(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මැතිවරණ සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ සමග සන්ධානගතවී තරඟ කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය.
ඒ සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ සමග මේ දිනවල සාකච්ඡා වට සිදුකරමින් පවතින බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ආණ්ඩුව පරාජය කර රට ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවල සමගි ජනබලවේගයේ මූළිකත්වයෙන් ඉදිරි මැතිවරනයෙන් ආරම්භ කරන බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කලේය.
COMMENTS
ආයෙත් වතාවක් නාගන්නයි හදන්නේ... කවුරු සන්ධාන ගත වුණත් පුතාණෝ නම් අල්ල ගන්න පුළුවන් වෙන එකක් නැහැ. අනුන් එක්ක සන්ධාන ගතවෙන්න කලින් තමන්ගේ කට්ටිය එක්ක සන්ධාන ගතවෙන ක්‍රමවේදයක් ගැන හිතා බැලුවොත් නරකද?
කෙරෙන්නේ නෑ... 48 ඉඳන්ම සංවර්ධනය කරනවා... සංවර්ධනය වුණා මිස රටකට වුණ සංවර්ධනයක් නෑ...
ඒ කියන්නේ ආපහු රනිල් එක්ක එකතුවෙනවා කියලනේ... නැතුව බෑ කියලා දැන් හිතෙනවාද?
2019 දී අපි පරාජයට පත්කළා ඒ වගේම... ඒ අතීතය අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
මෙයාලා කවදාවක් රටක්, දැයක්, සමයක් ගැන කතා කරනවාද? මොන කුණුගොඩේ හරි පැටළිලා බලයට එන්න පොරකන එක විතරමනේ කරන්නේ... රට වෙනුවෙන් කිසිම දැක්මක් නැති අවස්ථාවාදී දේශපාලනයක්...
"අපගේ මතකය නිවැරදි නම්" මේ ගොයියන්ගේ ලොකු තැන වන උගත් පුතාණෝ නම් කිව්වා අායෙත් නම් කිසිඳු පක්ෂයක් සමග සන්ධානගත වෙන්නේ නැහැ කියලා... යහපාලනේ එක්ක ඇතිවුණු ගැටළු වලන් ලබපු අත්දැකීම් නිසා....
ඉදිරි මැතිවරණ සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ සමග සන්ධානගත වී තරඟ කළයුතු වන්නේ ඔබලාට පාර්ලිමේන්තුවට පැමිණීමට නොව ලංකාවේ වර්තමාන දේශපාලන ක්‍රමවේදය වෙනස් කොට නව කණ්ඩායමක් රටට හඳුන්වාදීම සඳහා වේ...
72 කැව මදිද? ඔක්කොම මකබෑවිලා පලයල්ලා...
සොරි කියලා වචනයක් අහලා තියෙනවද?
ඔහෙලාට රාජපක්ෂලා පරද්දන්න සන්ධාන ගත වෙන්න පුලුවන් වේවි... නමුත් සන්ධාන ගත වෙලා මේ රටේ ආණ්ඩු ගෙනියන්නම බැහැ.