(එම් .සුසිල් ප්‍රියන්ත)
ඉදුරුව, මහ ඉදුරුව ගල්කන්ද විජයධම්ම පිරිවෙනෙහි විහාරාධිපති යටියන බුද්ධානන්ද හිමියන් ඝාතනය කර ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.
ඝාතනය කරන ලද මේ හිමියන්ගේ සිරුර අද (29 ) උදැසන විහාරස්ථානයේ තිබියදි සොයා ගැනුණු බවද පොලීසිය කියයි. හිමියන්ගේ දෙපා ගැට ගසා, කටට පාන්කඩ ඔබා තිබුණු බවද පොලීසිය කියයි.
විහාරස්ථානය මංකොල්ලා කෑමට පැමිණි පිරිසක් උන්වහන්සේ ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැකකරයි. විහාරස්ථානයේ කුටි කිහිපයක් අවුස්සා ඇති බව නිරීක්ෂණයවූ බවද පොලීසිය කියයි.
ඊයේ (28 ) රාත්‍රියේදී උන්වහන්සේ ඝාතනය කරන්නට ඇතැයි තමන් සැකකරන බවත් පොලිසිය පවසයි.
අවශ්‍යතාවයකට විහාරස්ථානයකට ගිය ළමයි දෙදෙනෙකු විහාරාධිපති හිමියන් ගැන සොයා බැලීමේදී උන්වහන්සේගේ මළ සිරුර දැක ඇත. ඒ බව තමන්ට දැන්වීමෙන් අනතුරුව විහාරාධිපති හිමියන්ගේ මළ සිරුර අද (29 ) සොයාගත් බවද පොලීසිය කියයි.
උන්වහන්සේ මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවූහ.
කොස්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
35
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉදුරුව විජයධම්ම පිරිවෙනේ විහාරාධිපති හිමියන් ඝාතනය කරලා