැංකුවල වංචා නැවැත්වීමට ශක්තිමත් පියවර රැසක් ගෙන තිබෙනවා” යැයි ද ඇය කීවාය.

පසුගිය මූල්‍ය වසර දෙකේදී අකර්මන්‍ය සමාගම්වලට අයත් බැංකු ගිණුම් 338,000ක් අත්හිටුවීමටත් දූෂණවලට සම්බන්ධ සහ රටින් පලා ගොස් පුද්ගලයන්ගේ දේපළ සහ වත්කම් රාජසන්තක කිරීමටත් ඉන්දීය ආණ්ඩුව පියවර ගෙන තිබේ. ඒ සඳහා අවශ්‍ය නීති ද පසුගිය කාලයේදී සම්මත කරගත්තේය.

‘ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා’ බැංකුවේ ඉන්දීය රුපියල් බිලියන 254ක්, ‘පන්ජාබ් නැෂනල් බෑන්ක්’ බැංකුවේ ඉන්දීය රුපියල් 108ක් සහ ‘බෑන්ක් ඔෆ් බරෝදා’ බැංකුවේ ඉන්දීය රුපියල් බිලියන 83ක වංචාවක් ද සිදුව ඇතැයි නිර්මලා සීතාරාමන් කීවාය.

රාජ්‍ය බැංකු ලිහිල් රෙගුලාසි පවත්වාගෙන යන බවත් ඇතැම් බැංකුවල නිලධාරීන් වංචනිකයන්, වංචාකරුවන් සමඟ හවුලේ මිත්‍රත්වයෙන් කටයුතු කරන බවත් සීතාරාමන් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය අමතමින් පැවැසුවාය.

බංකොලොත් වීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2016 වසරේදී දැඩි නීති හඳුන්වා දුන් අතර ආර්ථික අපරාධකරුවන් අල්ලා ගැනීමේ අරමුණින් තවත් නීති හඳුන්වා දුන්නේය. ඊට අමතරව පසුගිය කාලයේදී සිදුවූ වංචා නිසා ඇමෙරිකානු ඩොලර් බිලියන 140කට ආසන්න පාඩුවක් රාජ්‍ය බැංකුවලට සිදුව සිදුව තිබූ එම පාඩු පියවා ගැනීම සඳහා ද නීති ගෙනාවේය.

‘පන්ජාබ් නැෂනල් බෑන්ක්’ බැංක-ුව යනු ඉන්දියාවේ දෙවැනි විශාලතම රාජ්‍ය බැංකුව වන අතර පසුගිය වසරේදී පමණක් එම බැංකුවේ සේවකයන් සිදු කර ඇති වංචා නිසා සිදුව ඇති පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවන බව පැවසේ.

රොයිටර්ස් ඇසුරිනි

055



අදහස් (7)

ඉන්දියාවේ රාජ්‍ය බැංකු වල බිලියන 958 ක මූල්‍ය වංචාවක්

SL Wednesday, 20 November 2019 05:50 PM

අපේ අය ඉන්දීය වාර්තාව කඩන්න උත්සහ කරන්න එපා!

:       0       67

Athil Goonesekera Thursday, 21 November 2019 03:18 AM

මම හිතුවේ අර්ජුන් මහේන්ද්‍රන් ඉන්නේ සිංගපූරුවේ කියලා.

:       0       62

Senarath Thursday, 21 November 2019 03:47 AM

අපේ කට්ටියගේ මහබැංකු හොරකම ගැන ඇහුවම එයාලටත් හිතෙන්න ඇති බැංකු වලට වැඩේ දෙන්න.

:       0       47

lalithm Thursday, 21 November 2019 04:12 AM

ඒක නොවේ. අපේ අය ඒක මත්තෙම කන්න ගියා මිසක් පරීක්ෂණ කරලා අල්ලගන්න ඉඩ දුන්නේ නැහැ. සද්ද නැතිව පරීක්ෂණ කරලා අත් අඩංගුවට ගන්නේ නැතිව දේශපාලනය කරන්න ගියායින් හොරු පැනලා යන්න මාර්ගය හැදුවා නේද?

:       149       4

දයාවතී Thursday, 21 November 2019 04:50 AM

එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි.

:       0       28

abaran Thursday, 21 November 2019 05:03 AM

චීනය ආදර්ශයට ගන්න වෙයි...

:       0       21

palitha Thursday, 21 November 2019 05:07 AM

දැන් කියයි කට්ටිය ඔය අල්ලපුරටෙත් වෙලා තියෙන එකේ, ඔන්න ඕක අල්ලලා දාන්න කියල.

:       155       60

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1103 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site