(බිඟුන් මේනක ගමගේ)
ආණ්ඩුවේ ප්‍රධානීන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය ඇමෙරිකානු පුරවැසිකම් අත්හැර ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් ඇමෙරිකාවට උපරිම විරෝධය දක්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටින්නේ යැයි එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද(26) පැවැසීය.
සිය හමුදාපතිවරයාට සංචාරක තහනමක් පැන වූ ඇමෙරිකාවට එරෙහිව එවැනි පියවරක් ගැනීමේදී ජනාධිපතිවරයාටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටත් පෙරමුණ ගත හැකි යැයි ටිල්වින් සිල්වා මහතා කීය.
එසේ නොකොට ජිනීවා යෝජනාවේ සමදායකත්වයෙන් ඉවත්වීම දේශපාලන රංගනයක් පමණකැයි ද එහි අරමුණ ඉදිරි මහමැතිවරණයේදී නැවතත් දේශප්‍රේමය කුළුගැන්වීම යැයි ද ටිල්වින් සිල්වා මහතා චෝදනා කළේය.
ජ.වි.පෙ ලේකම්වරයා මෙම අදහස පළ කළේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ට හෙට (27) දැනුම්දීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිල මතය ගැන කළ විමසීමේදීය.
ඇමෙරිකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වුණද සමඅනුග්‍රහ යෝජනාව එයින් ඉවත් නොවූ පසුබිමක ලංකාව ඉවත් වූවා යැයි කියා යෝජනාව ඉවත්වන්නේද යන්න පැහැදිලි නැතැයි ද ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා කීය.
2009 යුද්ධය අවසන් වූ අවස්ථාවේ එක්සත් ජාතින්ගේ මහලේකම් බෑන් කි මූන්ට ආරාධනා කර ඒකාබද්ධ ප්‍රකාශයක් අස්සන් කිරීමෙන් මහින්ද රාජපක්ෂ රජය මීට මුල පිරුවේ යැයි චෝදනා කළ හෙතෙම එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ලංකාවට පැමිණීමත් දරුස්මාන් කමිටු වාර්තාව සැකැසීමත් සිදුවුණේ ඒ අනුව යැයි කීවේය.
2015 සමඅනුග්‍රහ යෝජනාවට ජවිපෙ විරුද්ධ වෙද්දී එය අගයමින් කතා කළ පිරිස් වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරු යැයි ද එනිසා වගඋත්තරකරුවන් ළඟ තබාගෙන වෙනත් පාර්ශ්වවලට ඇඟිල්ල දිගුකිරීමෙන් ආණ්ඩුවම හාස්‍යට ලක්ව ඇතැයි ද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයර්ලන්තේ සම්බන්ධකම් තිබ්බට කමක් නැද්ද?
මානව හිමිකම් මණ්ඩලයෙන් බලපෑම් වලට එක හේතුවක් වන්නේ ශ්‍රී ලංකාවේ බෙදුම් වාදීන්ගේ කියුම් හා කෙරුම්ය. දැන් මේ අදහස ඉදිරිපත් කරන ඔබගේ පක්ෂය ලංකාවේ සිටින බෙදුම්වාදීන් සමග සමීප සබඳතාවයක් පවත්වන බව කවුරුත් දන්නා දෙයකි. අනිත් අයට අවවාද දීමට පෙර ඔබගේ පක්ෂය හා ලංකාවේ බෙදුම්වාදීන් සමග තිබෙන සම්බන්ධකම් නවත්වන්න...
පහුගිය ආණ්ඩුව සම අනුග්‍රහය දෙද්දී මෙයාගේ ලොක්කා විධායක සභාවේ අරලිය මැදුරේ පදිංචි වෙලා හිටියා... දැන් මොකෝ මේ වෙලා තියෙන්නේ?
මේ කියන්නේ පොහොට්ටුවේ ලොකු ලොක්කන් ගැන නේද? එක කකුලක් ඇමෙරිකාවේ අනෙක ලංකාවේ...
ප්‍රංශ පුරවැසිකම තිබ්බ සෝමවංශ පක්ෂ නායකයා වෙලා ඉන්නකොට කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියානු පුරවැසිකම තියාගෙන පක්ෂෙ රහස් නායකයා වෙලා ඉන්නකොට මෙයා කොහෙද හිටියේ..?
මගේ අම්මේ රතු අලි පැටියාගේ රඟපෑමේ දක්ෂකම... ගාමිණි ෆොන්සේකාලා, විජය කුමරනතුංගලා පරාදයි. 2015 රජය බලයට පත් කරනකොට, මේ රතුඅලි පැටව් ටික එසේ මෙසේ කොටන් රාශියක්ද ඇද්දේ? අපරාදේ කියන්න බෑ - රනිල් මහත්තයා නියමෙට UNP හෙණ්ඩුවෙන් මේ රතුඅලි පැටව් රංචුව, හීලෑකරලා බලා ගත්තා. 1971 සහ 1988-89 වගේ, දැන් පරණ විදියටම කුලප්පු වෙන්න වගේ යන්නේ...
මට නම් මේ අයගේ කතාවලට අදහස් ලියන්නත් හිරිකිතයි... ඒ තරමටම රටට පිළිලයක්..
මේ යක්කු මගුල් කතා කරනවා... ඔයාලා ඒ කාලේ පාරවල් අයිනේ තිබුණු පොල්ගස් විදුලි රැහැන් උඩට කපල දාලා, ට්‍රාන්ස්ෆෝමර් පුපුරවලා, බෝක්කු පාලම් පුපුරවලා රට විනාශ කළා. අපි එව්වා අායෙත් හදන්න බදු ගෙව්වා. එව්වටත් බදු ගෙවන්න වෙන්නේ අපිටමයි. අම්මපා මේ අයට අතින් ටිකට් එකක්වත් අරන් දීලා අර චීනේ හුබෙයි ප්‍රාන්තෙට ගිහින් දැම්මා නම් තව අවුරුදු පහක් පාර්ලිමේන්තුවේ බුරියානි කවනවට වැඩියෙන් වටිනවා. මුණ පෙනෙනකොටත් අපේ ඇඟේ මාලු නටනවා.
කිව්වොත් කියන්නේම ගොන් කතාවක්මයි. පම්පෝරි ගහන ලිඳේ ඉන්න මැඩියන් වගේ... ලෝකේ ගැන දැනුම බිංදුවයි. ඕවා හොඳ අධි හීනමානයෙන් පෙලෙන ජවිපයේ අයියලාට... මෙදා 1%ක් වත් ගනීද කියන එක සැකයි..
සම්බන්ධන්ලාගේ සුමන්දිරන්ලා ද්විත්ව පුරුවැසියන් වශයෙන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඊළඟ මැතිවරණයටත් ඉල්ලනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ ඒකට විරුද්ධව වචනයක් කියන්නේ නැහැ. පවුල්වල අයගේ පුරවැසිකම් ගැන කථාකරනවා.
ටිල්වින් ගොයියත් "කවටයා අමුණේ" ඉහළින්ම ඉන්න කවටයෙක්මයි. කිව්වොත් කියන්නේ අමරමරි මෝඩ කතාමයි. විජේවීර උන්නැහේ හිටියා නම් මේවගේ " කෑදැත්තන්ට " පයින් ගහල එලවලා දාන්නේ...
හදිසියේ ආණ්ඩුව පෙරලිලා බලය තිබෙන කාලේ හොරකම් කරපුවා ගැන හොයන්න පටන් ගන්නවා කියලා ආරංචිය දැනගත්ත ගමන්ම ඇමෙරිකන් පුරවැසිකම තිබෙනවා නම් පුළුවන් පවුල පිටින්ම අන්තර්ජාලය හරහා ටිකට් එකකක් බුක් කරගෙන, පැය 3-4 ඇතුළත රටින් පිටවෙලා යන්න. එහෙම අත්‍යාවශ්‍ය දෙයක් හමුදාපතිට ඇමරිකාවට එන්න එපා කියලා කිව්වා කියලා ඔවුන් අතාරිවිද? අනිත් පක්ෂ ගැන කතාකරන්න ඉස්සරවෙලා කියන්න බලන්න ඔබලාගේ හිටපු නායක සෝමවංශ අමරසිංහ 89 - 2001 අතර කාලයේ හිටියේ කොහෙද කියලා? රුසියාවේද? චීනේද? කියුබාවේද? නැහැ එංගලන්තේ ලන්ඩන් නුවර...
මේ කියන්නේ පොහොට්ටුවේ ලොකු ලොක්කන් ගැන නේද? එක කකුලක් ඇමෙරිකාවේ අනෙක ලංකාවේ...
ඇයි ඔයාට එකක් නැති හින්දා ඊර්ශ්‍යාවද? බොරුවට බුරන්නේ නැතිව ඉන්න.
මොනවද ඔය කියන කතා. එහෙම ඇයින් කර ගත්තොත් වැඩේ වැරදුනාම පනින්න තැනක් නෑනේ.
ලංකාවේදී දිත්ව පුරවැසිභාවය ලබාගැනීමේදී ශ්‍රී ලාංකිකයන්ගෙන් අයකරන විශාල මුදල ඉතාම අසාධාරණයි. සමහරවිට විදේශයකට ගිහින් රැකියාව කරන්නේ එක්කෙනයි. පවුලේ හතර පස් දෙනෙකුට තමන්ගේ රටේම පුරවැසි භාවය ලබාගන්න ලක්ෂ 10ක් පමණ වියදම් කරන්න වෙනවා. සමහරුන්ට මේ වගේ විශාල මුදලක් ගෙවන්න බැහැ. ඒ නිසා මේ මුදල අඩුකරන්න ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමුකරන්න.