(රංජන් කස්තුරි)
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දයෙන් සමස්ත ශ්‍රී ලංකාවේම ජනමතය කිසිසේත් පිළිඹිබු නොවන අතර එය ඉතා සුළු ප්‍රදේශයක ජනතාවගේ මතයක් පමණකැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය ඉතා ඉහළ ජයග්‍රහණයක් ලැබූ මැතිවරණවලදී පවා බෙන්තර ඇල්පිටිය ආසන්නයෙන් එජාපයට හිමිවුයේ අඩු ඡන්ද ප්‍රතිශතයකැයිද ඇමැතිවරයා කීය.
එක්සත් ජාතික පක්ෂයට මැද කොළඹ,උතුරු කොළඹ සේම පොහොට්ටුවට බෙන්තර ඇල්පිටිය වැනි ආසන වල වැඩි බරක් තිබෙන බවද එය එම පක්ෂයේ විශේෂ ජයග්‍රහණයක් නොවන බවද ඔහු පැවසීය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් ලංකාදිපයට කළ විමසුමකට පිළිතුරු දෙමින් මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂය ලොකු බරක් වෙහෙසක් දැම්මේ නෑඅපට වැදගත් ජනාධිපතිවරණය ගාලුමුවදොර ඇතුළු කොළඹින් භායක්ම සෙනග පුරවලා අපි අපේ මංගල ජන රැලිය පැවැත්වුවා.
පොහොට්ටුවේ මංගල ජනරැලියට එතරම් සෙනගක් හිටියේ නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහනම් අපි 2018 සමස්ත ඡන්ද ප්‍රතිපලේ බොරුකියලා හිතා ගන්නද? UPFA , SLPP ,SLFP එකතුව 52% කියල ඔබ තුමා පිළිගන්නේ නැද්ද?
පරාජය නිහතමානීව පිළිගන්න බැරි මිනිස්සු.
මැතිවරණ ඉතිහාසයේ ඇල්පිටියෙන් යුඑන්පි ය ලබාගත් අඩුම ඡන්ද ප්‍රතිශතය නේද මේ 24%. කොහොම බැලුවද රටේ ප්‍රතිඵලය සිතා ගත හැක.
පැරදුනාම වෙන මොනවා කියන්නද?
සිත නිවන කතා.
ලැජ්ජයි මහත්තයෝ . මුළු ආණ්ඩුවේ යාන්ත්‍රණය වැඩ කලේ මේ ජන්දය ජය ගන්න. පැරදුණානම් කොන්ද ඇතුව ඒක පිළිගන්න. ආණ්ඩු කරලත් ප්‍රාදේශීය සභාවක් දිනාගන්න බැරුව තව පම්පෝරි ගහනවා
16 වෙනිදාට අපි බලමු මේ අය මොනවද කියන්නේ කියලා...?
හා ඔයත් හිත හදාගන්න සජිත් දිනුම් කියලා. එ් වුණාට ඔයාලා හිත යටින් සතුටු වෙනවානේ සජිත් පරදිනවා දැකලා. හිත රවටාගන්න එපා මහත්මයා... අපි බලමු ජනාධිපතිවරණය දාට ඔයාලා කම්මුතුයි මහත්මයා...
කිතුල් ගහට නැග්ග මිනිහගේ කතාව වගේ තමා ඒකත්. ජනාධිපතිවරණයේදී වෙන කොහේ නැතත් දකුණු පළාතේ සියලුම තැන්වලින් ලැබෙන ප්‍රතිඵලය නම් ඕකම තමයි මහත්තයෝ. ඔහෙලගේ අපේක්ෂකතුමා හම්බන්තොටටයි, තිස්සමහාරාමයටයි වෙලා ගෙවල් හද හදා හිටියා මිස වෙනත් පළාත්වල පක්ෂයේ කිසිම ප්‍රවර්ධන කටයුත්තකට සහභාගී වුනේ නැහැ නේද? දැන් ඉතින් ඒවගේ ප්‍රතිඵල වලට මුහුණ දෙන්න සුදානම් වෙන්න. පක්ෂයේ නායකයෝ එතුමා දැම්මේ පරද්දවන්න හිතාගෙනමද කියලත් සැකයක් ඇතිවෙනවා මේ වෙන වැඩ දිහා බලනකොට...
සජිත් ප්‍රේමදාස මහතා මෙරට මීළඟ ජනාධිපතිවරයා විට බස්නාහිර දිශාවෙන්හිරු පායන්නා සේ විශ්වාස බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. පියාණන්ගේ බලයෙන් වියරු වැටී කළ කී දේ පිළිබඳව නුදුටු අයගේ පහන් සංවේගය උදෙසා නැවත උපුටා දක්වන්නට විය. ක්‍රිස්තියානි අපි ගෝඨාව ජනතා ඡන්දයෙන් ජනාධිපති කරමු... දෙවිපිහිටයි !
මෙයාලා කියන දේවල් අහන්න පිළිගන්න මිනිස්සුත් ලංකාවේ ඉන්නවා කියලා දකිද්දීත් ලංකාව ගැන කලකිරෙනවා. අපේ අවාසනාවට මේ වගේ අය පාලනයට ඇවිත් තියෙන්නේ...
ඔයා පව් පව් පව්...!!!
දුක්වෙන්න එපා, ඔබතුමාලා මිනිස්සුන්ට සලකපු විදියට මිනිස්සුත් සලකලා තියනවා. ඔබතුමාලගේ වන්දිභට්ටයන් ඔබතුමන්ලාගේ හැම වරදක්ම වහගෙන රට සුඛිත මුදිත වෙලා කියලා හුරේ දැම්මට ඇත්තටම රට පත්වෙලා තිබුණු තැන දන්නේ අපි වගේ පොළවේ පයගහලා ඉන්න මිනිස්සු. ඒ වගේම ඔබතුමන්ලා "සාෆි" "බදුර්දීන්" වගේ අන්තවාදින්ව වේදිකාවලට නග්ගද්දී අත්පුඩි ගැහැව්ව ඔබතුමන්ලාගේ හෙන්චයියෝ ඔබතුමන්ලාට සැබෑ ජනතා හද ගැස්ම ඇහෙන්න දුන්නේ නැහැ. මේ ප්‍රතිඵලයේ ඉතුරු ටික අපි 16 වෙනිදාට පෙන්නනම්... ඔබතුමන්ලාට දැන්වත් තියෙන්නේ අපේ හද ගැස්මට සංවේදී වෙලා ඉදිරි මැතිවරණයකටවත් ප්‍රතිසංවිධානය වෙන එක විතරයි.
අනේ ඔව්. වෙන මොනවා කියන්නද?
යම් රෝගියකුගෙන් ලේ පරීක්ෂාව සඳහා රුධිර සාම්පලයක් ගෙන පරීක්ෂාවට ලක් කළ රසායනාගාර පරීක්ෂණ වාර්තාව.., වෛද්‍යවරයෙක් විසින් බලා "මේ වාර්තාවෙන් සමස්ථ ශරීරයේ රුධිරය පිළිබිඹු වන්නේ නැහැ" යනුවෙන් කරන ප්‍රකාශය පිළිගත හැකිද?
මහත්තයෝ, සල්ලි, මත්පැන්රැ, බත් පැකට් දීලා, රැස්වීම්ස් වලට සෙනග නෙවි ඕනා කරන්නේ. මතිවරනයදී චන්දයී ඕනා කොරන්නේ. ඔච්චර ලොකු පක්ෂයක මහා ලේකම් කියන කතාද මේ.
නරිය කිව්වලු මිදිත් තිත්තයි කියල කඩා ගන්න බැරි උනාම
අන්තවාදීන් එක්ක එකතුවීමේ ප්‍රතිඵලය තමා මේ. හාමුදුරුවරු හිරේ දැම්මා.රණවිරුවෝ හිරේ දැම්මා.මුලතිව් පන්සලකට යන්න බැහැ බෞද්ධයෙකුට.නැගෙනහිර පන්සල් විනාශ කළා. කැලේ කැපුවා.මහබැංකුව කැඩුවා.ඔන්න ප්‍රතිඵල ලැබෙනවා.
නායකතුමා වටේ ඉන්න සමහරු නිසා තමා අපි පරදින්නේ. හැම දිස්ත්‍රික්කෙටම ඒ වගේ කෙනෙක් ඉන්නවා. ඒ ගොල්ල බලන් ඉන්නේ මහින්ද 90% ක් ඇල්පිටියෙන් ගන්නකන්. එතකොට අපේ පක්ෂය සුලු ජාතික පක්ෂයක්ද?
දුප්පතාගේ හිතවතා සජිත් ප්‍රේමදාස මැතිතුමා දිනවමු.සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පූජක, නළු, මාධ්‍ය, නීති, සිසු, මේ දස මහ බලවේගය අපේ මව්බිම පැරකුම් යුගයක් නැවතත් අරඹව් ජය භූමිකරේ ලංකා ...!!!
එක්සත් ජාතික පක්ෂය ඉතා ඉහළ ජයග්‍රහණයක්. 1977 මැතිවරණවලදී පවා බෙන්තර ඇල්පිටිය ආසන්නයෙන් එජාපයට හිමිවුයේ අඩු ඡන්ද ප්‍රතිශතයක් වේ.
මෙයා කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ.ඇල්පිටියෙ ප්‍රතිඵලවලින් උතුරු නැගෙනහිර ඡන්ද කොට්ටාස වල ප්‍රතිඵල නං පිලිඹිබු වෙන්නෙ නෑ.
ඔහොම කිව්වට පපුව ඩිග් ඩ්ග් ගානවා ඇති නේද?
මෙයාලා දිනුවානම් බලන්න තිබුන කියන කතා.මේ ඔක්කොම එකයි. කවුරු ඡන්දෙන් දින්නත් හැමදාම ජනතාවයි පරාද. ඉදිරියටත් එහෙමයි.
මුන් හිතාගෙන ඉන්නේ අපි බූරුවෝ කියල වෙන්න ඇති.
"ඇල්පිටිය කියන්නේ ඉතා සුළු ප්‍රදේශයක්". අම්මප මෙහෙමත් සොයා ගැනීමක්. අපට තේරෙනවා ඔහේගේ දුක. හොටුත් පෙරෙනවා. මට දුක රටට හරි හමන් විකල්ප පක්ෂයක් නැති එක ගැනයි. ලී කුවාන් යු, මහතීර් මොහමඩ් වගේ නායකයෙක් නැති එක ගැනයි. ඒ හින්ද මිනිස්සුන්ට සිද්ද වෙලා තියෙනවා එක එක රැවටිලිකාරයින් පස්සේ යන්න.
හරි මල්ලි ඔයා හරිමය් කියල හිතාගෙන ඉන්න
මහින්ද, ගෝඨා සහෝදර සංස්ථාවට පොඩ්ඩක් වැරදිලා වගෙයි ! මේ යුගල හිතුවලු මේ චුටි චන්දෙන් පොහොට්ටුවේ මලයා ශ්‍රී ලංකාවේ ජනාධිපති හැටියට තේරී පත් උනා කියලා. හීනෙන්ද දන්නෙත් නැහැ. වතුර ටිකක් බීල ආයෙත් පොඩ්ඩක් නිදාගන්න යන්නකෝ..... පව් අනේ.
සජිත් කොහොමද රනිල්ට වඩා විෂ්මකර්මයෙක් වන්නේ. මිනිස්සු දන්නවා සජිත් තවම නොමෙරූ, බොළඳ බබෙක් කියල. ආණ්ඩුවෙන් දීපු මුදල් වලින් පෙට්ටි ගෙවල් හදාදීල හිතනවානම් රට අල්ලන්න ඒවා බොරු. අඩුමගානේ ඔහුට ජ්‍යාතන්තර මට්ටමේ පිළිගැනීමක් රනිල්ට මෙන් තිබේද? ලංකාවේ ජනයා දැන් මෝඩ නැත. ඔවුන් බලන්නේ එන පුද්ගලයාගේ දේශීය හා විදේශීය මුහුකුරා ගිය දැනුමත්, පිලිගැනීමත් , උගත් බවත්ය. ඒ අතින් රනිල් සජිත්ට වඩා පියවර ගණනාවකින් ඉදිරියේ සිටී.
නොදකින් උගත් බුද්ධිමත් තවත් එක් මෝඩයකුගේ කතාව. මේ අපේ රටේ මහජන නියෝජිතයන් වැඩ්පුර කාලය ගත කරන්නේ රටට සේවයක් කිරීමට නොවේ තමන්ගේ පක්ෂේ බලය තබා ගැනීමට නිකන් ද මිනිසුන් මේ 225 ක් වූ හැතිකරයට හැලිවදුරන් කියන්නේ.
පැරදීම දිනුම වැදගත් කමක් මිනිසුන්ට නැත..// පැරදීම නිවටයන්ට නම් බොක්කට වැදී ඇත..// ආවේ මහජන සේවයට බව තොට අමතකද ..// බලාපිය හරක්මදුවක් ලෙස තිබු ඒ පාසැල දෙසට..///
සජිත් පිටු පස ඉන්න පතාක යෝධයෝ .. ගයන්ත, සුජීව, අජිත් පී , මද්දුම බණ්ඩාර, හර්ෂ, චන්ද්‍රානි ..., ඔක්කොම කරන්නේ බොරුව...,කට විතරයි.. තමන් ගේ ආසන වල සීයට විසි පහක් වත් චන්ද ගන්න බැරි උන්... ගොඩ ඉඳන් නැව් පෙරලන උන්.. මුන් ට කියන්න පොළොවේ පය ගහලා මිනිස්සු ලඟට යන්න.., වැඩ කරන්න කියලා . ඔයාටත් කියන්න තියෙන්නේ එච්චරයි.
බැරි වුනහම මිදි තිත්තයි මහත්තයෝ
ඊළගට කියයි ජනාධිපතිවරණ ප්‍රතිඵලෙන් මහ මැතිවරණ ප්‍රතිඵල මනින්න බැහැ කියලා. මෙයාලා කියන බණ අහන්න යූඇන්පී කාරයොවත් නෑකියල තමයි අපිට නම් කියන්න තියෙන්නෙ.
ඇත්තටම මේක හොඳ උදාහරණයක් පොහොට්ටුවේ මේ අවස්තාවේ තිබෙන ඡන්ද බලය මනින්න.. ඔවුන් පසුගිය පළාත් පාලන මැතිවරනේය්දී ලැබූ ජනප්‍රියතාවය එසේම තිබෙනවා හෝ වැඩිවෙලා කියන ප්‍රවනතාවයයි මේ සාම්පලයක් මගින් පෙන්වන්නේ. අකිලට අධ්‍යාපන ඇමති හැටියට සංඛ්‍යා දත්ත පිලිබඳ දැනුමක් ඇත්තටම තිබෙනවානම් එය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනා. ඒ මිසක් බෙන්තර ඇල්පිටියේ හිටපු රූපා කරුණාතිලක මහතාට අපහාස වෙන විදිහට ඇල්පිටියේ පරණ චන්දත් අඩු බව පෙන්නලා කතාව මග හැරීම ලොකු දෙයක් නෙවෙයි.
අකිල ලොකු දෙයක් පෙන්නලා තිබෙනවා යුඑන්පී එකට උතුරු කොළඹ සහ මැද කොළඹ වගේය පොහොට්ටුවට ඇල්පිටිය කියලා. උතුරු කොළඹ සහ මැද කොලඹ සුළු ජාතික චන්ද වැඩියි නේද. ඒ කියන්නේ යුඑන්පී එක දිනන්නේ සුළු ජාතික චන්ද වැඩි දිහාවලින් කියන එකයි. ඒක නිසාද බෙන්තර ඇල්පිටිය වගේ දිහාවලට වැඩි බරක් නොදමන්නේ. ඒ පැතිවල ඉන්න චන්දදායකයන්ට වැඩි සැලකිල්ලක් දෙන්න ඕන නැහැ කියන එකද මේ කියන්නේ.
2015 දී රනිල් ගේ මෙහෙයවීමෙන් ඇල්පිටිය 41%ක් ඡන්ද යූඇන්පීයට ලැබුනා. සජිත් නාමයෝජනා දුන් ගමන් රවුමක්ම ඇවිදගෙන ගියා..රනිල් ආවෙම නැහැ. සජිත්ට ලැබිලා තියන්නේ 24%ක් විතරයි. ඇයි ඒ?...... පැහැදිලියි... සජිත්ට පක්ෂයේ අයම උදවු කරන්නේ නැහැ..........කකුලෙන් අදිනවා.
රනිල්ට අත්වූ තවත් අන්තපරාජයක් ! 40% වගේ චන්ද පදනමක් එක්ක 1994 ගත්තු පක්ශය 25% විතර ලස්සනට බැස්සුවා. තව 10ක් ඔහොමම අල්ලන්න හිටියන් අර ශ්‍රිලනිපයට වුන දේම කරන්න පුලුවන් වෙනවා..
පලවෙනියෝ අන්තිමයෝ වනු එත ශුද්ද වූ බයිබලය
මේ විදියට සිංහල මිනිස්සුන්ට අපිව පෙන්නන්න බැරි වුනේ අපේම වැරදිවලින්... බදුර්දීන්ගේ ඡන්ද 35000 ගන්න ගිහින් අපිට නැතිවුනේ ලක්ෂ 30ක ඡන්ද... අපේ නායකයන් වෙනස් වෙන්නේ නැත්නම් අපිට ගෙදරින් එළියට එන්න බැරිවෙයි. ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්නේ කොහොමද?
එතකොට ඔබගෙ පක්ශය ජයගත්තා නම්...ඔබගේ මුකයෙන් එලියට එන්නේ ඔය වචනමද?
හිතේ දුකට එතකොට කවි කියවෙනවා... ඔහොම යමු පොක්ස්වගන් හදපුවගේ ඒවත් ඔහොම තමා.
මෙයා සිංහල චන්ද අමතක කරපු නිසා අද වෙනකොට පෙරමුණේ තීන්දු ගන්නේ එජාපය නොවෙයි අනිත් පක්ෂ. අද සජිත් මහත්තයට අපේක්ෂක කම දුන්නේ පසුපෙලේ බලයට නොවෙයි, හකීම්ගේ බලයට. පෙරමුණේ සුළු පක්ෂ මධ්‍යස්තව ඉන්න වෙලාවේ හකීම් තමයි සජිත් ඕන කියල අරගල කලේ . අන්තිමට ඔහු ජයගත්තා
අනේ අකිල මහත්තය කණගාටු ඇති නේද . නිකන් කයවරු කියවන්නේ නැතුව ඉන්ඩ. බලන් ඉන්ඩ නියමෙට හෙදෙන්නේ ජනාධිපති වරනේදී . එතකොටත් ඔහේ ලජ්ජාවට බක බක ගීතය කියයි . අපට සතුටේ බැරුව යයි. ඔහෙලා වේදිකාවල මොරදෙන්නේ දැන් ලංකාව සුරපුරක් කරනවා කියල . එතකොට මෙච්චර කල් පොල් ගෑවද. ජනාධිපති වරනේ දාට ගල් අරක්කු බාගයක් ගහල නිදාගන්ඩ
කවුරු මොනවා කිව්වත් පොහොට්ටුව ජනපතිවරණය ජය ගන්නවා. දෙපක්ෂයේ ප්‍රචාරක වැඩ සටහන් අනුව ලබා ගන්න ප්‍රතිශතය දැනට තිබෙන මට්ටමට වඩා අඩු වැඩි විය හැකිය.
පොහොට්ටුවට චන්දෙ දුන්න අයට ස්තුති කරන්න ඕන ඔවුන් මෙහෙම චන්ද දුන්නේ නිකන් බෙදුව බඩු පොඩි අරගෙන නිසයි . කොටින්ම ඇල්පිටියේ අයට ගාල්ල කිට්ටුව ඉඩම් පවා දුන්න
මොවුන් ජීවත් වන්නේ මෝඩයාගේ පාරාදීසයක වගේ
කවරේ වෙනස් කලාට ඇතුලේ එකමයි කියලා මිනිස්සු දන්නවා.
ඇත්ත තමයි. සමස්ත ජනමතය ඔයාටත් වඩා බොහොම නරකයි එජාපයට... දැන් මොනවා කරන්නද? බැංකු කොල්ල කාලා යටිමඩි ගහලා එනවා ඡන්දෙ ඉල්ලන්න.
බම්බුව තමයි. ඔයාලා හැමෝම කරන්නේ ජනප්‍රිය දේශපාලනය. රැලි වල ඔළුගෙඩි වලින් ඡන්දේ දිනන්න බැහැ. එහෙම නම් මහින්ද තාම ජනාධිපති. මතකයිනේ කාදිනල්තුමා කිව්ව බොරුවට යටිගිරියෙන් රැස්වීම්වල කතාකරලා වැඩක් නැහැ. මිනිස්සු දැනටමත් තීරණය කරලා ඉවරයි කාටද ඡන්දේ දෙන්න ඕනෑ කියලා...
ප්‍රධාන පක්ෂ දෙකම උෟරු තණකොළ වවනවා... 16 වැනිදට ඡන්දෙ දාන්න යන බයියන්ට මලවලා දෙන්න.
මෙයා ඉන්න ගෙවල් දොරවල් පවා රනිල් අරන් දීපුවා... පක්ෂයේ සල්ලිවලින්.... රනිල්ගෙන් තොර ජීවිතයක් මෙයාට නැහැ.
නොවැම්බර් 17, ඔහොම්ම කියමු. අනේ රට කාපු බබාලා..
දැන් ඉතින් එහෙමවත් හිතලා හිත සතුටු කරගනිල්ලා.
කෝ මේ චතුර
අඟල්වලින් අඩිය මනින්න බෑ කීවම අසන්නා දැනගත යුතුයි.
සහතික ඇත්ත අකිල. රට පුරාම ඔබලා වගේ හරක් ඉන්නවා. ඇල්පිටිය වාගේ නෙවෙයි!
එකනේ කියන්නේ ඔයාල ඉන්නේ ජනතාව එක්ක නෙමෙයි කියල. මේ පාර දෙමල හා මුස්ලිම් අයගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගොටභයට ජන්දේ දෙනවා . එදාට කියන්න සමස්ත මැතිවරණ ප්‍රතිපලය මත ජනතාවගේ කැමැත්ත තීරණය කරන්න බැහැ කියල
නොවැම්බර් 16 ඔය වගේ ප්‍රතිඵලයක් වත් අනික් පක්ෂ ඒද කියන එක සැකයි
මහත්තයෝ , රනිල් අගමැති කරන්න කවුද හංසයාට ඡන්දෙ දෙන්නේ . ලංකාවේ බත් කන හරක් තමා රනිල් අගමැති කරන්න හදන්නේ . පව් සජිත් .
ඔව්, මේ ප්‍රතිඵලය ඇල්පිටියට විතරයී,බය වෙන්න දෙයක් නැහැ. උතුරු නැගෙනහිරින් එන්නෙ මීට වඩා තනිකර වෙනස් ප්‍රතිඵලයක්,
රටම සජිත් සමඟයි.
රට කන එජාපය ගෙදර යන එක නියතයි.
කිතුල් ගහට නැග්ග මිනිහටත් තිබ්බනේ මොනවා හරි කියන්න. මොවුන් නායකයෝද? හිතෙන්නේ නැද්ද ඉරිසියාව වපුරන නිවට මිනිස්සු ඉන්නේ කොතැනද කියලා... හරියට බැලුවොත් පේන්න, ඇහෙන්න තියෙනවා නේද?