IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඇෆ්ගන් උප ජනාධිපතිවරයාගේ රථ පෙළට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ උප ජනාධිපති අම්රුල්ලා සලේ මහතා ඉලක්ක කරගනිමින් අද (09) පෙරවරුවේ බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

එම ප්‍රහාරයෙන් දිවි බේරාගැනීමට උප ජනාධිපතිවරයා සමත්ව ඇති අතර හයදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්තානයේ උප ජනාධිපතිවරුන් කිහිපදෙනකු සිටින අතර ඉන් පළමුවැන්නා අම්රුල්ලා සලේ ය. ඔහුගේ රථ පෙළ ඉලක්ක කරගනිමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇතැයි ද එම ප්‍රහාරයෙන් උප ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නැතැයි ද, උප ජනාධිපතිවරයාගේ ප්‍රකාශකවරයා පැවැසීය.

මෙම ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයෙන් නැතැයි තලේබාන් සංවිධානය මේ වනවිටත් ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රහාරය එල්ල වූයේ ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී සාම සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වෙමින් තිබෙන මොහොතක ය. විවිධ හේතු මත ඇෆ්ගන් සාම සාකච්ඡා මාස කිහිපයක් තිස්සේ ප්‍රමාද විය.

“අද, තවත් වරක් ඇෆ්ගනිස්තානයේ සතුරන් සාලේහ් ට අනතුරක් කරන්න උත්සාහ කළා. එහෙත් යක්ෂයාගේ හස්තය අසමත් වුණා. ප්‍රහාරයෙන් සාලේහ් ට කිසිදු අනතුරක් නැහැ” උප ජනාධිපතිවරයාගේ කාර්යාලය වෙනුවෙන් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සටහනක් තබමින් උප ජනාධිපතිවරයාගේ ප්‍රකාශක රස්වාන් මුරාද් සඳහන් කළේය.

බෝම්බ ප්‍රහාරයෙන් උප ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන් කිහිපදෙනකු තුවාල ලබා ඇති අතර රථ කිහිපයකට හානි සිදුව තිබේ.

ප්‍රහාරයෙන් ටික වේලාවකට පසු සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි උප ජනාධිපතිවරයා, ප්‍රහාරයෙන් තම මුහුණට ඉතා කුඩා පිළිස්සුම් තුවාලයක් සිදු වූ බවත් අතකට ද තුවාල වූ බවත් කීවේය.

මෙම ප්‍රහාරයට තම සංවිධානයේ හෝ තම සටන්කාමීන්ගේ සම්බන්ධයක් නැතැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජහිද් පැවැසීය.

රොයිටර්

055 

 

 



අදහස් (0)

ඇෆ්ගන් උප ජනාධිපතිවරයාගේ රථ පෙළට බෝම්බ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 267 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2109 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site