ඉතිහාසයේ වූ දේ යළිත් සිදු වනු ඇතැයි තමා බියෙන් පසුවන බව බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ඉවත් වූ, සසෙක්ස් ආදිපාද යුවළෙහි හැරී (කුමරු) පවසයි.
ප්‍රවීණ නිවේදිකාවක වන වින්ෆ්‍රි ඔපෙරා මහත්මිය සමග මෑතකදි පැවති සම්මුඛ සාකච්චාවකදී ඔහු මේ බව පැවසීය.

සීබීඑස් මාධ්‍ය ආයතනය විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්චාවේ සම්පූර්ණ වීඩියෝව මාර්තු 7 වැනිදා විකාශනය වීමට නියමිත අතර, ඒ වෙනුවෙන් ඔවුන් එහි කොටස් කෙටි වීඩීයෝ පට ලෙස විකාශනය කර තිබිණි.
"මම බොහොම සතුටු වෙනවා, මගෙ බිරිද පසෙකින් තබාගෙන ඔබ සමග මේ දේවල් කතාකරන්න ලැබීම ගැන" සසෙක්ස් ආදිපාදවරිය වන මේගන් සමග හිදිමින් හැරී පැවසීය. "මට හිතාගන්න බැහැ, මගෙ අම්මා අරතරම් අසීරු කාලයක් කොහොම පීඩාවකින් ගතකලාද කියලා. අපි දෙන්නට පවා ඒක දුෂ්කර කාලයක්. ඒත් අවම වශයෙන් මෙතැනදි අපිට අපි දෙන්නා හෝ ඉන්නවා" යැයි ඔහු සදහන් කළේ මේගන්ගෙ අත සිය අතෙහි රදවාගනිමිනි.
හැරීගේ මව වූ, ලෝක ජනාදරයට පත් ඩයනා කුමරිය මිය ගියේ පැපරාසීන් විසින් හඹායන ලදුව, පැරිසියේදී රිය අනතුරකට ලක්වීමෙනි.
බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් මේගන් සම්බන්ධයෙන් ද එවැනි ලුහුබැදීම් සිදුකෙරෙමින් ඔවුන්ගේ ජීවිතයට අනවශ්‍ය බලපෑම් කරමින් සිටියේය. මේ හේතුවෙන් හැරී-මේගන් යුවළ එරට ටැබ්ලොයිඩ් පුවත්පතකට එරෙහිව නීති පියවර ද ගත්හ. මේගන්ගේ මව සහ පියාගෙ ජාතිය වෙනස් බව සදහන් කරමින් ද, ඇය සහ පියා අතර හුවමාරු කෙරුණු ලිපි මාධ්‍යවල පළකරමින් ද එරට මාධ්‍ය ආයතන ඇයට පීඩා පැමිණවීය.
සසෙක්ස් ආදිපාද යුවළ රාජකීය සේවයෙන් සහ තනතුරුවලින් මිදී, කැලිෆෝනියාවේ පදිංචියට ගොස් වසරකට වැඩි කාලයක් ගත වී ඇත. මේ පිළිබදව එලිසබෙත් රැජිණ ප්‍රමුඛ රාජකීය පවුලෙන් ලැබුණු ප්‍රතිචාරය යහපත් නොවීය.
කෙසේවෙතත්, ඔවුහු මේ වනවිට ඔවුන්ගේ දෙවන දරු උපත බලාපොරොත්තුවෙන් සිටිති. ඔවුන්ට මේ වනවිට ආචී නමින්, අවුරුදු දෙකක් පමණ වයසැති පුතෙක් සිටී.
(රොයිටර් ඇසුරිනි)
6844
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයනා කුමරියට, ඔබේ ආදරණීය මවට, මිනිස්සු බලවත් ලෙස ආදරය කළා සේම.. ඔබටත්, ඔබේ බිරිඳටත් ආදරය කරාවි. ඩයනා කුමරියගේ අභාවය ඔබට කෙතරම් දුකක් දැනෙන් ඇතියි කියා අපට වැටහෙනවා.
මමත් රජ කුමාරයෙක් වුණා නම් මමත් ඇමෙරිකාවේ ගිහින් පදිංචි වෙනවා.
රාජකීය පවුලේ කියලා මේ ගොල්ලො පිනට කනවා බොනවා සුඛෝපභෝගී ජීවිත ගතකරනවා. එතකොට මාධ්‍යවල අවධානය බලාපොරොත්තු වෙන්න ඕනෑ. නැත්නම් සතයක්වත් ආණ්ඩුවෙන් නොගෙන රැකියාවක් කරලා ඉන්න ඕනෑ. දෙකම බෑ.
ඉතිහාසය රිපීට් වෙනවා හොඳම උදාහරණය ලංකාවේ 1915දී සිදුවුණු දෙයක් 2019 සිද්ද වුණා. පොත පිච්චුවේ නැතිනම් තවත් දරුණුවට 2050දී සිද්ද වෙනවා.
රජ පවුලට එකතු වුණු ක්‍රැක් කේස් එකක් මේක... රජ ලෙවල් එකෙන් ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු නේද පිස්සු කෙලින්නේ...? අපේ රටින් වඩුගයෝ පන්නලා ජපනාගෙන් රට බේරා දුන්නට ස්තුතියි. සිංහලයින් මහ ලොකුවට කයිය ගැහැව්වාට1690න් පස්සේ සිංහලයෙක් රජකමට හොයා ගන්න බැරුව ඉන්දියානුවන්ට රටේ රජකම දීපු ගොබ්බ රැලක් නේද අපි...?