(සිරංගිකා ලොකුකරවිට)
ඇල්පිටියේ ගොලුවමුල්ල කෘෂිකාර්මික අධි කලාපයක බිම් සැකසීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ටෙන්ඩර් වංචාවක් සිදුවෙමින් පවතින බවට දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමය චෝදනා කරයි. ඔවුන් මේ පිළිබඳ රජයේ විගණක දෙපාර්තමේන්තුවට ද අද (29) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම භූමිය සැකසීම රුපියල් ලක්ෂ 60කට ආසන්න ඇස්තමේන්තුවක් අනුමත කර කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඊට අදාල මුදල් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇත. මේ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීම සඳහා සීමිත ටෙන්ඩර් කැඳවා තිබිය දී ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන්වීමටත් පෙර කොන්ත්‍රාත් සමාගමකට අදාල කාර්යය භාර දී තිබෙන බව නිදහස් සේවක සංගමය චෝදනා කරයි.
එම සංගමයේ සභාපති පී.කේ.අජන්ත මහතාගේ අත්සනින් විගණක දෙපාර්තමේන්තුවට යොමුකර ඇති ලිපියේ දක්වා ඇත්තේ ටෙන්ඩර් කැඳවා එම ක්‍රියා පටිපාටිය අවසන්කිරීමටත් පෙර කොන්ත්‍රාත්කරුවකු විසින් පසුගිය 24 වැනි දා අදාල ඉඩමේ සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති බවයි. මෙම කොන්ත්‍රාත් සමාගමේ පුද්ගලයකු විසින් ටෙන්ඩර් පත්‍රිකා තුනක් ඉන් පසු 27 වැනි දා මුදල් ගෙවා ලබාගෙන ඇති බවත් වෙනත් සමාගම් දෙකක නම් ද ඔහු විසින්ම සඳහන් කර තිබීමෙන් ව්‍යාජ මිලගණන් ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බව ඉන් පැහැදිලි වන්නේ යැයි ද ඔවුන්ගේ පැමිණිල්ලේ සටහන් කර ඇත.
මෙම පැමිණිල්ල පිළිබඳ අප විගණක දෙපාර්තමේන්තුවෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධීකාරියේ ටෙන්ඩර් වංචාවක් පිළිබඳ පැමිණිල්ලක් ලැබුණු බවයි. ඒ අනුව ක්‍රියාත්මක වෙමින් අදාල ටෙන්ඩර් පොත වසා දැමීමට කටයුතු කරන බව ද විගණක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී පී.පී.වික්‍රමසිංහ මහත්මියගෙන් ඒ පිළිබඳ විමසූ විට ඇය කියාසිටියේ, මෙම කෘෂිකාර්මික ඉඩම සංවර්ධනය කිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු ශ්‍රමය යොදා සිදුකිරීමට තීරණය කර ඇති බවයි. එබැවින් ටෙන්ඩර් කැඳවීමක් සිදු නොවන බවත් එල්ලවන චෝදනාවල සත්‍යතාවක් නොමැති බවත් ඇය කියා සිටියාය.
සාමාන්‍යාධිකාරීවරිය එසේ කීව ද මෙම ටෙන්ඩරය ප්‍රධානය කිරීම දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඇල්පිටිය කාර්යාලය මගින් ලබන සඳුදා (01) සිදුකිරීමට සැලසුම් කර ඇතැයි සේවකයෝ පවසති. ඇල්පිටිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයට ටෙන්ඩරයක් ලබාදිය හැක්කේ උපරිම රුපියල් 500,000ක මුදලකට යටත්ව බැවින් ලක්ෂ 60ක් වූ මෙම ටෙන්ඩරය එම කාර්යාලය මගින් පිරිනැමීම නීත්‍යානුකූළ නොවන බවද ඔවුහු පෙන්වා දෙති.
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1013
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඇල්පිටියේ කෘෂිකාර්මික කලාපයක බිම් සැකසීමේ ව්‍යාපෘතියක ටෙන්ඩර් වංචාවක්