ඉන්දිකා රාමනායක සහ ඩයනා උදයංගනී
රට තුළ දැනට පවතින වියළි කාලගුණයේ වෙනසක් ඇති කරමින් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව නැගෙනහිර, ඌව පළාත්වලට හා මාතලේ , හම්බන්තොට, යන දිස්ති‍්‍රකවලට මෙම වැසි ඇතිවිය හැකි බවද කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තවද මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලටත්, ගාල්ල හා මාතර දිස්ති‍්‍රක්කවල ස්ථාන කිහිපයකටත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට එම නිවේදනයේ සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප‍්‍රදේශවල තාවකාලිත තද සුළං සමඟ අකුණු ඇති විට හැකි බවත් අකුණු අනතුරු අවම කර ගන්නා ලෙසට කාලගුණ දෙපාර්තමේන්තුව ජනතවාගෙන් ඉල්ලා සිටියි.
ඉදිරි පැය 24 තුළ හම්බන්තොට සිට පුත්තලම හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශයේ තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල සුළං ඊසාන දිසාවෙන් හමන අතර සුළගේ වේගය පැයට කිලෝටීටර් 30-40 අතර වන බවද කාලගුණ දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් වේ.
මන්නාරමේ සිට පුත්තලම, කොළඹ හරහා බම්බලපිටිය දක්වා අතර වෙරළට ඔබ්බෙන් මුහුදු ප‍්‍රදේශ හා මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය පැයට කිලෝ මීටර් 50 දක්වා වැඩිවිය හැකි බවත් ධීවර ප‍්‍රජාවට හා නාවික ප‍්‍රජාවට අවදානයෙන් සිටින ලෙසට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉදිරි දින කිහිපයේ ගිගුරුම් සහිත වැසි
Bamunuarachchi Tuesday, 08 January 2019 01:25 PM
අහන්න සතුටු ආරංචියක්