IMG-LOGO

ඉදිරි මාසයේදී රුසියානු සංචාරකයින් වැඩිවන ලකුණු

( තිළිණි ද සිල්වා )

රුසියානු සංචාරකයන් දහසකට ආසන්න පිරිසක් මේ මාසයේ සහ ඉදිරි මාසය තුල මෙරටට පැමිණෙනු ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

මේ මාසය මාසය තුල මොස්කව් සිට කොළඹට පැමිණෙන සියලුම ශ්‍රී ලංකන් සමාගමට අයත්  ගුවන් යානා ආසන වෙන්කර ගැනීම සඳහා රුසියානු සංචාරකයන් කටයුතු කරමින් සිටින බවද  ඒ අනුව ශ්‍රි ලංකන් ගුවන් සමාගම  අද ( 09) , ලබන  16,  23 හා  30 වැනි දිනයන්හී මොස්කව් සිට මෙරටට සිදුකරන ගුවන් ගමන්වාර මගින් මෙරටට පැමිණීම සඳහා දහසකට ආසන්න පිරිසක් ආසන වෙන් කරගෙන ඇතැයි ද එම අමාත්‍යාංශය කියා සිටී.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය රුසියාව කේන්ද්‍ර කරගත් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමත් ,  ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් රුසියානු සංචාරකයන්ට හදුන්වා දුන් සංචාරක  සහන පැකේජයක් හේතුවෙන් එරට සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට හේතු වී ඇතැයි එම අමාත්‍යාංශය පෙන්වා දේ.

අවසන් වරය රුසියානු සංචාරකයන් වැඩිම පිරිසක් ශ්‍රී  ලංකාවට පැමිණ ඇත්තේ 2019 වසරේදී වන අතර  රුසියානු සංචාරකයන් සංඛ්‍යාව 86,000ක් එම වසරේදී පැමිණියේය. 2020 මාර්තු මාසයේ සිට මෙරට කොවිඩ් වසංගතය හේතුවෙන්  සංචරණ සීමා පැවතිය ද 2020 වසර තුලදී මෙරටට රුසියානු සංචාරකයන් 49,397ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඉදිරි මාස 02ක කාලය තුල මෙරටට රුසියානු සංචාරකයන්ගේ  පැමිණීමේ විශේෂ වර්ධනයක් දක්නට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. වසර හයකට පසුව ශ්‍රී ලංකාව හා රුසියාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ වූයේද ඉකුත් ජූලි 31 වැනිදා සිටය.

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ඉදිරි මාසයේදී රුසියානු සංචාරකයින් වැඩිවන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 502 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site