
ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගමක් වන ඉන්දියාවේ සීරම් ආයතනයෙන්, ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා 500,000ක් ශ්‍රී ලංකාවට ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ ලැබෙනු ඇති බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඇනවුමකට අනුව, එම එන්නත් මාත්‍රා ලැබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
COMMENTS
ඒ වුණාට අර මොකද්ද වැඩකරලා දැන් තානාපති කම් වගේ හොඳ හොඳ තනතුරු ලබාගත්ත මහාචාර්යවරු තවමත් "ඔයිට වැඩිය පැණි බෝතලෙයි, එළ මුත්‍රා මුට්ටියයි තමයි එකම පිළිසරණ... ඒවා තමයි ප්‍රවර්ධනය කරන්න ඕනෑ.." කියලා තර්ක කරනවනේ...
ලංකාවේ ජනගහනය ලක්ෂ 214ක් බව අමතක කරලා උඩ පනින්න එපා. අපේ රටේ පුරවැසියන් ලක්ෂ 100ක් වත් එන්නත් කරනකම් ප්‍රතිඵල ලබාගන්න බැරිවේවි...!!!
මේකවත් ඇණවුම් කළාද? නැතිනම් හිඟාකෑවාද? අයියෝ අපේ රටට ගිය කලක්..!!!
පසුගිය අප්‍රේල් 23 වනවිට ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව මමත් ස්වාමි පුරුෂයාත් ලබා ගතිමු. මෙසේ එන්නත ලබා ගත්තේ කෝට්ටේ සෞඛ්‍ය නිලධාරි කාර්යාලයෙන් ලබා ගතිමි. අද වනතුරු දෙවන මාත්‍රාව ලැබී නැත. අප ලබාගත් පළමු මත්‍රාව මේ වනවිට අවලංගුව ඇතිදැයි සැකයක් ඇත. මේ පිළිබඳව කිසිත් තොරතුරක් සෞඛ්‍ය අංශයේ කිසිවකු අපට පවසන්නේද නැත. අපට වෙන විකල්පයක් ලෙස ලබාගත් එන්නත වෙනුවට ලබාගත හැකි එන්නත කුමක්ද? අපට කිසිඳු සහනයක් නොමැතිද?