(ඩයනා උදයංගනී)
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මැනීමේ හැකියාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
ඒ අනුව ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුමාන කළ හැකි බව ඇතැමුන් කීවත් ප්‍රාදේශීය සභාවක හා ජනාධිපතිවරණය වැනි ජාතික මැතිවරණයක ප්‍රතිඵලය කිසිවිටෙකත් සමාන නොවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා ඇල්පිටියේ පැවැත්වුණු ප්‍රාදේශීය සභා මැතිවරණය යනු මැතිවරණ දෙකක් මිස එකක් නොවන බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.
COMMENTS
වාසියට විටෙක කබරගොයා තලගොයා වෙන්නෙත් තලගොයා කබරගොයා වෙන්නෙත් දැන් කොළපාටයි රතුපාටයි කලවම් වෙලා පිස්සු හැදිලා මනස්ගාත දොඩවනවා
මාලිමාවට මේ පාර උතුර දකුණ හොයාගන්න බැරිවෙනවා. අන්ත පරාජය. සමාජ වාදයේ අවසානය.
කමක් නැහැ එහෙමවත් හිත හදාගන්න පැටියෝ... 16 වෙනිදාටම බලමු... එදාට මෙයිට වඩා හපන් පරාජයක් බලාපොරොත්තු වන්න
සිත නිවන කතා. අකිලයි ඔයයි දෙන්නා අරලියගහ මන්දිරේ ඉඳලා කතාවෙලාද ආවේ එකම දේ කියන්න. හෙට දෙගොල්ලන්ම කියයි විග්රහ කරලා යූඑන්පී සහ ජේවීපී එක දිනපු බව...
ඔබතුමාලට මුළු රටේම තියෙන ඡන්ද පදනම කීයක් විතර ඇති කියලද ගණන් බලා තියෙන්නේ? ඇල්පිටියෙන් ලැබිලා තියෙන්නේ 2435... අනෙත් තැන්වලත් ඉතින් ඔය සන්තෑසියම තමයි ඉතින්...
මොහුගෙ සිහිනය දකින්න ඉඩ හරින්න... ඒ සිහිනෙන් මොහු මුදන්න ලං නොවන්න, ලං නොවන්න, ලං නොවන්න...
කොළ මහා ඇතින්නටත්, උගේ ආදර රතු අලි පැටියාටත් දුක හිතිලා. ඇතින්නට කිරි එරෙන්නේවත් නැතිලු පැටියාට පොවන්න. අනේ රැලේ ඉන්න අනික් මී හරකෙක් වත් කිරි ටිකක් රතු අලි පැටියාට පොවන්නකෝ. මට දුකයී මෙයා. නැත්නම් කොළ මහා ඇතින්නත්, රතු අලි පැටියාත් නොවම්බෙර් 16 වලටත් කලින් මැරිලා යයී.පව් අනේ.
යූ.එන්.පිය කියන්නෙත් එහෙම තමා. කොහොම උනත් සිනුවේ ගොට්ට ඒ පැත්තට හැරෙනවා සහෝ.
ඇල්පිටියේ ඡන්දේ ඕන නැහැ. වෙන්න යන්නේ මොකද්ද කියල ඕනේ කෙනෙකුට පැහැදිලියි. හැබයි ජනතාව හැමදාම පැරදිලා. හැමදාම මැසිවිලි ගී ගයන එක තමා ලංකාවේ යතාර්ථය. ඉස්සරත් එහෙමයි. දැනුත් එහෙමයි. ඉදිරියටත් එහෙමයි.
1971 ඉදලම ඔය ගොල්ලන් රටට විනාසමයි කළේ. 2015 යහපාලනෙට ඡන්දය දෙන්නය කියලා එකේ විධායක සභාවේත් ඉදල හොරුන්ගේ වත ගොතත් ලිය කියවලින් ඉදිරිපත් කරලා අද රට විනාශ කලාට ඔබලාත් හවුල් කියල හිතා ගත්තොත් හොදයි.
කොහොම වුනත් අනික් පක්ෂ දෙකට වඩා නම් ජ.වී.පෙ. හොඳයි. ඒත් ඔහෙලට ජනතාව අතරට යන්න බැරිවුනේ ඇයි කියන එකට උත්තරේ හොයන්න මහන්සි වුනා නම් ඔය නාහෙන් අඬනවට වඩා ඒක වටිනවා.
නව ලිබරල් වාදය වෙනුවෙන් තක්කඩි ව්‍යාපාරිකයන් ආරක්ෂා කළා මිස තම යුතුකම හරියට කරානම් ඔහොම දෙස් දේවල් තියන්න ඕනේ නැහැ දුප්පත් ව්‍යාපාරියා වැට් බදු ගෙවෙනවා පෝසත් උදවිය රිපන්ඩ් ගන්නවා එ කාලයේ කට ගෙදර තියලද පාර්ලිමේන්තු ගියේ
ඇල්පිටියේ කට්ටියගේ මොලේ විකල්ද ?මෙයාගේ මොලේ විකල්ද කියල ස්ක්කරයාගෙන් වත් අහ බලන්න තමයි වෙන්නේ
මේ ඔයි අරක දිනුම් මේක දිනුම් අපිට වැඩක් නැහැ තමාගේ වැඩක් කරගන්නව රටට වැදගත් වන ආකාරයට. මේ එක එකාගේ පස්චත්බාගයේ තිබෙන සොදපු නැති අසුචි හෝදන්නේ නැතිව. ලැජ්ජයි... ලැජ්ජයි ඔයි තමුසෙලත් අනුන්ගේ අඩුපාඩු හොයා හොයා නිකම්ම කාලේ ගත කරන එක.
මෙතුමා කියන දේ ඇත්ත. ප්‍රාදේශීය සභා ඡන්දයක වැඩි වාසි තියෙන්නේ ආණ්ඩු පක්ෂයට. පොහොට්ටුව මීට වඩා වැඩි ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය දිනනවා.
යූඇන්පී පදයම තමා මෙයාලත් රීපීට් කරන්නේ. දැන් කාලයක ඉදල එහෙම නේ. හැබැයි මතක තියාගත්තොත් හොදා ඇල්පිටිය කියන්නේ ජවිපෙ බල ප්රදේශයක්ව තිබුන පැත්තක් බව. දැන් ඒකටත් ගිය කල පේනවනේ. අනාගතය අදුරුයි
නුබලා සියලුදෙන්ගේම වහාම මස්තිස්කය පරික්ෂ කරගනිල්ල.
ඒක ඇත්ත උතුරු නැගෙනහිර හැර අනිකුත් පලාත්වල තත්වය ඕකයි සමස්ත ප්‍රතිපලයට එය විශාල ලෙසබලපානු ඇත ,එහි ප්‍රතිපලයක් ලෙස පොහොට්ටුවට 55%ක ට ආසන්න ජයග්‍රහණය ලැබෙනු ඇත . මිනිසුන් මහින්ද මහතා එලවා යහපාලනය ගෙනාවේ දුෂණය හා පවුල්වාදයට අකමැති නිසාය නමුත් ඒ සියල්ල අමතක කර දේශීය සම්පත් විකුණමින් බටහිර ගැති ව සුළු ජාතින්ව පිනවමින් බෞද්ධයා හා රණවිරුවන් රිදවමින් රට ණය කරමින් ව්‍යාපාරික ප්‍රජාව වලපල්ලට ගෙනයමින් ගෙනගිය කාලකන්නි පාලනය ජනතාවට අප්‍රසන්න වි ඇත,ප්‍රතික්ෂේප කල මහින්ද නඩය ගැන ජනතාව දනී නමුත් මෙවර ඔවුන් බලයට ගෙනෙනුයේ වෙනත් වික ල්පයක් නොමැති නිසාත් හොරකම් කලත් රාජපක්ෂලා රට ජාතිය ගැන ටිකක් හෝ හැඟීමක් ඇතිබව ජනතාව තවමත් විශ්වාස කරන නිසාය.
නරියන්ට මිදි තිත්තලු.
අපේ රටේ පක්ශ විපක්ශ සියලු දේශපාලකයන්ගේ උපන්ගෙය්ය්යි සමානකමක් තමයි මේක. තමන් පැරදිල කියල හොදටම දැනගෙන, මාද්‍ය ඉදිරියට ඇවිත් කියනව තමන් දිනුව කියල. නැතිනම් අනෙකගේ ජයග්‍රහනය හෑල්ලු කරනවා.
ඔව් ඔව් මෙයා කියන විදිහට ඇල්පිටිය හැර අනිත් ඔක්කොගෙන්ම මෙයාල ඉස්සරහින් ම ඇති.මෙයාලගේ ලොජික් එක හරි අමුතුයි.පාර්ලිමේන්තුවේ තිස් ගණනක් ඉඳල පහට හයට බහිද්දිත් මෙයාල කිව්වෙ මෙයාල විශාල ජයග්‍රහණයක් ලබල කියල මී ළඟ පාර්ලිමේන්තුවෙ මෙයාල අන්ත පරාජයක් ලබනකොටත් කියාවි මෙයාල ලොකු ජයග්‍රහණයක් ලබල කියලා
තවත් අවරුදු 100 ක් ගියත් ඔයාල එන්නේ නැහැ එනිසා කලබල වෙන්න දෙයක් නැහැ, අනුන්ට කඩේ යනෙඅක නවත්තුවනම් හොද අනාගතයක් තිබුන, එත්,,, පව් දැන් ලැබෙන්නේ නැහැ.
පව් දුකට කියන කතා . සරලව බලල උත්තරයක් හිතට එකගව දෙන්ඩ පුළුවන්නේ . නිකන් කොලේ වහල ගහන්ඩ එපා . රැවටෙන්නේ ඔහේලමයි. ඔහේලට යන එන මන් නැත දෙපිට කාට්ටු කම් නිසා . නිකන් ඔහේලාගේ පාක්ෂිකයන්ව රවට්ටන්න එපා.
ඇල්පිටිය කියන්නේ ලංකාව නොවන බව අපි නොදන්නවා නෙවෙයි නමුත් රැල්ල හමන්නේ මොන පැත්තටද කියලා හොදට පේනවා, දැන් ඔහොම කිව්වට 2014 ඌව පළාත් චන්දෙ දී උනේ ත් මේකම තමයි එදා මහින්දලා ඌවෙ න් පසු බැවා වගේම චන්දෙන් පැරදුනා.
ජවිපයට කඩේ යන, බුද්ධිමතුන් කියලා අපි සිතා සිටි අමරකීර්ති ලියනගේ වගේ ඇදුරන් භීෂණ සමයේ තමන් මොකද කලේ කියලා අමතක වෙලා වේදිකා පලන හැටි දැක අපට සිනා. එයාලා ඒ කාලේ ලංකාවෙත් නෑ. රට පැන්නා හැංගුණා. ඊළඟට ඉන්නවා ලැම්බෝගිනි වගේ අලුත් පරපුරේ සෙට් එක. මේ අය දන්නවද ජවිපෙ මොකද කලේ කියලා...? නෑනේ... සමහර විට ඒ කාලේ පස්ස හෝදගන්න බැරි පොඩි අය... තමන්ගේ මුස්ලිම් යාලුවන් රැකගන්න ඕනෑ නිසා මේ එකෙක් කතා කලේ නෑ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ වහබ් අන්තවාදයට විරුද්ධව. බලන්න ඔවුන්ගේ ෆේස්බුක් පිටු කියවලා. අර මැරුණු මිනිස්සු ගැන එක කඳුලක් නෑ. තව බලය දීපල්ලා ජවිපෙට. අර මහත්මයෙක් කියලා තිබුනා වගේ ඔවුන්ගෙ සිහිනය දකින්න ඉඩ අරින්න.
ඔවු එක ඇත්ත ඇල්පිටියේ ගොන්නු හිටියට රටේ අනික් පළාත් වල ගොන්නු නැහැ.
ඔබතුමාලා දැන් ආඩම්බරයෙන් කියනවා "මෙතුවක් කාලයකට එකඳු මන්ත්‍රී ධුරයක්වත් නොතිබුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවෙන් මෙවර ආසන දෙකක්ම ජවිපෙට " කියලා. ඒ වගේම මෙහෙම විශ්ලේෂණයකුත් කරනවා පෙනෙනවා" 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 3,351ක් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණ බෙන්තර සහ ඇල්පිටිය පළාත් පාලන ඡන්දය එක්කළවිට බෙන්තර, ඇල්පිටිය ආසනයෙන් මෙවර ඡන්ද 4,165ක් ලබාගෙන ඇත. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 814ක් වැඩිවී තිබේ. මෙම ප්‍රතිඵලය අනුව යම් පමණක් හෝ සිය ඡන්ද පදනම වැඩිකරගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි " කියල. ඒ වුණාට මහත්තයෝ බටුවන්හේන කොට්ඨාශයේදී ඔබතුමාලට එක ඡන්දයක්වත් ලැබිලා නැහැ නේද? ඒ කියන්නේ ඒ කොට්ඨාශයට ඉල්ලපු ජවිපෙ අපේක්ෂකයාවත් තමන්ට ඡන්දය දීලා නැද්ද? නැත්නම් එයා වෙන පළාතක කෙනෙක්ද? ජනාධිපතිවරණය කියන්නේ ඔයවගේ සූදුවක් නම් නෙමෙයි තේරුණාද? කට උල් කරගෙන, ඇඟිලි පහ උල් කරගෙන තමන්ගේ හිතෛශීන් ඉදිරියේ තර්ක කළාට ගම් මට්ටමේ තියෙන්නේ වෙන ගේමක් මහත්තයෝ. ඔබතුමාලා කරන්නේ " තමන් දිනන්නෙත් නැහැ දිනන කෙනෙකුට දිනන්න දෙන්නෙත් නැහැ" වගේ වැඩක්...
සෙන්ටිමීටර වලින් මීටරේ මනින් බෑලු. ජ.වි.පේ. මිදි සහ නරි න්‍යාය .
දැක්ක මහත්තයෝ අපි හොඳටම ඔහේ අර වෙලාවෙ හාමු බේරගන්ඩ දිවුරුම් ප්රරකාශ අරගෙන කතානායක ළඟට දුවපු හැටි එහෙම
දේශපාලනේ හැටි . මේගොල්ලන්ට ඕන මගුලක් කියවගන්ඩ ඉඩදීලා අපි සේරම පොහොට්ටුව දිනවමු . මේගොල්ලොත් හොද බයිලා ඔස්තාර්ලා . ඔරුවේ එපැත්තත් හොදයි පෙරලුනහම එපැත්තත් හොදයි . විසිල් විටරයි බල්ටි නැහැ
රිදිලා රිදිලා බෝහෝ ජාතිවාදී මේ මීනිසුන්ට තදීන්ම රීදිලා ඇල්පිටිය කියන්නේ සීයට සීයක් සිංහල බෞද්ධ ජනතාව ඉන්න පළාතක්.විශේෂයෙන් රාජපක්ෂලගේ බල කොටුව ලෙස සලකන දකුණු පලාත් සභාවට අයත් ප්‍රදේශයක් තමන් බලයේ ඉන්න කාලයේ පුළුවන් තරම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ ප්‍රදේශයක තමන්ගේ ගමේ මිනිස්සු ඉදිරිපත් වෙලා ඡන්ද ඉදිරිපත් වෙලා ගන්න පුළුවන් උනේ සීයට පනස් හයක් නම් ජනාධිපතිවරණය දී කොතරම් පසුබෑමකට ලක්වේ ද කියා කල්පනාව කරන වීට ජ.වී.පෙ.ට බැන වැදීම හැර වෙන කළ හැකි කිසිවක් නැහැ.
ජවිපේ භීෂණය උපරිමයෙන් පැතිර වූ පළාතක් තමා ඇල්පිටිය . පව් ජෙප්පොන්ට ගිය කල.
එ්කනේ අලියත් ගිහිල්ලා සිමෙන්ති බෙදලා අාවේ. සිමෙන්ති ගත්ත මිනිස්සු ඡන්දෙ දීලා තියෙන්නේ පොහොට්ටුවට, ජනාධිපතිවරණයට දෙන්න ඕනේ සිමෙන්ති... ප්‍රාදේශීය සභා මැතිවරණයට දීලා තියෙන්නේ මොනවා හිතාගෙනද?
ගෙම්බෝ පැන්නත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය පනින්නේ නෑ කියලා ඇල්පිටිය කියනවා.ජනාධිපතිවරණය ගැන දැන්ම අනාවැකි කියන්න එපා.
බැහැ බැහැ.මොකද අනිත් එකෙන් ඔයා දිනනවනේ.
ජවිපේ නායකයෝ මාලිමාව තෝරා ගැනීම ගනිපු විශිෂ්ට තීරණයක්. මොකද මේ ගොල්ලෝ දැන් පිරිහිලා. ඒක නිසා තිබුණ සීනුව ඒ අතට මේ අතට වනා ගන්න අමාරුයි. දැන් ජවය, බලය, එඩිය හීන වෙලානේ. ඈවරයි. දෑවරයි. තීන්දුයි. මෙදා පාරත් ප්‍රතිශතය රැදෙන්නේ පළමු දශකයටත් ටිකක් පහළින්.