(ඉන්දිකා රමෙනායක)
මැදවච්චිය රම්බකුලම ප්‍රදේශයේ නිවසක අධි බලැති පුපුරණ ද්‍රව්‍යයක් වන ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 75 ප්‍රමාණයක් නිවසක තබාගෙන සිටි පුද්ගලයෙක් විශේෂ කාර්ය බළකායේ සෙට්ටිකුලම කඳවුරේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුට මේවා ළඟ තබා ගැනීම සඳහා කිසිදු බලපත්‍රයක් නොමැති බවද බව ද විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරගම පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි .
මොහු සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ මොහු පදිංචි කුලී නිවස වැටලීමේදී එහි තුල තිබී මෙම අධිබලැති පුපුරණ දුව්‍ය සොයාගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මොහු බණ්ඩාරගම සිට මෙම ප්‍රදේශයට පැමිණ කිසියම් ත්‍රස්ත ක්‍රියාවක් සඳහා මෙම අධිබලැති පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගන්න සිටියේද යන්න හෙළිකර ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වේ.
අත්අඩංගුවට ගත් සැකකරු මැදවච්චිය පොලිසියට බාර දී ඇත .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.