
(මනෝප‍්‍රිය ගුණසේකර)
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ චෝදනා මත ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන මැයි 21 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trial At Bar) අද (28) තීරණය කළේය.
නඩුවේ සාක්කි හා නීතීඥ දේශන අවසන් කිරීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව සඳහා එලෙස දින නියම කෙරිණි.
මහාධිකරණ විනිසුරුවරුන් වන ආදිත්‍ය පටබැඳිගේ (සභාපති) මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trial At Bar) විසින් එලෙස නියම කරන ලදී.
2014 අපේ‍්‍රල් 07 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීතී්‍යානුකූල බලපත‍්‍ර නොමැති ස්වයංක‍්‍රීය ගිනි අවි සහ උණ්ඩ ලඟ තබාගැනීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම ඒ අනුව ටී-56, 84 එස් සහ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි 816ක් සහ උණ්ඩ 2,02,935ක් නීතී්‍යානුකූල බලපත‍්‍ර නොමැතිව ලඟ තබාගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළදී ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීතී්‍යානුකූල බලපත‍්‍ර නොමැති ස්වයංක‍්‍රීය ගිනි අවි සහ උණ්ඩ ප‍්‍රවාහණය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
ගිනි අවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදවල් විත්තිකරුවන් විසින් සිදු කොට ඇති බව නීතීපතිවරයා විසින් චෝදනා පත‍්‍රයේ සඳහන් කොට ඇත.
එලෙස චෝදනා කරමින් නඩු පවරා තිබුණේ ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, විශ්වජිත් නන්දන දියබලනගේ, නිලූපුල් ද කොස්තා, කෙනඩි ග‍්‍රැව්රි ලෝච්, සමන් දිසානායක, වික්ටර් සමරවීර, බාලසුබ‍්‍රමනියම් පේ‍්‍රමචන්ද්‍රන් හා ඇල්බට් තිලකරත්න ඇතුඵ විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිවය.

COMMENTS
දාලා තියෙන රූපෙන් කියන්න පුළුවන් මොකද වෙන්නේ කියලා?
ඕන් රීන් කට්ටු කට්ටු... නිදොස්කොට නිදහස්... එ්ස්වාහා...
මිනිහා නිදහස්.. නියමයි සර්... රටේ නීතිය...
මේ ව්‍යාපාරයෙන් විශාල මුදල් ප්‍රමාණයක් හම්බ කරන්න පුළුවන්. හැබැයි මේක පුද්ගලික අංශයක් සතුව තියෙනවා කියන්නේ විශාල අවදානමක් තියෙනවා.
රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ සත්‍යද අසත්‍යයද යන්න මෙම නඩු තීන්දුවෙන් අපි තේරුම් ගනිමු.
කලු කෝට් කාරයින් දෙන්නා, නිදොස් කොට නිදහස් කරමි.
තවත් මොන කතාද? නිදොස් කොට නිදහස්නේ... කැට තියලා කියන්නේ. ඒ තරමටම විශ්වාසයි අපේ රටේ දැන් දෙන තීන්දු...
නිදොස් කොට නිදහස් කිව්වේ නැතිනම්... මේ පොහොට්ටුවේ ආණ්ඩුවක් නොවෙයි.