IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ඉන්දුනීසියාවේ ගුවන් යානයක් හදිසියේ කටුනායකට

(ටී.කේ.ජී.කපිල )

ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසියේ දුමාරයක් ඇති වීම හේතුවෙන් අද (02) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩ බෑමකට ලක් කිරීමට එම ගුවන් යානයේ ගුවන් නියමුවා පියවර ගෙන තිබේ.

මෙය ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් ජී.ඒ.- 972 දරන  ඒ.- 330 වර්ගයේ ගුවන් යානයක් වූ අතර  එහි මගීන් සහ කාර්යය මණ්ඩලය 338 ක් සිටිය බව ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා පැවසීය.

මෙම ගුවන් යානය ඉන්දුනීසියාවේ බණ්ඩාචි ගුවන් තොටුපළේ සිට සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපළ බලා පිටත්ව යමින් සිටියදී යානය තුළ හදිසියේම දුමාරයක් ශ්‍රී ලංකාවට ඉහළ අහසේ දී ඇති වීම නිසා එම ගුවන් යානයේ නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත ඒ බව දැනුම් දීමෙන් අනතුරුව ගුවන් තොටුපළට ගොඩ බෑමකට අවසර ලැබී තිබුණි.

ඒ අනුව ගිනි නිවීමේ රථ , ගිලන් රථ ඇතුළු සියලු හදිසි ගොඩ බෑමකට අවශ්‍ය දෑ කටුනායක ගුවන් තොටුපළ තුළට රැගෙන විත් සූදානම් කිරීමකට ද පියවර ගෙන තිබුණි.

ගුවන් යානයේ නියමුවා විසින් ගුවන් යානය මැනවින් පාලනය කර ගනිමින් අද රාත්‍රී 9.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමට සමත්විය.

පසුව ගුවන් යානයේ මගීන් යානයෙන් ඉවත් කර කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන අතර ගුවන් යානය තුළ හදිසියේ  හටගත් දුමාරය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු ගුවන් සේවා ඉංජිනේරුවන් විසින් ආරම්භ කර තිබේ.



අදහස් (0)

ඉන්දුනීසියාවේ ගුවන් යානයක් හදිසියේ කටුනායකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 471 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 465 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site