ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඉදිරියේදී අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශ්වික ආරක්‍ෂක ගිවිසුම හෙවත් “සෝෆා” ගිවිසුමේ ඇතැම් වගන්තිවලින් ශ්‍රී ලංකාවේ ස්වෛරිභාවයට හානියක් සිදුවන බව එම ගිවිසුමේ කෙටුම්පත විමර්ශනය කිරීමේදී පෙනීයන බව සන්ඬේ ටයිම්ස් දේශපාලන ලියුම්කරු කීය.
ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව මේ වන විට එම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා පවත්වමින් තිබේ.
සෝෆා ගිවිසුමේ කෙටුම්පත අනුව මෙහිදී ඇමෙරිකානු නැව් සහ ගුවන් යානා පරික්‍ෂාවකින් තොරව තබා ගැනීමට ඇමෙරිකාවට හැකියාව ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙරළාරක්‍ෂක නාවික හමුදාවට හෝ වෙනත් හමුදාවකටවත් රේගුවටත් මෙරට රඳවා තිබෙන නාවික යාත්‍රා හෝ ගුවන් යානා පරික්‍ෂා කිරීමටවත් ඒවාට ඇතුළුවීමටත් අවසර නොලැබේ.
කිසියම් රටටකට අයත් භූමියක හෝ මුහුදු සීමාවක් තුළ රඳවා තිබෙන ගුවන් යානාවක්, යාත්‍රාවක්, වාහනයක් පරික්‍ෂා කිරීමට එරට ආරක්‍ෂක අංශවලට ඇති ස්වෛරි අයිතිය අන්තර්ජාතික වශයෙන් පිළිගත්තකි.
කෙසේ වෙතත් යෝජිත සෝෆා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවෙන් බලපත්‍ර නොගැනීමට, රේගු බදු නොගෙවීමට සහ වෙනත් ගාස්තුවක් නොගෙවා සිටීමට ඇමෙරිකාව මාන බලන බවක්ද පෙනේ.
එපමණක් නොව ශ්‍රී ලංකාව තුළ කුමන හෝ ප්‍රදේශයක ඇමෙරිකානු හමුදා සේවයේ යෙදී සිටින විට ඔවුන් හමුදා නිල ඇඳුමෙන් තබා ගැනීමේ බලය හිමිකර ගැනීමටද ඇමෙරිකා රජයට අවශ්‍ය වී තිබේ.
තවද ඇමෙරිකානු හමුදාව සතු අවි ආයුධ සහ සන්නද්ධ උපකරණ නිදහසේ තබා ගැනීමට ද මෙම ගිවිසුම හරහා ඇමෙරිකාවට අවශ්‍ය වී තිබේ.
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුමත සාමාන්‍ය නීතියට අනුවත් එලෙස ආයුධ තබා ගැනීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියට සහ ඒකාබද්ධ හමුදාවල පමණි.
මීට අමතරව, ඇමෙරිකානු හමුදාවලටත් කොන්ත්‍රාත්කරුවන්ටත් තනි තනිව හෝ සමූහිකවත් තමන්ගේ අනන්‍යතාව භාවිතා කර නිදහසේ ශ්‍රී ලංකාවට පිවිසීමට, පිටත්ව යාමට හැකියාවක් ඇති කර ගැනීමටද ඇමෙරිකානු බලධාරීන් මෙම ගිවිසුම හරහා ඉටුකර ගැනීමට නියමිතය. එහි අර්ථය නම් වීසා හෝ ගමන් බලපත්‍ර භාවිතයකින් තොරව ශ්‍රී ලංකාවට පිවිසීමට ඔවුන්ට ඉඩ ලැබීමය.
COMMENTS
මේ ඉන්න පාලකයින් නැවත කිසිදා බලයට නොගෙන ආ යුතුයි. මොවුන් මේ රට තමන්ගේ බූදලයක් කියලා හිතාගෙන කරන්නේ තමන්ට ඕන ඕන විදිහට විනාශ කරන එකයි. අන්තිමට වෙන්නේ ඇමරිකාවේ යුද්ධ වලට අහක යන අපිත් සම්බන්ධ වෙන එකයි. කෝ අර පාඨලී චම්පික, සාධාරණ සමාජය වගේ උදවිය කොහෙද හැංගිලා ඉන්නේ?
ශ්‍රීලංකාව තවත් සිරියාවක් කරන්න කිසිම විටෙක ඉඩ තියන්න බැහැ...සියලු ජනතාව එකට අත්වැල් බද එක මෙන් මෙයට විරුද්ද වෙන්න ඕනි...ඇමෙරිකාව ඇත ගැහුවා රටක් කවදාවත් හොදක් උනේ නැහැ, සිරියාව, ලිබියාව, ඉරාකය, හොදම නිදසුන්.....ඇමෙරිකාව කියන්නේ අනෙක් රටවල් විනාශ කරන පිළිකාවක්..........
උතුරු නැගෙනහිර විතරක් මේ අයට දෙන්න අපේ අකමැත්තක් නෑ.....
රටට වින කරන මැති ඇමතිවරුන්ට මෙන්ම මන්ත්‍රීලාටද ගල්ගසා හූ කියමින් එලවා දැමීමට ජනතාව පෙළ ගැසිය යුතුයි. අපට රටක් නැතිවන තෙක් බලා සිටිය නොහැක. ජනතාවනි පෙරට එන්න හූකියන්න ගල්ගසන්න.
ගිවිසුම නම් මරු.. ඔබේ අම්මා අම්මා.. අපේ අම්මා සුම්මා.. එතකොට අපේ කට්ටිය අමෙරිකාවට යද්දී ගමන් බලපත්‍රය අවශ්‍ය නැද්ද?
ලංකාව අාපහු සුද්දා අල්ලාගන්න හදන්නේ... මේ යන විදිහට... සුද්ද දන්නවා ඔවුන්ගේ යුද උපක්‍රම වලට ලංකාව හොඳ තැනක් කියලා.. අපේ හරක් නිදාගෙනනේ ඉන්නේ..
මෙවැනි පාවාදීම් කරන පාලකයින් ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි...
මෙතුමාට දොන් ජුවාන් කියන නම තිතට ගැලපෙනවා! මෙවැනිම ගිවිසුමක් තමා එදා එතුමා පරන්ගිත් එක්ක ගිවිස ගත්තේ!
අති භයානක තත්වයක්. වර්ථමාන පඹ ආණ්ඩුව ඔවුන්ගේ සුඛවිහරණය සඳහා විශාල ගැටලු ඇතිකර වේදිකාවෙන් බැස යාවි. රටට සදාකාලික ගැටලු ඉතිරි වේවි. රටම එකමුතුව මේ ගිවිසුම ගෙන ඒම නතර කළ යුතුයි. පාහරයින් බලයෙන් පහකර දැමිය යුතුයි.
ගෝඨා මහතාට ස්තුතියි.. 2014දී අත්සන් කරපු ගිවිසුම...
අගමැති ඇතුළු මුළු කැබිනට් එකම ශ්‍රී ලංකාවේ පරම හතුරෝ තොපිට හොඳක් නම් වෙන්නේ නැහැ .....
ඉතා හොඳයි ,චීනයට වඩා. !!!!! ජයවේවා මංගල සමරවීර මතිදුනි.
එතකොට අපිටත් ඇමරිකාවට වීසා නැතුව යන්න දෙනවද?
කෝටි දෙකක ජනතාවට කොලේ වහලා නැවත ආපස්සට හැරවීමට නොහැකි ආකාරයේ මෙවැනි ගිවිසුම් ගසන ඒකාධිපති අගමැතිවරයෙක් මේ රටේ මින් පෙර ඉදලා තියෙනවද. මිනිස්සුන්ට මේ ගිවිසුම් ගැන දැනගන්න නොදීමත්, රාජ්‍ය පරමාධිපත්‍ය පාවා දීමත්, ජනමත විමසීමකින් තොරව හිතු මනාපෙට වැඩ කිරීමට අගමැති ප්‍රමුඛ පිරිස ගත් මේ ක්‍රියා මාර්ගයට ඔවුන්ට ශාප වෙනු නොඅනුමානයි.
මෙවැනි ගිවිසුමක් අප්‍රිකානු රටක් එක්කත් මේ ලඟදි ඇමරිකන් කාරයෝ ගහන්න ගිහින් එහෙ රටේ මිනිස්සු විරුද්ධ වෙලා නවත්තල දැම්ම , රට ආදරේ සියලුම පුරවැසියන් මේ ගිවිසුමට විරුද්ධ වෙන්න ඕනේ
මෙම ලිපියේ තිබෙන ආකාරයට යම් සිදුවීමක් වෙනවානම් එය මෙරටේ විනාශයට හේතුවේවි. යමෙකු මෙවැනි ගිවිසුමක් අත්සන් කරනවානම් ඔහු තරම් ද්‍රෝහියෙක් තවත් නැතිවේවි
ඇමරිකාවේ භාවිතය අපි මැනවින් දනිමු. ඔවුන්ට පාලනය කිරීමට නොහැකි රටවල් වලට අභූත චෝදනා එල්ලකර එවැනි බොහෝ රටවල් (සිරියාව, ඉරාකය ) ඔවුන් බිමට සමතලා කර දැමීය. අපේ රටේ රාජ්‍ය නායකයන් රටෙහි ස්වාධිනත්වය බන්දේසියක තබා ඇමරිකාවට භාරදීමට පිඹුරු පත් සකස් කොට අවසන්ය. අහෝ ලංකා මාතා !!!!!!!
මෙම ගිවිසුම 1995 ඉඳන්ම ද්වි පාර්ශවිකව අත්සන් කරලා තිබුණත් ලංකාවට ඉතාම අවාසිදායක ගිවිසුමක් , අපි ඉස්සර ඉඳන්ම මෙම ගිවිසුම ඇමරිකාව සමග අත්සන් කරලා තිබුනත් පසුගිය කාලේ ඇමරිකාව අපිට ජිනිවා වලදී සැලකුව ආකාරය ඉතාම නරකය , එම තොරතුරු දැනගෙන ජිනිවා ප්‍රශ්නවලදී නිහඩව සිටි අපේ පසුගිය සහ වර්තමාන නායකයන් මේවා සමග ගනුදෙනුකල වර්තමාන සහ හිටපු ආරක්ෂක ලේකම් වරු ගැනත් මට ඇත්තේ ඉතාම පිළිකුලකි , කාදිනල් තුමා පසුගිය දිනක කල කතාව ඉතාම සත්‍යයකි , පසුගිය වසර 71 තුල අපේ නායකයෝ කාලේ අපිව දිගින්දිගටම අගාධයකට දැමීම හැර වෙන කුමක්ද ?
දැන් වත් ඔලුව ඇතුලේ තියෙන මොලය පාවිච්චි කරන්න අවුරුදු 71 ක් රට කල අන්තිමට රට ඇමරිකන් කාරයට දෙන්න හදන්නේ
මේ රටට මේ තරම් හානියක් කරන්නට යන්නෙ ඇයි. මේ රට ඇමරිකාවේ යටත් විජිතයක් කරනවා එක අත්සනකින්. මේ ආණ්ඩුව සාපයක් වුණ තරම් මේ රටට...
ඇමෙරිකාවේ යටත් විජිතයක් වෙන්න පුළුවන් මේ ගිවිසුම අනුව
ඇමෙරිකානු හමුදාව ලෝකේ කොහේ ගියොත් ඒ රට විනාශයි. ඔවුන් ගිය කිසිම රටක් දියුණු වෙලා නැහැ. ඔවුන් ගිය රටවල්වල හැමදාම අනවශ්‍ය අභ්‍යන්තර ගැටුම්. අපි කොව්රුත් දන්නවනේ 2009 අවසන් සටනේදී ප්‍රභාකරන්ව බේරන්න මේ ඇමරිකාව මොන තරම් උත්සාහ කල එක. මිනිස් ජීවිත, දේපලවලට මොන තරම් හානිවුනත් ඔවුන්ට කමක් නැහැ. මොකද්ද ඔවුන්ට ඕන වෙලා තියන්නේ ඔවුන් නිෂ්පාදන කරන අවි ආයුද විකුණා ගන්න. මේ ගැන කාර්දිනල්තුමා පැහිදිලිව ප්‍රකාශ කළා. ඔවුන්ට පහසුවෙන් රිංගන්න පුළුවන් රට මේ රට. දැන් මහින්ද රාජපක්ෂ බොරුවට මේ ගිවිසුමට විරුද්ධ වුනාට, ඔහුගේ පාලන සමයේදී තමා, ඔහුගේ සහෝදරයා හිටපු ආරක්ෂක ලේකම් හැටියට ගෝඨා විසින් ඔහුගේ ඇමරිකානු රට වෙනුවෙන් මෙම ගිවිසුම පටන්ගත්තේ.
අවාසි සහගත ගිවිසුම් ගැසීමට කප් ගැසූ ආණ්ඩුවක්. ටයිකෝට් ගැසුවාට බුද්ධිය බිංදුවයි. පිටස්තරයෙක් ලියපු ගිවිසුම් හොර රහසේ අත්සන් කර උප නූපන් දරුවන් ගේ අනාගතය ගලවා නොහැකි පරිදි විනාශ කරනවා.
ලක්ෂ 62ටනම් සැහෙන්න සතුටු ඇති රටට මෙහෙම වෙනවා දකිද්දි.....
මේක තමයි වීරවංස කිව්වේ මුල ඉඳලම අපේ කට්ටිය ගණන් ගත්තේ නෑ ඒ කාලේ......
මෙය පුදුමයට කරුණක් නොවෙයි .ශ්‍රී ලංකේය නාමයක් ගත්තාට අද රට පාලනය කරන්නෙ සිතුම් පැතුම් සහ කද බඩ ඇමරිකන් ගැති පිරිසක් නම් ,ඉදිරි ජනාධිපතිවරණයේ ඉල්ලුම් කරන්න බලන් ඉන්නෙත් ඇමරිකන් පුරවැසියන් නම් රටට වෙන්න යන විනාශය කාට කියන්නද .මේ හැම කෙනෙක් ගේම බැංකු ගිනුම් පිටරට නම් තියෙන්නේ අපිට මොනා උනාම මොකද .
කොච්චර ශෝක්ද? එතකොට ලංකාවේ හමුදාවේ අයටත් පාස්පෝර්ට්, වීසා නැතුව ඇමරිකාවේ යන්න පුළුවන් නේද?
මට හරිම පුදුම තවමත් මේ ගැන නොදන්නා රට වැසියෝ කොච්චර නම් ඉන්නවද? සමීක්ෂණයක් කළොත් තේරෙයි 1% ක් වත් මේ භයානක ගිවිසුම් ගැන දන්නවද ලංකාවේ?
ශ්‍රි ලංකාව ඇමරිකාවට යුධමය වශයෙන් ඉතා වැදගත් මර්මස්ථානයකි .විශේෂයෙන් ත්‍රිකුණාමලය වරාය වැනි ස්ථාන කලාපයේ බලය තහවුරු කර ගැනීමට ඇමරිකාවට වැදගත් වෙයි තවද අප නොදන්නා තවත් කරුණු රාශියක් කෙරෙහි අමෙරිකාව ඇස ගසා සිටියි. අනාගතයේ මිනිසුන් යුධ වදින්නේ පිරිසිදු ජලය සදහායි.ශ්‍රි ලංකාවේ සිංහරාජ වනාන්තරය ශ්‍රි පාද කදු ආශ්‍රිත වනාන්තර වල ඇති පිරිසිදු ජලය කෙරෙහිද ඔවුන් ඇස ගසා සිටියි. මීට අමතරව ශ්‍රි ලංකාව ජෙව විවිධත්වය අතින් ඉතා පොහොසත් රටකි අතීතයේ අපේ රටේ දියුණු කෘෂි කර්මාන්තයක් දේශීය වෛද්‍ය ක්‍රමයක් තිබිණි මේවා පිලිබඳවද ඇමරිකාව ඇස ගසා සිටියි. දැනටමත් ඔවුන් අපේ සිංහරාජ වනාන්තරයට ඇතුලුව ජාන මංකොල්ල කෑමට පටන් ගෙන ඇත. අවාසනාවකට වර්තමාන නායකයන්ට අවශ්‍ය ව ඇත්තේ අමෙරිකාවෙන් නොව පිට සක්වළකින් හෝ හමුදාව ගෙනත් ජීවිත කාලයම බලයේ රුදී සිටීමයි. ඉතිහාසයෙන් අප ඉගෙන ගත් පාඩම් මොවුන් දන්නේ නැත.පෘතුගීසීන්ගෙන් රට බේරා ගැනීමට ලන්දේසීන් ගෙන් උදව් ගැනීමට ගොස් අපට අත්වූ ඉරණම ඔවුන් දන්නේ නැත. මන්ද ඔවුන්ඉතිහාසය නොදනී.
ලංකවේ සමහර අය ට ඇමෙරිකා ව පෙන්නේනේ රාක්ෂයෙක් වගේ. අප අමතක නොකළ යුතු දෙයක් තිබේ. ඇමෙරිකා තවම ලෝක බලවතා. අප දක්ෂනම් යකාගෙන් හෝ වැදගත හැකිය. ඇමෙරිකාව අපට වැඩ දයකද නැතිනම් අවැඩ දයකද යන්න තීරණය වන්නේ අප ඔවුන් සමග සම්බන්ද තා පවත්වන ආකාරය අනුවය. ලෝකයේ බොහෝ දියුණු වූ රටවල් ඇමෙරිකාව සමග හොද සම්බන්දකම් පවත්වාගත් රටවල්ය. දකුණු කොරියාව ජපානය වැනි රටවල් ඇමරිකාව සමග හොද සම්බන්දකම් පවත්වාගෙන යති. ඒ අනුව ඇමෙරිකා එම රටවලට බොහෝ උපකාර කර ඇත. සමහර රටවල ඇමරිකානු යුද කදවුරු පවා ඇත. ජපානයේ ඇමෙරිකානු යුද කදවුරු පවා ඇත. නමුත් ජපානයේ අභිමනයට එයින් හානියක් සිදුවී නැත. අප බොරුවට අපගේ අභිමානය ගැන කතා කලාට අපේ රටට ලෝකයේ පිළිගැනීමක් නැත. ආර්ථික වශයෙන් ශක්තිමත්ව විනයවත් පුරවැසියන් ලෙස පෙනී හිටියොත් තමා ලෝකය අපිව පිළිගන්නේ. මෙම තත්වයට යාමට අපිට තනිව අසීරුය. බලවතකුගේ සහය තිබේනම් අපට එය ලෙහෙසියෙන් කල හැක. ඉරාකය ලිබියාව වගේ රවල්වලට වුනේ ඔවුනට එරෙහිව කටයුතු කිරීම නිසා. මා එම රටවල් වල සංචාරය පවා කොට ඇත. ඇඟිල්ලේ තරම දැන කටයුතු කල හොත් වරදින්නේ නැහැ.
මේවා අද ඊයේ වෙන දේවල් නොවේ. අතීත පාලකයෝත් මෙහෙමම ගිවිසුම් ගහලා තිබුණා. අපේ කරුමෙට අපේ මුළු විදේශ වෙළඳාමෙන් 35-40ක්% විතර උපයන්නේ අමෙරිකාවෙන්... ඉතින් හැම ආණ්ඩුවක්ම අසරණ වෙනවා. අපි ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනකම් මේ අසරණකමෙන් බැට කන්න වෙනවා. අපි භේදභින්න වෙලා ගහගන්න තාක්කල් අපිට ආර්ථික වශයෙන් උඩට එන්න බැහැ...
ඔය ගිවිසුම පත්තරේ දාන්නකෝ... ජනතාවට කියවලා බලලා තීන්දුවක් ගන්න. ඕකේ භයානකකම ජනතාවටත් කියවා බලා තේරුම් ගන්න.
ඇමරිකාවටයි, චීනේටයි, ඉන්දියාවටයි, දෙමළ අයටයි, මුස්ලිම් අයටයි රට දීලා අපි රටින් යමු.
දැන් තිබෙන ජිනීවා සම්මුතිය අනුව ඕන රටක යුද නැව් රටකට අයත් මුහුදට ඇතුල් වූ විට රේගුව පරික්ෂා කරන්නේ නැහැ. එසේ පරීක්ෂා කළොත් ලංකාවේ තහනම් ද්‍රව්‍ය ඕනෑතරම් හමුවෙනවා. එම ආකාරයෙන්ම අහස් යාත්‍රාවක් හදිසි හේතුවක් නිසා ගොඩබැස්සත් රේගුව එ්ක පරීක්ෂා කරයි කියලා හිතන්න අමාරුයි. ලංකාවේ අය බොරුවට බෙරිහන් දෙනවා. බලෙන් අාවොත් පාස්පෝර්ට් අරගෙන එන්නේ නැහැ. යුද්ධයක් තිබුණොත් පැය භාගයක් පමණ වේලාවක් පැවතෙන්න ඉඩ තිබෙනවා...
මෙතන මගේ නමින් අදහස් දමලා තියෙන්නේ මම නෙමි. වාසනාවට මට මේ වගේ මෝඩ අදහස් නැහැ
ලංකාවේ තියන ඇමරිකන් ඩොලර් ටිකත් නිකම්ම වගේ යයි තල්ලු වෙලා ඔය සාක්කු වල. අනේ අපේ මැදපෙරදිග ජනතාව නැහිලා නැහිලා එවන සල්ලි ටික
යකෝ ඕකට ඔච්චර දඟලන්න ඕනේද? අපිටත් අැමෙරිකාවට යන්න වීසා නැතුව ඔය ගිවිසුමෙන්ම හදා ගනිල්ලකෝ... එච්චරනේ තියෙන්නේ...