IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ඇවන්ට්ගාඩ් නඩුවේ අධිචෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කරයි

(මනෝප්‍රිය ගුණසේකර)

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව “ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු  විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති චෝදනා 882 කින් සමන්විත සංශෝධිත අධිචෝදනා පත්‍රය බාර නොගෙන ප්‍රතික්‍ෂෙප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද  (20) තීරණය කළේය.
 
චෝදනා 882 කින් සමන්විතව නීතීපතිවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් විත්තියේ නීතීඥවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සංශෝධිත අධිචෝදනා පත්‍රය බාර නොගෙනම ප්‍රතික්‍ෂෙප කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
 
එලෙස නියම කරන ලද්දේ මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
 
විත්තිකරුවන්ට එරෙහිව මීට පෙර අවස්ථාවක චෝදන 7573ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබුණත් එම චෝදනා වල මුලික පදනම බිඳ වැටීම නිසා ඉන් චෝදනා 7554ක්ම ඉවත දැමු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතී විරෝධී අයුරින් උණ්ඩ ප්‍රවාහනයට ආධාර හා අනුබල දීම හා බොරු සාක්කි ගෙතීම යන චෝදනා 19ක් යටතේ නඩුව පවත්වාගෙන යෑමට නීතීපතිවරයාට අවසර දුන් අතර ඉන් අනතුරුව නීතීපතිවරයා විසින් විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව චෝදනා 882 කින් සමන්විත  සංශෝධිත  අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය.

එම සංශෝධිත අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට බාරදීමට සුදානම් වු අවස්ථාවේදී විත්තියේ නීතීඥවරුන් ඊට විරෝධය පළ කිරීම නිසා දෙපාර්ශවයේ කරුණු සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල සංශෝධිත අධිචෝදනා පත්‍රය යටතේ නඩු විභාගය පවත්වාගෙන යන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩු විභාගය කල් තැබීය.

මෙම සිද්ධිය පදනම් කරගනිමින් මීට පෙර අවස්ථාවක නීතීපතිවරයා විසින් මුලින්ම විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කොට තිබිණි.
 
2014 අප්‍රේල් 07 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීතී්‍යානුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රීය ගිනි අවි සහ උණ්ඩ ලඟ තබාගැනීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඒ අනුව ටී-56, 84 එස් සහ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි 816ක් සහ උණ්ඩ 2,02,935ක් නීතී්‍යානුකූල බලපත්‍ර නොමැතිව ළඟ තබාගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළදී ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යනුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රීය ගිනි අවි සහ උණ්ඩ ප්‍රවාහණය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් මීට පෙර අවස්ථාවකදී චෝදනා නඟා තිබිණි.
 
ගිනි අවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදවල් විත්තිකරුවන් විසින් සිදු කොට ඇති බව නීතීපතිවරයා විසින් චෝදනා පත්‍රයේ සඳහන් කොට ඇත.

එලෙස චෝදනා කරමින් නඩු පවරා තිබුණේ ‘ඇවන්ට් ගාඞ්’ සහ ‘රක්නා ලංකා’ සමාගම්, ‘රක්නා ලංකා’ සමාගමේ (2007 නොවැම්බර් සිට 2015 ජනවාරී) හිටපු සභාපති පාලිත ප්‍රනාන්දු, ‘රක්නා ලංකා’ සමාගමේ (2007 ජුලි සිට 2015 මැයි) හිටපු ප්‍රධාන විධායක නිලධාරී කරුණාරත්න බණ්ඩා එගොඩවෙල, ‘රක්නා ලංකා’ සමාගමේ සමුද්‍ර ආරක්‍ෂණ අංශයේ සාමාන්‍යධාරීකාරි පොන්නතුරෙයි බාලසුබ්‍රමනියම් ප්‍රේමචන්ද්‍රන්, ‘රක්නා ලංකා’ සමාගමේ (2015 මැයි සිට) සභාපති වික්ටර් සමරවීර, ‘එම්.වී. ඇවන්ට් ගාඞ්’ නෞකාවේ සිටි ‘රක්නා ලංකා’ සමාගමේ නියෝජිත දොන් ඇල්බට් තිලකරත්න, ‘ඇවන්ට් ගාඞ්’ සමාගමේ සභාපති යාපා හෙට්ටි පතිරැන්නැහැලාගේ නිශ්ශංක සේනාධිපති, ‘ඇවන්ට් ගාඞ් මෙරිටයිම් සර්විසස් සමාගමේ වාණිජ නෞකා ආරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අංශ ප්‍රධානි විශ්වජිත් නන්දන දියබලනගේ, ‘එම්.වී. ඇවන්ට් ගාඞ්’ නෞකාවේ සිටි ‘ඇවන්ට් ගාඞ්’ සමාගමේ නියෝජිත නිලුපුල් ද කොස්තා, ‘එම්.වී. ඇවන්ට් ගාඞ්’ නෞකාවේ කපිතාන් ගෙනඩි ග්‍රැව්රිලෝන්, ආරක්‍ෂ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (2015 සැප්තැම්බර් සහ ඔක්තොම්බර්) සමන් දිසානායක සහ සුජාතා දමයන්ති ජයරත්න ආරක්‍ෂ අමාත්‍යංශයේ ජෙෂ්ඨ සහකාර ලේකම් (2014 අප්‍රේල් සිට 2015 ජනවාරී) නමැති විත්තිකරුවන් 13 දෙනාට එරෙහිවය.

 ඉන් අනතුරුව මෙම නඩුවේ චෝදනා පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු මීට පෙර අවස්ථාවකදී ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් පිළිගන්නා බවට ඒකමතික තීන්දුවක් ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් 05 දෙනෙකු නිදහස් කිරීමට නියම කළේය.

එලෙස නිදහස් කරන ලද්දේ ‘ඇවන්ට් ගාඞ්’ සමාගම, ‘රක්නා ලංකා’ සමාගම, ‘රක්නා ලංකා’ සමාගමේ (2007 නොවැම්බර් සිට 2015 ජනවාරී) හිටපු සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා, ‘රක්නා ලංකා’ සමාගමේ (2007 ජුලි සිට 2015 මැයි) හිටපු ප්‍රධාන විධායක නිලධාරී කරුණාරත්න බණ්ඩා එගොඩවෙල මහතා සහ ආරක්‍ෂ අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ  සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න මහත්මියයි.

 ඉන් අනතුරුව නීතීපතිවරයා විසින් චෝදනා 882 කින් යුත් සංශෝධිත චෝදනා පත්‍රයක් විත්තිකරුවන් 11 දෙනාට එරෙහිව ඉදිරිපත් කරන ලද අතර එම සංශෝධිත අධිචෝදනා පත්‍රය  මුළුමනින්ම නීතීයට පටහැනි බව පවසමින් ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු මුලික විරෝධතාවයක් ඉදිරිපත් කළහ.

එම මුලික විරෝධතාවය සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව ඊයේ කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.

 මුල් අධිචෝදනා පත්‍රයේ චෝදනා 19ක් හැර සෙසු චෝදනා ඉවත දැමීමෙන් අනතුරුව නීතීපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද චෝදනා 882කින් යුත් සංශෝධිත අධිචෝදනා පත්‍රයද නීතීයට පටහැනි බව සඳහන් කළ විනිසුරු මඩුල්ල මුල් අධිචෝදනා පත්‍රයේ චෝදනාලැබ සිට නිදහස් කළ විත්තිකරුවන් පස්දෙනෙකු මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කරතිබීමද නීතීයට පටහැනි බව සඳහන් කළේය.

මේ තත්වය අනුව නීතීපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද චෝදනා 882කින් යුත් සංශෝධිත අධිචෝදනා පත්‍රය බාරනොගෙනම ප්‍රතික්‍ෂෙප කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට එරෙහි චෝදනා 19කින් යුත් නඩුව ලබන මැයි මස 04 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළේය.
 
 
 

 

 



අදහස් (2)

ඇවන්ට්ගාඩ් නඩුවේ අධිචෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කරයි

Mahee Thursday, 20 February 2020 06:49 PM

ඒ කියන්නේ නීතිපතිවත් දන්නේ නෑ නඩුවක් දාන්න ඕන විදිහ? අනේ දෙවියනේ ඉස්සරහට තිබිය හැකි යයි අපි ප්‍රාර්ථනා කරන එයාර්බස් ගනුදෙනුව වගේ නඩුවලට යන කල දසාව ගැන බයත් හිතෙනවා.

:       0       62

tikiri Friday, 21 February 2020 08:11 AM

දැන් නිරපරාදේ රක්ෂිත බන්ධනාගාරේ දමාගෙන හිටිය රණ විරුවන් ඇතුළු පිරිසට සාධාරණය ඉෂ්ඨ වෙන්නේ කවදද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1181 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 435 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site