IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇමෙරිකා තානාපතිනිය නව විදේශ ඇමති හමුවෙයි

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශික සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් මෙරට ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතර හමුවක් විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ව්‍යසනයෙන් ඇති වූ පාරිසරික හා සමාජ-ආර්ථික බලපෑම අවම කිරීම සඳහා ලබාදුන් සහයෝගය පිළිබඳව එක්සත් ජනපදයට ස්තූති කළ විදේශ ඇමැතිවරයා, තවදුරටත් සහයෝගීතාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සංවර්ධන නිලධාරීන්ට පුහුණුව ලබාදීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය, එක්සත් ජනපද නියෝජිතායතනය සහ ලංකා වාණිජ මණ්ඩලය අතර මෑතක දී සිදු වූ ත්‍රෛපාර්ශ්වීය සහයෝගිතා ලිපිය විදේශ ඇමැති ජී.එල් පීරිස් මහතා සාදරයෙන් පිළිගත්තේය.

ඒ මහතා ඇමරිකාවේ පෞද්ගලික අංශය මඟින් ශ්‍රී ලංකාවේ සිදුකරන ආයෝජන ද සාදරයෙන් පිළිගන්නා ලදී.

එක්සත් ජනපද - ශ්‍රී ලංකා හවුල්කාරිත්ව සංවාදය කැඳවීම, වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුම පිළිබඳ කොමිෂන් සභාව සහ එක්සත් ජනපද - ශ්‍රී ලංකා ආංශික සංවාද කැඳවීම ඇතුළුව අනෙකුත් ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව ද විස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.

කලාපීය සහයෝගිතා රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරු සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුවට පැමිණ සිටියහ.

 



අදහස් (3)

ඇමෙරිකා තානාපතිනිය නව විදේශ ඇමති හමුවෙයි

Nuwan Monday, 23 August 2021 01:58 PM

පිටරට තානාපතින්ට එපා වෙලා ඇති... අවුරුද්දට හය හත් පාරක් විෂය සම්බන්ධ අලුත් ඇමැතිලා හමුවෙලා...!!!

:       0       4

විපරමා Monday, 23 August 2021 04:15 PM

මෙයා වතාවක් ඇමරිකාවට ආපු වෙලේ හිමින් සැරේ ලිස්සලා ගියා. ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙයි කියලා...

:       0       0

මුණසිංහ Monday, 23 August 2021 05:28 PM

එයාලාට සතුටු ඇති... පතෝල මැස්සක් ලැබුණු එක ගැන...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site