IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉතාලි ජනගහනයෙන් හතරෙන් එකක් නිවාසවල කොටුවෙති

මාරාන්තික කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය ගත් දැඩි පියවර හේතුවෙන් ඉතාලි ජනගහනයෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් නිවාසවලට කොටු වී ඇතැයි වාර්තා වේ.

රටවල් 95කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන කොරෝනා වයිරසය මේ වනවිට ලතින් ඇමෙරිකාවටත් ව්‍යාප්ත වී තිබේ. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය නිසා 3,500කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබෙන අතර ආසාදිතයන්ගේ ගණන 100,000 ඉක්මවා ගොස් තිබේ. වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.

චීනයෙන් පිටත වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙනි.

පාසල්, කෞතුකාගාර, සිනමා ශාලා, රංග ශාලා, සමාජ ශාලා ආදී ජනතාව ගැවසෙන පොදු ස්ථාන සියල්ලම අප්‍රේල් 3 වැනිදා දක්වා වසා දැමීමට ඉතාලි බලධාරීහු අද (8) පියවර ගත්හ. මේ හේතුවෙන් උතුරු ඉතාලියේ නගර රැසක කටයුතු අඩපණ වී තිබේ. එම නගරවලින් අත්‍යවශ්‍ය හේතුවකට හැර පිටත්ව යෑම හෝ එම නගරවලට පැමිණීම තහනම් කිරීමට ද පියවර ගෙන ඇත.

ඉතාලි අග්‍රාමාත්‍ය ජුසෙප්පේ කොන්තේගේ නියෝග මත නව පියවර ගෙන ඇති අතර අදාළ නියෝගය එරට රාජ්‍ය වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට ද පත් කර ඇත.

නිරෝධායන ක්‍රියාවලිය හේතුවෙන් ඉතාලියේ මූල්‍ය අගනගරය වන මිලාන් සහ වැනීසිය ඇතුළු නගර රැසක මිලියන 15කට වැඩි පිරිසක් නිවෙස්වලට කොටු වී සිටිති.

ආර්ජන්ටිනාවෙන් පළමු කොරෝනා මරණය ඊයේ (7) වාර්තා වූ අතර ලතින් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වූ පළමු මරණය එය විය.

කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවට අයත් සුඛෝපභෝගී නෞකාවක් ද සැන් ෆ්‍රැන්සිස්කෝ ආසන්න මුහුදේ නැංඟුරම්ලා ඇත. එම නෞකාවේ 21 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

කොරෝනා වයිරසය මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 30කට ව්‍යාප්ත වී තිබෙන අතර වයිරසයේ හේතුවෙන් එරට 19 දෙනකුට ජීවිත අහිමි වී තිබේ. නිව්යෝක් නුවර හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.

ඒ.එෆ්.පී.

055



අදහස් (12)

ඉතාලි ජනගහනයෙන් හතරෙන් එකක් නිවාසවල කොටුවෙති

පිටිගල මිලානෝ Sunday, 08 March 2020 12:13 PM

කොරෝනාවටත් වඩා ඉතාමත්ම භයානක සහ නොමග යවන සුළු කටකතාවක් ලංකාවේ නූගත් අය අතර මේ දිනවල පැතිරෙමින් පවතිනවා. එයා නම් මෙම කොරෝනා ඉන්ෆ්ලුවෙන්සාව වැළඳී සුව වුණත් කවදා හෝ මියයන්නේ මේ විෂබීජය ඇඟේ සැඟවී තිබීමෙන් බවයි. මේ ගැන කිසිම පර්යේෂණාත්මක සත්‍යක් නැති අතර අමූලික සාවද්‍ය කටකතාවකි. මෙය සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සාවක් වුණත් පැතිරීම අති වේගවත් සහ වයස හැටට වැඩිඅයට නොසැලකිලිමත්කම නිසා ජීවිත හානි පවා විය හැකිය.

:       579       63

lankaSunday, 08 March 2020 02:49 PM

විෂබීජය ඇඟේ තියෙනවා නම් සුවවෙන්නේ නැහැ. විෂබීජය මැරුණම තමයි ලෙඩා සුවවෙන්නේ...

:       4       72

samSunday, 08 March 2020 10:18 PM

ලංකා, ඔබගේ කියමන වැරදියි. මම වෛද්‍යවරයෙක් හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෙනෙක් නොවෙයි. කොරෝනා රෝගය වැළඳීසුවය ලැබූවන්ගෙන් යම් ප්‍රතිශතයක ශරීරයේ කොරෝනා වෛරසය (රෝගය සම්පූර්ණයෙන්ම සුවවී) සති ගණනකට පසුවත් රැඳී තිබුණු බවට වන සිද්ධි/වාර්තා/ලිපි සියදහස් ගණනක් අන්තර්ජාලයේ තියනවා.

:       5       2

SiriMonday, 09 March 2020 12:24 AM

නෑ. ලෙඩා මැරුණම තමයි විෂබීජය මැරෙන්නේ..!

:       74       0

DDSunday, 08 March 2020 09:18 PM

එහෙමනම් පුද්ගලයෙකුට කොච්චර ලෙඩ හැදෙනවද ජීවිත කාලයේදී. කවුරුහරි හෙම්බිරිස්සාවෙන් මැරුණු කෙනෙක් ඉන්නවා නම් කියන්න. මොකද හෙම්බිරිස්සාවත් වයිරස් එකක්. අපේ කට්ටිය හරි දක්ෂයි කතා ගොතන්න, ඇස් දෙකෙන් දැක්කා වගේ කියන්නේ...

:       0       65

ranaMonday, 09 March 2020 04:01 AM

මේ මොකක්ද ? පිට සිටන් අපිට කෝචෝක්නේ ?

:       0       28

jayaMonday, 09 March 2020 07:20 AM

ඩිස්ලයික් ප්‍රමාණයෙන් ඔබේ කතාවේ ඉන්න නුගතුන් ප්‍රමාණය තහවුරු වේ.

:       0       0

පිටිගල මිලානෝ Monday, 09 March 2020 09:06 AM

වෙන්නප්පුවේ සහ මීගමුවේ පොල්ගස් සහ ධීවර කර්මාන්තය කරමින් සිටි අවම හෝ පාසල් ගොස් නැති බොහෝ දෙනෙක් ඉතාලියේ සිටිනවා. සමහර අයව දැනුවත් කරන එක හරිම අපහසුයි.

:       0       37

ධම්ම Monday, 09 March 2020 04:02 AM

කොරෝනාව ඇල්වතුරෙන් දියකරන්නේ නැතිව සත්‍යය තේරුම්ගන්න.

:       6       12

සමන් ඕස්ට්‍රේලියාව Monday, 09 March 2020 05:02 AM

ඕක විෂබීජයක් නෙවෙයි. වෛරසයක්. දෙකේ වෙනස තේරුම් ගන්න...

:       1       8

රොෂාන් Monday, 09 March 2020 02:15 PM

පිටිගල මිලානෝ, ගම අදාළ නැහැ. ඒ අතරේ දකුණේ එකෙක් නම්, ලඟට කිට්ටුවෙන්න බැහැ. මස් කෑල්ලක්, චීස් කෑල්ලක් කෑවාම ඇඟේ හොරි දාන තවමත් අමුඩේ ගහන නුඹලා වගේ අය ඉතාලියේ තියා ගන්නවාට, ඉතාලි රජයට වෙනම ගානක් දෙන්න ඕනෑ. අපි දන්නා විදිහට, ඉතාලියට ඉස්සරවෙලාම ගියේ වෙන්නප්පුවේ කාන්තාවන්...

:       43       0

පිටිගල මිලානෝ Monday, 09 March 2020 11:44 PM

වැඩියෙන්ම වෛරයට පාත්‍ර වන පුද්ගලයා සත්‍ය කතා කරන පුද්ගලයායි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29090 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18216 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11391 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 704 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 212 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 862 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site