(නිමල කොඩිතුවක්ක)
ඉදිරි අවුරුදු තුන රට පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේ වචනයක්වත් සඳහන් නොවූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය.
රටේ පවතින අර්බුද, ජනතා ගැටලු සම්බන්ධයෙන් එහි කිසිදු අවධානයක් යොමු කර නොතිබූ බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
කොලඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
"ජනාධිපතිවරණය දුන් පොරොන්දු ඉටු කරන බව කිව්වත් ඒ කරන්නේ කොහොමද කියලා වචනයක්වත් එහි සඳහන් වුණේ නැහැ. රසායනික පොහොර ගැන, ජීවන වියදම අඩු කිරිම ගැන, ගෑස් ප්‍රශ්නය, විදුලිය ඉන්ධන ප්‍රශ්නය, ණය ගෙවන විදියක් ගැන කතා කරයි කියලා අපි හිතුවා. නමුත් ඒ ගැන කිසිදු සදහනක් සඳහනක් එහි තිබුණේ නැහැ. කිසිම ප්ලෑන් එකක් නැහැ. මේ ආණ්ඩුව එදා වේල ටුවර්ස් යන්නේ. උදේට නැගිටලා කල්පනා කරනවා අද කොහොමද සල්ලි හොයන්නෙ කියලා. අපේ මිනිස්සු ජීවත් කරවන්න ඉන්දියාවෙන් සල්ලි ඉල්ලනවා. කිසිම පාලනයක්, සැලැස්මක් ආණ්ඩුවට නැහැ. එක්යි කැබිනට් සංශෝධනයක් නොකරේ. කූට්ටම කොහොම ඇණුවත් ඉන්නේ ජෝකර්ලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනැ ගොනෙකුට ඕනැ දෙයක් කියන්න පුලුවන්..!
කියන්න දෙයක් තියෙන්න එපැයි..! අවුරුදු 2ක් කළේත් විකාර වැඩම තමයි...
හරියට හරි තවත් අවුරුදු 3ක් දැන් කරලා තියෙනවා වගේමයි යන්න වෙන්නේ. 69 ලක්ෂයට නම් දැන් සැපයි.
ඔයා පාර්ලිමේන්තුවේ බුදියගෙනද හිටියේ? රටේ කිසිම වසංගතයක් නොතිබියදීත් රට විනාශ මුඛයට ඇද දමපු කණ්ඩායමේ ප්‍රබලයෙක් වන තමුන්නාන්සේ ඒ අවුරුදු 5 කරපු හැටි දැක්කනේ... මහනුවර අධිවේගී මාර්ගය කොන්ත්‍රාත් දීපු සහ ඒකට මුදල් ගෙවපු හැටිත් රටම දන්නවා. අවුරුදු 5ක් බලයේ ඉඳලත් බැරිවුණා ඒ පාරෙන් එක සුළු කොටසක්වත් නිමකරන්න. රටේ සල්ලි නිකන්ම කාබාසිනියා කරපු උදවිය ඔබලා... රටේ ණය කන්ද වැඩිකිරීම නම් කළා.