(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මාරක රිය අනතුරුවලින් ඊයේ 27 දිනයේ පුද්ගලයන් 12 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
රිය අනතුරුවලින් දිනකට පුද්ගලයන් 12 දෙනකු මිය යන්නේ නම් මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මින් පුද්ගලයන් 8 දෙනකු ඊයේ දිනය තුළ සිදු වූ රිය අනතුරුවලින් මිය ගොස් ඇති අතර , සෙසු පිරිස මීට දින කිහිපයකට පෙර සිදු වූ රිය අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගතව සිටියදී ඊයේ දින මියගොස් ඇත.
මියගොස් සිටි පිරිස අතර යතුරුපැදිකරුවන් 8 දෙනකු, පාපැදිකරුවන් තිදෙනකු, ත්‍රිරෝද රථයකින් ගමන්ගත් කාන්තාවක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd