ඉන්දියාවේ හිටපු අගමැති අතර් බිහාරි වජ්පායී  මහතා විසින් 2002 වර්ෂයේදී ආරම්භ කරන ලද බොගිබීල් පාලමේ ඉදිකිරීම් කටයුතු නිමාකර එළඹෙන  අඟහරුවා (25 වැනිදා) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි  අතින් විවෘත කිරීමට නියමිය.

1997 වර්ෂයේ හිටපු අගමැති දේව් ගවුඩා   මෙම පාලම සඳහා  මුල්ගල තබා ඇති අතර නැවත මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ 2002 වසරේදීය.  එය විවෘත කරන්නේ දෙවැනි වරට වැඩ ආරම්භ කළ වසරේ සිට වසර 16කට පසුවය.

මෙම පාලමේ දිග කිලෝමීටර් 4.94ක් වන අතර ඉන්දියාවේ දිගම රේල් පාලම මෙය වේ.

''මම පාසල් යන කාලයේ අගමැති වූ අතර් බිහාර් වජ්පායි මෙම ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා. අවුරුදු ගණනක් තිස්සේ අපි මේ හීනය දකිමින් හිටියා. අරගල කිහිපයක ප්‍රතිඵලයක් ලෙස  මෙම පාලම ඉදිවී තිබෙනවා''  යැයි මේ පිළිබඳ අදහස් දක්වමින් ඇසෑම් ප්‍රාන්තයේ රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයෙක් වන භාස්කාර් ගොගොයි  පැවසුවේය.

බ්‍රහ්මපුත්‍ර ගඟ හරහා මෙම පාලම ඉදිකර ඇති අතර  මෙම ද්විත්ව පාලමේ ඉහළ කොටස වාහන ගමනාගමය සඳහා මන්තීරු 3කින් සමන්විත වේ. පහළ කොටස දුම්රිය ගමන්කිරීම සඳහා සැකසුණු දුම්රිය මාර්ග දෙකකින් සමන්විත වේ.

මෙම ඉදිකිරීමට  ඉන්දියානු රුපියල් කෝටි  5,920ක් වැය වී ඇති අතර අගමැති  අතර් බිහාරි වජ්පායී  මහතාගේ  උපන්දින සංවත්සරය නිමිති කරගෙන මෙය විවෘත කරනු ඇත.

ඇසෑම් ප්‍රාන්තයේ ටින්ෂුකියා දිස්ත්‍රික්කය සහ  අරුනාචල් ප්‍රාන්තය අතර ගමන්කිරීම සඳහා මීට පෙර වැය කළ කාලය මෙම පාලම නිසා පැය 10කින් අඩු වන බව පැවැසේ. මේ අනුව එක් ප්‍රාන්තයක සිට අනිත් ප්‍රාන්තයට යන්නට කිලෝමීටර්  500ක ගමන් මාර්ගය  කිලෝමීටර් 100කින්  නිමා කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.  

විශාල යුද ටැංකි නැවත්වීමට ඔරොත්තු දෙන තරම් ශක්තිමත්ව මෙම පාලම ඉදිකර ඇත. දුම්රිය මාර්ගය සහ මාහා මාර්ගව අතර උස මීටර 10.5කි.

ඉන්දියාවේ දිගම පාලම දෝලා සාදියා  (භූපන් හසාරිකා සේතු) පාලමයි. ලෝහිත් ගඟ මතින් ඉදි කර ඇති එහි දිග කිලෝමීටර 9.15කි. 2017 වසරේ දී එය විවෘත කර තිබේ. ගංගා නම් ගඟ හරහා ඉදි කර ඇති මහත්මා ගාන්දි පාලම ඉන්දියාවේ දෙවැනියට දිගටම පාලම වන අතර එහි දිග 5.7කි.

(63226)     

(ගූගල් සිතියමකි)

(අවසන් ඡායාරූපයේ ඇත්තේ ඉන්දියාවේ දිගම පාලමයි.)