IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ඉත්තෑවා අල්ලාගැනීමට ගුලකට ඇතුළු වූ අයෙක් එහි සිරවී මරුට

(තිලකරත්න දිසානායක)

ගණේමුල්ල, කොස්සින්න ප්‍රදේශයේදී ඉත්තෑවෙකු අල්ලා ගැනීම සඳහා ගුලකට ඇතුළුවී, එහි සිරවී මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුර අද (19)  මහත් පරිශ්‍රමයක් දරා ගොඩගත් බව ගණේමුල්ල පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අජිත් වර්ණකුලසූරිය නමැත්තෙකි.

මෙම පුද්ගලයා කොස්සින්න ප්‍රදේශයේ වැඩබිමක සේවය කරමින් සිට ඇති අතර, මොහු සමඟ එහි සේවකයන් දෙදෙනෙකු ඊයේ(18) රාත්‍රියේ  මහමග යමින් සිටියදී ඉත්තෑවෙකු දිවයනු දැක ඒ දෙසට ගොස් ඇත. ඔහු පසුදින උදෑසන වනතෙක් ආපසු නොපැමිණීම හේතුවෙන් සේවකයන් වැඩබිමේ හිමිකරුට දැනුවත් කර තිබිණි. පසුව ඔවුන් එම ස්ථානයට ගොස් බැලීමේදී ඉත්තෑ  ගුල තුළ විදුලි පන්දම් එළියක් දැක පොලීසිය දැනුවත් කර තිබේ.

බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින්, ගම්පහ මහ නගර සභාවේ ගිනි සොයා නිවීමේ ඒකකයේද සහාය ඇතිව අඩි 15 ක පමණ දුරකට විහිදෙන මෙම ගුල හාරා අද එම තැනැත්තාගේ සිරුර සොයා ගෙන ඇත.

එම සිරුර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත යැවීමට ගණේමුල්ල පොලීසිය පියවර ගෙන ඇත.

ගණේමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (13)

ඉත්තෑවා අල්ලාගැනීමට ගුලකට ඇතුළු වූ අයෙක් එහි සිරවී මරුට

Rasika Pradeep Tuesday, 19 November 2019 01:54 PM

කර්ම

:       2       195

lanka Tuesday, 19 November 2019 02:19 PM

මසට ගිජු වූවන්ට සොබා දහමින් දඩුවම්

:       5       272

Mf Tuesday, 19 November 2019 02:54 PM

යන්තන් ඉත්තෑවා බේරුනා.

:       2       299

Nimal ... Tuesday, 19 November 2019 02:55 PM

අහෝ දෙව්දත් නොදිටි මොක් පුර

:       1       128

කෝලිත Tuesday, 19 November 2019 03:36 PM

විසි එක්වෙනි සියවසේ කාලක් ගතවෙලත් අපේ ජනතාව අදටත් ඉන්න තත්වෙ ගැන හරි දුකයි. දිට්ඨ ධම්ම වේදනීය කර්මය.

:       0       213

wije Tuesday, 19 November 2019 04:20 PM

මනුෂ්‍ය ජීවිතයක් නැතිවෙන එක නම් ගොඩක්ම පව් නමුත් ඉතින් දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා එකකුත් තියෙනවා.

:       0       173

Raveendra Tuesday, 19 November 2019 08:18 PM

අනිකාගේ ජීවිතය තම භුක්තියට ගැනීම හොඳද නරකදවත් නොතේරුණු මොහුට ලැබුණු දඬුවම අප සියල්ලෝටම වැදගත් පාඩමක් කියාදී ඇත.

:       0       102

Bandara Tuesday, 19 November 2019 09:34 PM

මෙය මා දන්නා තවත් මිනිසෙකුට සිදු වූ දෙයක්. ඔහු කිඹුල් බෙනයක් තුල මිය ගියා. මිනිසුන්ට බඩගින්නට කොස් ගෙඩියක් කඩා කෑමට හැකිය. ඇයි සත්තු මරන්නේ?

:       0       160

holmes Wednesday, 20 November 2019 02:50 AM

සැක සහිත මරණයක්..

:       6       27

RUwan RWednesday, 20 November 2019 04:28 AM

ඔව් .. වහාම ඉත්තෑවා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි...

:       1       60

H.M.Anurasiri Herath Wednesday, 20 November 2019 03:28 AM

පරපණ නැසීමේ ආදීනව. අනෙක් අයටත් හොඳ පාඩමක්.

:       0       16

sharm warn Wednesday, 20 November 2019 05:50 AM

මිනිස්සුන්ට නොමිනිසුන් වගේ හැසිරෙන්නේ නැතිව ඉන්න අපුරු පාඩමක් ..

:       0       4

Bamunuarachchi Wednesday, 20 November 2019 10:50 AM

එජාපයෙක් වෙන්න ඇති... නැතිනම් මෙච්චර මෝඩද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1231 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site