IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


‘‘ඇවන්ට් ගාඞ්’’ තීන්දුව මැයි 21

(මනෝප‍්‍රිය ගුණසේකර)

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ චෝදනා මත ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන මැයි 21 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trial At Bar) අද (28) තීරණය කළේය.

නඩුවේ සාක්කි හා නීතීඥ දේශන අවසන් කිරීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව සඳහා එලෙස දින නියම කෙරිණි.

මහාධිකරණ විනිසුරුවරුන් වන ආදිත්‍ය පටබැඳිගේ (සභාපති) මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trial At Bar) විසින් එලෙස නියම කරන ලදී.

2014 අපේ‍්‍රල් 07 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීතී්‍යානුකූල බලපත‍්‍ර නොමැති ස්වයංක‍්‍රීය ගිනි අවි සහ උණ්ඩ ලඟ තබාගැනීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම ඒ අනුව ටී-56, 84 එස් සහ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි 816ක් සහ උණ්ඩ 2,02,935ක් නීතී්‍යානුකූල බලපත‍්‍ර නොමැතිව ලඟ තබාගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළදී ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීතී්‍යානුකූල බලපත‍්‍ර නොමැති ස්වයංක‍්‍රීය ගිනි අවි සහ උණ්ඩ ප‍්‍රවාහණය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

ගිනි අවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදවල් විත්තිකරුවන් විසින් සිදු කොට ඇති බව නීතීපතිවරයා විසින් චෝදනා පත‍්‍රයේ සඳහන් කොට ඇත.

එලෙස චෝදනා කරමින් නඩු පවරා තිබුණේ ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, විශ්වජිත් නන්දන දියබලනගේ, නිලූපුල් ද කොස්තා, කෙනඩි ග‍්‍රැව්රි ලෝච්, සමන් දිසානායක, වික්ටර් සමරවීර, බාලසුබ‍්‍රමනියම් පේ‍්‍රමචන්ද්‍රන් හා ඇල්බට් තිලකරත්න ඇතුඵ විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිවය.

 



අදහස් (8)

‘‘ඇවන්ට් ගාඞ්’’ තීන්දුව මැයි 21

WCA Wednesday, 28 April 2021 11:55 AM

දාලා තියෙන රූපෙන් කියන්න පුළුවන් මොකද වෙන්නේ කියලා?

:       30       32

නිමල් Wednesday, 28 April 2021 12:11 PM

ඕන් රීන් කට්ටු කට්ටු... නිදොස්කොට නිදහස්... එ්ස්වාහා...

:       23       33

Don perera Wednesday, 28 April 2021 12:23 PM

මිනිහා නිදහස්.. නියමයි සර්... රටේ නීතිය...

:       10       22

sachith Wednesday, 28 April 2021 01:53 PM

මේ ව්‍යාපාරයෙන් විශාල මුදල් ප්‍රමාණයක් හම්බ කරන්න පුළුවන්. හැබැයි මේක පුද්ගලික අංශයක් සතුව තියෙනවා කියන්නේ විශාල අවදානමක් තියෙනවා.

:       6       22

වර්ණකුලසූරිය Wednesday, 28 April 2021 04:55 PM

රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ සත්‍යද අසත්‍යයද යන්න මෙම නඩු තීන්දුවෙන් අපි තේරුම් ගනිමු.

:       0       3

Puppa Thursday, 29 April 2021 12:03 AM

කලු කෝට් කාරයින් දෙන්නා, නිදොස් කොට නිදහස් කරමි.

:       0       3

pradeepa Thursday, 29 April 2021 03:16 AM

තවත් මොන කතාද? නිදොස් කොට නිදහස්නේ... කැට තියලා කියන්නේ. ඒ තරමටම විශ්වාසයි අපේ රටේ දැන් දෙන තීන්දු...

:       0       3

sharm warn Thursday, 29 April 2021 03:46 AM

නිදොස් කොට නිදහස් කිව්වේ නැතිනම්... මේ පොහොට්ටුවේ ආණ්ඩුවක් නොවෙයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 59 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site