(රංජන් කස්තුරි)
ඇමෙරිකානු රජයේ මිලේනියම් චැලෙන්ජ් අරමුදල ශ්‍රී ලංකාවට ඇමරිකානූ ඩොලර් මිලියන 480 ක්(දළ වශයෙන් රුපියල් කෝටි 8400 ක් පමණ) ප්‍රදානයක් ලබාදීමට තීරණය කර තිබේ.
ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ලැබුණු විශාලතම මුල්‍ය ප්‍රදානය මෙය වන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමට අනුව එම මූල්‍ය ප්‍රදානය ලබාදීමට මිලේනියම් චැලෙන්ජ් අරමුදල තීරණය කර තිබෙන බවද මුදල් අමාත්‍යාංශය කියයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති තුනක් වෙනුවෙන් වසර 5 ක් ඇතුළතදී එම මූල්‍ය ප්‍රදානය පිරිනැමීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නේ බලලා ටික ටික මල්ලෙන් එලියට
මේ ඔක්කොම එකකට එකක් සම්බන්දයි. ප්‍රහාරයෙන් ට්‍රම්ප් ගෙනියන මුස්ලිම් විරෝධී වැඩපිළිවෙල ඇමෙරිකානුවන් තුළ තවත් අනුමත උනා. ඒ වගේම ලංකාවේ වැඩ වලට මැදිහත් වෙන්නත් පුළුවන් උනා. අපේ පාලකයෝ මේක හිතලම සිද්ද වෙන්න දුන්නද කියලත් හිතෙනවා. තවත් ඉරාකයක් සිරියාවක් නොවේවා කියල ප්‍රර්ථනා කරනවා.
මේ සල්ලිවලට හුවමාරුවට, රනිල් මොනවා ලියලා දීලද දන්නේ නැහැ. මේ කට්ටිය රටට නොදන්වා බොහෝදේ කරලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. ඒ විතරක් නොවෙයි, කැබිනට් එකටත් නොදන්වා කරපු දේවල් තියෙනවා. හැබැයි එකක් ඇමෙරිකානු රජයට අපේ රටෙන් කෑල්ලක් හරි හමුදාව මෙහාට ගෙනඑන්න පහසුකම් හරි, ..මොනවා හරි " රට ඇමෙරිකාවට පාවාදෙන " දෙයක් අත්සන් කරලා නම් එයට සහභාගි වුණු සියලු දෙනාටම මරණ දණ්ඩනය දිය යුතුයි. එය නීතියෙන් බැරි වුනොත් මහා ජනයා කරනු නියතයි.
ඉතාම සුන්දර ඇමක්? ඔය ඇම කනවට වඩා හොඳයි වර්චස් පිඩක් අනුභව කළානම්? අතින් කාලා හරක් බලන එවුන් ඇමරිකාවේ නැති බව පමණක් මතක තියාගනිල්ලා
රනිල් කොහොමත් රට ආර්ථික වශයෙන් දියුණු කරන්න දක්ෂයි. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් හොද පිලිගැනීමකුත් තියෙනවා.
පිටරට සහනාධාර ගන්න රජය අහිංහක ජීවිත බිල්ලට දීලා වගේ නේද?
ඔව්.. අපි දැන් පුරුදු වෙලා ඉන්නේ හිඟාකන්නනේ ... කාලයක් උතුරේ යුද්ධේ විකුණගෙන කාපු අයට ඉතින් පිට රටවලින් හිඟා කන එක අලුත් දෙයක් නෙමේ.. ආයෝජකයෝ ගෙන්වාගෙන නිෂ්පාදන පටන් ගන්නවා වෙනුවට ලේසි රස්සාව තෝරාගෙන තියෙන්නේ.. එයා කෝච්චියේ හිඟාකෑවා නම් මීට වඩා නම්බුයි..
ගිය සතියේ ප්‍රහාරයෙන් සිදුවුණු පාඩුව අඩු කළාම... මේ ප්‍රදානයෙන් ලැබුණු වාසිය බින්දුවයි.
ඔය දෙනා සල්ලි නිකන් නම් දෙන්නේ නැහැ. යටි හිතේ දේවල් තියාගෙන තමයි දෙන්නේ.
රනිල් කොහොමත් රට ආර්ථික වශයෙන් දියුණු කරන්න දක්ෂයි. ඒ වගේම ඔහුට ජාත්‍යන්තර වශයෙන් හොඳ පිලිගැනීමකුත් තියෙනවා. ඒත් කොහෙද මේ රටේ එක එකාගේ බල තණ්හාවයි, ජනාධිපතිවරුන්ගේ මෝඩකම් වලිනුයි, නූගත් මිනිස්සුයි, කොහෙද යන ත්‍රස්තවාදීන් හින්දයි මේ මනුස්සයට කරන්න හම්බෙන්නේ නෑ. අනිත් ඡන්දෙ වෙද්දි මේ ආණ්ඩුව ප්ලැන් කරල යන හැම දෙයක්ම ලබන ආන්ඩුවෙන් ඉවර කරගෙන ඔය මෝඩ මිනිස්සුන්ගෙ කනටත් රිංගයි. කොහෙද ඉතින් ලංකාවේ ආණ්ඩු තෝරන්නේ පරම්පරා ආච්චිලා සීයලා කියන විදියටනේ...
ඇමෙරිකාව ඔවුන්ගේ වැඩ පටන් ගන්නයි යන්නේ. මොවුන් පයගහපු ඕනෙම රටක් බලන්න ගියා මිස වෙනවැඩක් කළේ නැත. අපේ රටේ මුහුදු සීමාවේ තියන තෙල් ගන්නයි මොවුන්ගේ උත්සාහය... FBI ලංකාවට ආවා වගේම මොවුන්ට රටේ බින්න බහින්න දෙන්න එපා කියලයි කියන්නේ. යුද්ධය කාලේ නැති FBI දැන් මොකට ආවද? අපේ හමුදාවට ශක්තිය තියනවා අයිසිස් නැති කරන්න.
1960 ඇමරිකානු විද්ද්වතුන් රැස්වෙලා තිරණය කළලු ඉදිරියට ආර්ථික සහ ලෝක දේශපාලන සැලසුම වහල් ව්‍යාපාර එලසින් පවත්වාගත නොහැකි නිසා එය අතහැර දැමීම ( නමුත් අද එය සරණාගත යන නම යටතේ මේ වනවිටත් ) සියලුම පරිසර දුෂණය වන කර්මාන්ත ටික චීනයට බර දීම එමගින් චීන වහලුන්ගෙන් වැඩ ගැනීම සහ ඇමරිකාවේ පරිසර දුෂණය නැවත්වීම ( චීනයට බාරදුන් කර්මාන්ත වන්නේ යකඩ ව්‍යාපාර , ප්ලස්තික් ව්‍යාපාර සහ හානිකර රසායන ද්‍රව්‍ය ආදී වසයෙන් ) අද චීනය ඇමරිකානු ගැටයට හසුවී හමාරය ඔවුන්ට චීනයේ මිනුසුන්ට සැලකිය නොහැක (සුළු වැටුපකි ,වහලුන් මෙන් වැඩ ගනී) මන්ද යත් සිය නිෂ්පාදන වල මිල අනිත් රටවලට වැඩ අඩු මට්ටමකින් පවත්වාගැනීම සදහා ඔවුන්ගේ මුදල් චීනයට අරගෙන නොයයි , එම මුදල් වෙන රටවල ආයෝජනයට සහ වෙන රටවල දේශපාලකයන් මිලට ගැනීමට සහ වෙනත් කටයුතු සදහා යොදවි .